ඉන්දියවේ උතුරු දිග ඌරියා ප්‍රදේශයේදී සංක්‍රමණික කම්කරුවන් පිරිසක් රැගත් ට්‍රක් රථයක් අනතුරට ලක්වීමෙන් 23 දෙනකු මියගොස් 35 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
අවන්හලක් අසල නවතා තිබූ ට්‍රක් රථය තවත් ට්‍රක් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇත.
බිහාර්, ජාර්කාන්ද් හා බටහිර බෙංගාලයේ සිට පැමිණි සංක්‍රමණිකයින් පිරිසක් මෙලෙස අනතුරට ලක්ව තිබේ.
ඉන්දියාවේ කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් හදිසියේ පැනවූ අගුලු දැමීමෙන් බොහෝ සංක්‍රමණික කම්කරුවන් නගරවල සිරවිය.
දෛනික වැටුප් මත යැපෙන මොවුන් රැකියාව අහිමි වීම හේතුවෙන් ගම්බිම් වලට යෑමට උත්සාහ කළද පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවූ නිසා බලවත් අපහසුතාවයන්ට මුහුණ දුන් බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
කිලෝමීටර් සිය ගනනක් දුර පයින් ගමන් කිරීම හෝ ට්‍රක් රථවල පිටුපස එල්ලී ගමන් කිරීම හැර වෙනත් විකල්පයක් ඔවුනට නොවීය.
පසුගිය සතියේ එලෙස තම ගම්බිම් කරා පයින් ගමන් කළ පිරිසක් දුම්රිය මාර්ගයේ නිදා සිටින විට ඔවුන් මතින් දුම්රියක් ගමන් කිරීම හේතුවෙන් හය දෙනකු මිය ගියහ.
සංක්‍රමණික කම්කරුවන් නැවත සිය ගම්බිම් කරා ගෙනයෑම සඳහා බස් රථ හා කුලී රථ යොදවන ලෙස උත්තර ප්‍රාන්තයේ මහ ඇමති යෝගී ආදිත්‍යනාත් විසින් ප්‍රාන්ත පොලිස් නිළධාරීන්ට නියෝග කර තිබිණි. පයින්, බයිසිකල් වලින් හෝ ට්‍රක් රථ වලින් ගමන් කිරීම ද තහනම් කළේය.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඉන්දියාවේ සංක්‍රමණික කම්කරුවන් රැගත් ට්‍රක් රථයක් අනතුරට ලක්වීමෙන් 23 ක් මරුට