
ඉන්දියාවේ ‘කැරපොතු පක්ෂය’ යන නමින් හැඳින්වෙන ක්‍රියාකාරීන්, යළිත් වරක් නවදිල්ලි අගනුවර විරෝධතා ආරම්භ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.
මෙවර, ඔවුන් විරෝධතා පවත්වන්නේ, ඡන්ද නාම ලේඛන සම්බන්ධයෙන් සිදුවුණු අක්‍රමිකතා මුල්කොට ගනිමින්,
ඉන්දීය මැතිවරණ කොමසාරිස් ග්යානේශ් කුමාර් සිය ධුරයෙන් ඉවත් විය යුතු බව බල කරමිණි.
‘කැරපොතු පක්ෂය’ යනු පිළිගත් ලියාපදිංචි දේශපාලන පක්ෂයක් නොවෙයි. ‘කැරපොතු පක්ෂය’ ඉන්දියාවේ, ‘ජෙන් සී’ පරම්පරාවේ තරුණ තරුණියන්ගේ එකමුතුවෙන් පිහිටුවාගත් කණ්ඩායමකි. විරෝධතා පැවැත්වෙන්නේ මුම්බායි නුවර ‘ශිවාජි පාර්ක්’ උද්‍යානය කේන්ද්‍ර කොට ගනිමිනි.
මේ අතර, ඉන්දීය මැතිවරණ කොමසාරිස් ග්යානේශ් කුමාර් වහා ධුරයෙන් ඉවත් විය යුතු යැයි ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්රස් පක්ෂය ප්රමුඛ ‘ඉන්දියා විපක්ෂ සන්ධානය’ ද චෝදනා නගයි.
ග්යානේශ් කුමාර් වහා සිය ධුරයෙන් ඉවත් විය යුතුයි බල කරමින්, ‘ඉන්දියා විපක්ෂ සන්ධානය’ දීප ව්‍යාප්තව විරෝධතා සංවිධානය කර ඇතැයි ද පැවැසෙයි. ඉන්දියා විපක්ෂ සන්ධානයේ ක්‍රියාකාරීන් ලබන 6 වැනිදා දිල්ලි අගනුවර මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය වෙත විරෝධතා පා ගමනක් ද සංවිධානය කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd