ඉරානය සමග තවදුරටත් සාකච්ඡා පැවැත්වීමෙන් පලක් නොවන බවත්, ඇමෙරිකා ඉරාන සටන් විරාමය අවසන් බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරමින් තිබූ වෙළෙඳ නෞකා තුනකට ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාව ප්‍රහාර එල්ල කිරීමත් සමග, ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඇමෙරිකන් ගුවන් හමුදාව යළිත් වරක් ඉරානයට පහර දීමත් සමගය.

නේටෝ මහ සමුළුව මේ වනවිට තුර්කියේ අන්කාරා නුවරදී පැවැත්වෙයි. ට්‍රම්ප් ද ඊට සහභාගී වෙයි. ඉරානය සමග තවදුරටත් සාකච්ඡා පැවැත්වීමෙන් පලක් නොවන බවත්, ඇමෙරිකා ඉරාන සටන් විරාමය අවසන් බවත් ට්‍රම්ප් පැවැසුවේ තුර්කියේ සිටය.

‘ඉරානය සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට තමන්ට අවශ්‍ය නැහැ. සාකච්ඡා කිරීමෙන් පලක් නැහැ. එක් කාලය නාස්ති කිරීමක්’ යැයි ඇමෙරිකන් ජනාධිපතිවරයා අවධාරණය කළේය.