
ඕමාන සංචාරය අතරතුරේ, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ඕමානයේ ඉහළම ගෞරව සම්මානය හිමිවිය.
අග්‍රාමාත්‍ය මෝදි, දෙදින සංචාරයක් බලා ඕමානයට ගියේ ජෝර්දානයේ සහ ඉතියෝපියාවේ සංචාරය කරමිණි. මෝදි, ඉතියෝපියාවට ගියේ පළමු වරටය. ඉතියේපියා රජයේ ඉහළම ගෞරව සම්මානය ද මෝදිට හිමිවිය.
ඕමානයේ දී මෝදිට හිමිවූයේ ඔෆ් ඕමාන් සම්මානයයි. ඕමානයේ සිවිල් වැසියකුට පිරිනැමෙන ඉහළම සම්මානය මෙය යැයි පැවැසෙයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සම්මානය පිරිනමනු ලැබුවේ ඕමාන් සුල්තාන් හයිතම් බින් තාරික් විසිනි.
මේ වනවිට ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට රටවල් 28 කින් ගෞරව සම්මාන හිමිවී ඇති බව ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටවල් 28ක තියා 100ක සම්මාන ගත්තත් ට්‍රම්ප්ගෙන් තමයි ගන්න බැරි වුණේ...