IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ඉන්දියාවේ මැතිවරණ නිලධාරීන් 33 ක් මැරිලා

 
ඉන්දීය මහ මැතිවරණය නිමාවට පත් වෙද්දී, ඡන්ද මධ්‍යස්ථානවල, මැතිවරණ රාජකාරි කළ මැතිවරණ නිලධාරීන් තිස් තුන් දෙනකු අධික උණුසුම දරාගත නොහැකිව ජීවිතක්ෂයට පත් ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
 
මරණ වාර්තා වන්නේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයෙනි. මේ වනවිට, ඉන්දියාවේ උතුරු සහ මධ්‍ය ප්‍රාන්ත දැඩි උණුසුම් කාලගුණයකින් බැට කයි. ඇතැම් ප්‍රාන්ත සහ නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 49 පසු කර තිබේ.
 
‘ඒක ඇත්තටම කනගාටුදායකයි. මියගියේ මැතිවරණ කටයුතු සාර්ථක කර ගැනීමේ අරමුණින් ඒ වෙනුවෙන් කැප වී රාජකාරි කළ නිලධාරීන් තිස් තුන් දෙනෙක්.’ යැයි උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රධාන මැතිවරණ කොමසාරිස්වරයා ලෙස කටයුතු කරන නව්දීප් රින්වා මාධ්‍ය හමුවේ පවසා ඇත.
 
මියගිය එක් නිලධාරියකු වෙනුවෙන් ඉන්දීය රුපියල් මිලියන 1.5 ක වන්දි මුදලක් ලබා දීමට ඉ්දීය රජය තීරණය කර ඇති බව ද නව්දීප් රින්වා මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.
 
ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පෙන්වා දෙන අන්දමට, මේ දිනවල ඉන්දියාවට බලපා ඇති දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් මියගිය සමස්ත ඉන්දියානුවන් ගණන 58 කි. මරණ වාර්තා වී ඇත්තේ උත්තර ප්‍රදේශ්, බිහාර්, මධ්‍ය ප්‍රදේශ්, ඔඩිස්ෂා යන ප්‍රාන්තවලිනි.
 
දින 44 ක් තිස්සේ, අදියර 7 ක් යටතේ පැවැති ඉන්දීය මහ මැතිවරණය ඊයේ (2) වැනිදා අවසන් විය. ඡන්ද මධ්‍යස්ථාන මිලියනයක් පිහිටුවා තිබුණු අතර, මැතිවරණ නිලධාරීහු මිලියන 15 ක් ඒවායේ රාජකාරිවල නිරත වූහ.
 
ඡන්ද ගණන් කිරීම හෙට (4) උදෑසන 8.30 ට ආරම්භ වනු ඇති අතර නිල වශයෙන් ප්‍රතිඵල නිකුත් කිරීම හෙට (4) රාත්‍රියේ හෝ අනිද්දා (5) උදෑසන සිදුවනු ඇත. 
 



අදහස් (7)

ඉන්දියාවේ මැතිවරණ නිලධාරීන් 33 ක් මැරිලා

Kasu n Monday, 03 June 2024 03:55 PM

මෝදිව බලයට ගේන්න උදව් කරපු හින්දා ස්වභාවධර්මය දුන්නා නියම දඬුවම...

:       31       17

amaraMonday, 03 June 2024 06:21 PM

කසුන් අනේ මන්ද මොලේ අවුල් ද?

:       1       0

NimalTuesday, 04 June 2024 08:28 AM

ස්වභාවදහම එහෙම දඬුවම් දෙනවනම් ,මෙලහකට අපේ රටේ 225 න් වැඩි දෙනෙක් නෑ

:       0       1

පිටරටවැසියා Monday, 03 June 2024 04:28 PM

අනේ මන්දා Kasun. මේ මිනිස්සු කරලා තියෙන්නේ මැතිවරණ රාජකාරි මිසක් මෝදිගේ ඡන්ද කැම්පේන් එක නොවෙයි...

:       0       38

de silva Monday, 03 June 2024 06:14 PM

ඕක රන්ගෙට හෝ රනිල්ට ඇහෙන්න කියන්න එපා. ඔවුන් කියාවි මැතිවරණ නිලධාරියෝ මැරෙන නිසා ලංකාවේත් මැතිවරණ කල් දමමු කියලා...!

:       2       21

ජෙප්පා Monday, 03 June 2024 07:15 PM

ඉන්දියාවෙ කරැමෙට ජවිපෙ වගේ පක්ෂයක් එරටේ නෑනෙ. තිබුණා නම් මෙවැනි ස්විවභාවික විපත් එන එක කලින්ම දැනගෙන ඊට පිළියම් යොදනවා. අඩු තරමේ සෑම නිවසකටම විදුලි ජනන යන්ත්‍ර සපයනවා. මැතිවරණ ⁣රාජකාරිවලට යෑමට ඒසී වාහන දෙනවා. ඒකේඩී කෙනෙක් නැති පාඩුව ඉංදියාවට හොඳට දැනෙන්නෙ ඊළඟ ජන්දෙන් ලංකාවෙ ජනාධිපති විදිහට අනුර සහෝදරයා පත්වෙලා 6 මාසෙන් රට ගොඩ දැම්මම තමයි.

:       13       7

nanda Tuesday, 04 June 2024 09:22 AM

හොඳ නායකයෝ ඉන්න රටක් ,නිලධාරියෙකු රාජකාරියේදී මිය ගියාම ඉන්දියන් රුපියල් මිලියන 1.5 ඒ කියන්නේ ශ්‍රීලංකා රුපියල් මිලියන 3.4 (ලක්ෂ 34) ගෙවනවා. ඒකට අපේ රටේ ?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2033 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site