
ජනගහන වර්ධන වේගය සහ උපත් අනුපාතිකය වාර්තාගත ලෙස පහත වැටීම හේතුවෙන්, සිංගප්පූරු රජය එරට, රාජ්‍ය සේවකයන් සඳහා, ‘ෆස්ට් ඩේට්’ නමින් මංගල සේවා ‘යෙදුමක්’ (ඇප්) හඳුන්වා දී ඇත. ඒ, නවතම ඒ.අයි. තාක්ෂණය ද යොදා ගනිමිනි.
අවුරුදු 21 සහ 35 අතර පසුවන රජයේ සේවකයන් සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම යෙදුම ආරම්භ කළ බව රජය පැහැදිලි කරයි. මෙය සාම්ප්‍රදායික සහකරුවන් සහ සහකාරියන් සොයා ගන්නා ආකාරයේ ‘යෙදුමක්’ (ඇප්) නොවන බවත්, රාජ්‍ය සේවයේ නියැළී සිටින්නන් වෙනුවෙන් විශේෂයෙන් සකස් කරන ලද්දක් බවත් පැවැසෙයි.
ජාතික ඩිජිටල් අනන්‍යතා පද්ධතිය හරහා ලියාපදිංචි වී, අදාළ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමෙන් මෙම ‘යෙදුම’ (ඇප්) සමග සම්බන්ධ විය හැකි අතර, වංචාකරුවන්ට හෝ වංචාකාරියන්ට හෝ හසුවීමේ ඉඩක් නොමැති බව ද පැවැසෙයි. සිංගප්පූරු ආරක්ෂක අමාත්‍යාංශයේ ද මැදිහත් වීමෙන් ‘ෆස්ට් ඩේට් යෙදුම’ නිර්මාණය කර ඇතැයි ද පැවැසෙයි.
සිංගප්පූරුවේ, උපත් අනුපාතිකය ඉතිහාසයේ පහළම අගයට වැටී ඇති බවත්, ගත වූ වසර 60 තුළ පළමු වතාවට 2025 දී උපත ලැබූ දරුවන් සංඛ්‍යාව 30,000 කට වඩා අඩු වී ඇති අතර, වැඩිහිටි ජනගහනය ක්‍රමයෙන් ඉහළ යමින් පවතී.
සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලෝරන්ස් වොං, අලුත උපදින සෑම දරුයකුටම, අවුරුදු 17 වනතුරු, සිංගප්පූරු ඩොලර් 70,000 කට ආසන්න මුදලක්, තිළිණ කිරීමේ නව ක්‍රමවේදයක් ද හඳුන්වා දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd