ඉන්දීය සම්භවයක් සහිත ඇමෙරිකානුවකු වන කාෂ්‍යප් (කාෂ්) පටෙල් ඇමෙරිකන් එෆ්.බී.අයි. ෆෙඩරල් විමර්ශන ඒකකයේ ප්‍රධානියා ලෙස පත් කෙරුණි.
කාෂ් පටලේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතම හිතවාදියෙකි. එෆ්.බී.අයි. ප්‍රධානියා ලෙස එම ධුරයට ඔහු නම් කළේ ට්‍රම්ප්ය. ඒ අනුව, සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය ඊට හිමිවිය.
සෙනෙට් මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ද ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය සතුවය.
කාෂ් පටලේ උපත ලබා ඇත්තේ 1980 වසරේය. ඔහුගේ මව සහ පියා ගුජරාඨ වැසියන්ය. ඇමෙරිකාවට පැමිණීමට පෙර, පටලේ හැදී වැඩුණේ දකුණු අප්‍රිකාවේය.
පටෙල්, එක්සත් රාජධානියේ යුනිවර්සිටි කොලේජ් ලන්ඩන් නීති විද්‍යාලයෙන් නීති උපාධියක් ලබා ගෙන ඇත. ඔහු ජාතික ආරක්ෂක උපදේශක සහ බුද්ධි තොරතුරු පිළිබඳ නිවාස ස්ථීර තේරීම් කාරක සභාවේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා ලෙස ද කටයුතු කර ඇත.
(එන්.ඩී.ටීවී.)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
එෆ්.බී.අයි. ලොක්කා ඉන්දීය සම්භවයක් ඇති කාෂ් කටෙල්