IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


උඩින් යද්දී නියමුවන් නිදි

අභ්‍යන්තර ගුවන් ගමනක් අතරතුරේ, එම ගුවන් යානය පියාසර කරමින් සිටි නියමුවන් දෙදෙනාට නින්ද යෑමේ පුවතක් ඉන්දුනීසියාවෙන් වාර්තා වේ.

මෙසේ නින්ද ගොස් ඇත්තේ ඉන්දුනීසියාවේ ජනප්‍රිය ගුවන් සේවයක් ලෙස සැලකෙන 'බතික් එයාර්' ගුවන් සේවයට අයත් එයාර් බස් ‘ඒ 320’ වර්ගයේ මගී ගුවන් යානයක නියමුවන් දෙදෙනකුටය.

එම අවස්ථාවේදී යානය, ඉන්දුනීසියාවේ සුලවෙසි දූපතේ ගුවන්තොටුපොළේ සිට ජාකර්තා අගනුවර ගුවන්තොටුපොළට තෙක් පියසර කරමින් තිබුණි. නියමුවන් දෙදෙනා ද සමඟ යානයේ මගීන් සහ කාර්ය මණ්ඩලය 153 දෙනකු සිට ඇත.

නියමුවන්ට නින්ද යෑමෙන් යානය, සුළු වේලාවකට, නියමිත ගමන් මාර්ගය මඟ හැර වෙනත් දිසාවකට පියාසර කර ඇත.

කෙසේ නමුත්, නියමු පාලන කුටියේ අනතුරු නළා නාද වීමත් සමඟ වහා අවදි වූ නියමුවෝ, යානය නියමිත දිශාවට පියාසර කරවීමටත්, ඉන්පසු එය ජාකර්තා ගුවන්තොටුපොළට ගොඩබෑමටත් සමත් වූහ.

පසුගිය ජනවාරියේ සිදුවුණු මෙමප සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ද පැවැත්වුණු අතර, ඉන්දුනීසියා මාධ්‍ය ​මෙම සිද්ධිය පිළිබඳ අනාවරණය කළේ එම විමර්ශන අවසන් වීමෙන් අනතුරුවය.

විමර්ශනයේ දී හෙළි වී ඇත්තේ, 32 හැවිරිදි ප්‍රධාන නියමුවා යානය ගුවන් ගත වීමෙන් පැය භාගයකට පමණ පසු, සහායක නියමුවාට දන්වා ඇත්තේ තමන්ට විවේකය අවශ්‍ය බැවින් ගුවන් යානයේ පාලනය ගන්නා බාර ගන්නා ලෙසය.

සහාය නියමුවා ඊට අවනත වී ඇති නමුත් පසුව ඔහුට ද නින්ද ගොස් ඇත.

තම බිරිඳ, මාසයකට පමණ පෙර නිවුන් දරුවන් බිහි කළ බවත්, දරුවන් බලා ගැනීමට බිරිඳට සහාය පළ කළ බැවින් පසු දා තමන්ට හරිහැටි නින්දක් නොලැබුණු බවත්, තමන්ට නින්ද ගියේ ඒ නිසා බවත්, විමර්ශනයේ දී සහාව නියමුවා නිදහසට කරුණු දක්වා ඇත.

එසේ වුවත්, 'බතික් එයාර්' ගුවන් සේවය නියමුවන් දෙදෙනාගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන ඇත.



අදහස් (2)

උඩින් යද්දී නියමුවන් නිදි

Guwan Niyamu Tuesday, 12 March 2024 04:30 AM

සහාය නියමුවා ඔටෝ පයිලට් සෙටින් එක ක්‍රියාත්මක කරලා නැද්ද?

:       1       0

Janindu Perera Tuesday, 12 March 2024 01:02 PM

Autopilot දාන්න නැතුව ඇති. ගුවන් ගමනකදි නියමුවන් නිදාගැනීම සාමාන්‍ය දෙයක්

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site