කජු, රටකජු, කොට්ටම්බා, වට්ටක්කා ඇට වර්ග ආහාරයට ගැනීමෙන් දීර්ඝායුෂ ලැබිය හැකි බව බ්‍රිතාන්‍යයේ ආහාර සංවිධාය විසින් කළ පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ. පිස්ටච්යොස් හා රටකජු වැනි ඇට වර්ග ආහාරයට ගැනීමෙන් ශික්තිජනක බීම හා විටමින් පානය කරන අයකුට වඩා දිගු කල් ජීවත්විය හැකි බව ඇමෙරිකාවේ බූස්ටන් සරසවියේ පිළිකා පර්යේෂණ හා නිවාරණ ආයතනයේ වෛද්‍ය චාර්ල්ස් ෆච්ස් පවසයි.
ඔවුන් මේ පර්යේෂණය සදහා වසර 20ක කාලයක් පුද්ගලයන් 119,000කගේ ජීවන රටාව අධ්‍යයනය කැර තිබේ. සතියේ දින හතම ඇටවර්ග අහුරක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ආහාරයට ගත් මිනිසුන් මරණයට පත්වීමේ අවස්ථාව සාමාන්‍ය පුද්ගලයකුගේ මරණයට පත්වීමේ කාලයට වඩා පස් ගුණයකින් අඩු වී ඇති බවත් සතියකට එක් වතාවක් ඇට වර්ගයක් ආහාරයට ගත් පුද්ගලයන් මරණයට පත්වීම සියයට හතකින් අඩුවී ඇති බවත් මේ පර්යේෂණයෙන් හෙළිවී ඇත. ඔවුන් විසින් කරන ලද පර්යේෂණයේ වාර්තාව බ්‍රිතාන්‍යයේ නව වෛද්‍ය පර්යේෂණ සදහා වූ ජර්නලයේ ප්‍රකාශයට පත්කැර තිබේ.
පෝෂ්‍යදායී සමබල ආහාර වේලක් යන සංකල්පයට වඩා ඇටවර්ග ආහාරයට ගැනීමෙන් මරණය ඈත් කැරගත හැකි බව පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකාවක වන සයන් ක්ලාර්ක් මහත්මිය පවසයි. ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඇට සහිත ආහාර පිළිකා සමග සටන් කරනු ලබන සූක්ෂම අණුක සහිත සෛල වලින් සමන්විත බවයි. එමෙන්ම තඹ, තුත්තනාගම්, යකඩ, මැග්නීසියම් අඩංගු ඇට වර්ග හේතුවෙන් ශරීරයේ අවයව ක්‍රියාකාරීත්වය වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාමට ද හැකිවන බව පර්යේෂකයන්ගේ අදහස වී ඇත.
මේ ඇට මේද සහිතය. ඇට වර්ගවල ඇති මේදය මගින් අඝාතය සහ හෘද රෝග වළක්වාලයි. පර්යේෂකයන් පවසන්නේ චොකලට් පැකට්ටුවක් කනවාට වඩා කෙදි සහිත ඇට වර්ගයක් ආහාරයට ගැනීම ප්‍රයෝජනවත් බවයි. සෑම ගෙඩිවර්ගයකම ඒවායේ විශේෂිත වූ වාසි ඇත. ඇතැම් ගෙඩි වර්ග විටමින් වලින් අනූන වන අතර ඇතැම් ගෙඩි වර්ග ඔමෙගා තුන නමැති මේද වර්ගයෙන් සංතෘප්තව තිබේ.
ක්ලාර්ක් මහත්මිය වැඩිදුරටත් පෙන්වාදෙන්නේ කොට්ටම්බා වැනි ගෙඩිවල ලෙල්ල ආහාරයට එක්කැර ගැනීම වඩාත් වාසිදායක බවයි.
''කොට්ටම්බා ලෙල්ල ඉතාමත්ම පෝෂ්‍යදායී ආහාරයක්. එහි ප්‍රෝටීන් හොදින් අඩංගුවනවා. කොට්ටම්බා ගෙඩි 20-25 ක් ගත් විට එහි කැලරි 163 ක් තිබෙනවා. සමට සහ ස්නායු පද්ධතිය නිරෝගීව තබා ගැනීමට කොට්ටම්බා උපකාරි වනවා. ඒ වගේම දත් සහ අස්ථි ප්‍රතිශක්තීරණයට හා ඇසේ පෙනීම යහපත්ව තබා ගැනීමටත් කොට්ටම්බා වැදගත්. කජු මද 16ක් 18 ක් ගත විට එහි කැලරි 163 ක් තිබෙනවා. යකඩ හා තුත්තනාගම් වලින් සමන්විත කජු රුධිරයේ ඔක්සිජන් පරිවහනයට විශාල වශයෙන් උදව් කරනවා. ඒ වගේම රටකජු ද පෝෂණයෙන් අනූන ආහාරයක් මේ සියල්ල මිනිසුන්ගේ මරණය කල් දැමීමට උපකාරී වන බව ස්ථිරයි "
මෙම වාර්තාවේ වැඩිදුරටත් දක්වා ඇත්තේ ධාන්‍ය ලෙස සමාන්‍ය භාවිතයේ ඇති ඇට වර්ග නොව ඔවුන් පවසන ආකාරයේ ඇට වර්ග ආහාරයට ගැනීමෙන් ස්ථුලතාව ඇති නොවන බවයි. එමෙන්ම එවැනි ඇට වර්ග කෑමට ගන්නා පුද්ගලයන් දුම්පානය ප්‍රිය නොකරන බවත්, ව්‍යායාම වලට වැඩි කැමැත්තක් දක්වන බවත්, පළතුරු සහ එළවළු ආහාරට රුචි බවත් පර්යේෂණ වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වට්ටක්කා ඇට අපි පොඩි කාලේ කෑවා. හරි රසයි. (ස)
වටිනා ලිපියක් අවසාන චේදය සම්පුර්ණ සත්ත්‍යකි. (ස)
කජු මද (ස)
මම ඉන්නේ ඇමෙරිකාවේ මෙහෙ වට්ටක්ක ඇට සුරියකාන්ත ඇට කොට්ටම්බා ඇට කනවා ලංකාවේ කෘෂිකරම ලොක්කෝ මොනවද කරන්නේ (නදී)
මේ කාලේ බඩුවල ගණන් ඇහුවම මේවා තමයි කන්න හිතෙන්නේ. (ස)
ඔය රිසර්ච් එකට අනුග්‍රහය දක්වල තියෙන්නේ ඇට නිෂ්පාදනය කරන බහු ජාතික සමාගමක්. ඒ නිසා ඔය ප්‍රතිපල ගැන ලොකු විස්වාසයක් නෑ (නදී)
අරාබි රටවල් වල ගොඩක් කට්ටිය කන්නේ මේ ඇට වර්ග තමයි. (ස)
කොට්ටම්බා පොත්තද ලෙල්ලද කන්න ඕනේ.(නදී)
මෙතෙක්කල් සමාජයේ පැතිරිලා තිබුනේ මේ ඇට වර්ගවල බහුලව ශරීරයට අහිතකර කොලස්ටරෝල් තියෙනවා කියලා. එත් මේක එකටවඩා හාත්පසින් වෙනස් අදහසක්. (අ)
කොට්ටම්බා ලෙල්ල කොහොමද ආහාරයට ගන්නේ?වටිනා ලිපියක් ලංකා දීපයට ස්තුතී. (අ)
වටිනා ලිපියක්, පොඩි නිවැරදි කල යුත්තක් පෙන්වන්නම්, අන්තිම රුපයේ තිබෙන්නේ ලංකාවේ අප හඳුන්වන කොට්ටම්බා ශාඛයක් වුවද, යුරෝපීයයන් හදුන්වනු ලබන කොට්ටම්බා හෙවත් ආමන්ඩ්, හා ලංකාවේ වැවෙන කොට්ටම්බා එක සමාන නොවේ, යුරෝපීයන් ආහාරයට ගනුලබන කොට්ටම්බා ඇට තුන්වන රුපයේ දැක්වෙන අතර එම ගෙඩි ලපටිකාලයේ ආහාරයට ගතහැකි අතර ඇඹුල් රසින් යුතුය, (අ)
ඕක මුලින්ම හොයාගත්තේ ජේ.ආර් 1977 දි.(නදී)
සජි ඔබගේ අදහස් වැලින් මම යමක් ගත්තා. ස්තුතියි ඔබට.(නදී)
ඇට වර්ග ආහාරයට ගැනීම හොඳ වුණාට ලුණු තෙල් මිශ්‍ර කිරීම අහිතකරයි. රස වැඩි කරන්න බොහෝ ඇට ජාති තෙලෙන් බැදලා ලුණු ගොඩකුත් ඉහලා තමයි කඩවල් වල විකුණන්නේ. පුලුවන් නම් ගෙදරදී හදාගෙන කන්න. එතකොට සම්පූර්ණ ගුණයම ලැබෙනවා. (නි)
දර්ශා, මාලදිවයිනේ දුපත් වල ඉන්න මිනිස්සු හොඳින් පැහුණ කොට්ටම්බා ලෙල්ල පිටින් හපා කාලා වවුලන් වගේ සාරය බොනවා. එයාල කියනවා ඒ ඉස්ම ගුනයි කියලා. ඉදුණු අහු ගෙඩිත් ගිලිනවා, බඩේ අමාරු හැදෙන්නේ නැතිලු.(නදී)
ඇට කන්න රට නොකන්න. (ස)
ඉදුණු කොට්ටම්බා ලෙල්ල හරිම රසයි. සිංහල අපි කවදාවත් ඒ ගැන දන්නේ නැහැ .(නදී)
පොඩි කාලේ අපි කොටම්ම්බා කනකොට අපිට කන්න දුන්නේ නැහැ e බඩේ අමාරු හැදෙනවා කියලා. අනේ මන්දා එක එක සැරේට එක එක දේවල්, ජේ.ආර් මහතා කියපු දේවල් හරි වගෙයි. ඇත්තටම රට කන්නේ නැතිව ඇට කාපල්ලා.(නදී)
මේ ඇට වර්ග වල මිල ගණන් ඇහෙනකොට ජීවිතේ කෙටි වෙන්නත් ඉඩ තියනවා.(නදී)
ලොක්කෙක් අලුතෙන් බිස්නස් එකක්වත් පටන් ගත්තද දන්නේ නැහැ නේද රවින්ද්‍ර සිල්වා .(නදී)
කොල්ලනේ පරිස්සම් වෙයල්ලා . (නදී)
දර්ශා, ඔය කොට්ටම්බා ලෙල්ල කියලා තියෙන්නේ සුදු පාට මදය වටේ තිබෙන දුඹුරු පාට පොත්තටයි. සමහරු ඒක ඉවත් කරලානේ කන්නේ... (නි)
මම සිටින ඩුබායි රටේ හැම අවන්හලකම පාහේ මෙම ඇට වර්ග විකිණීමට තිබෙනවා (නි)
අපේ ගෙදර අම්මන්ඩි ගෙන් මන් බේරෙන්නේ කොහොමද දැන්? .ඇට කෑමෙන් මරණය කල් යයි කියල පත්තරේ තියෙනවා දැකලා. දෙයියෝ සාක්කි.(නදී)
එකනේ ජයවර්ධන ජනාධිපතිතුමා ඒ කාලේ ඇට අටක් දෙනවා කිව්වේ (අ)
රට කන්නේ නැතිව, පුළුවන් තරම් ඇට කන්න. කොහොමද ටිකිරි මොලේ. (අ)
ඉතාමත් වැදගත් වටිනා ලිපියක්. ලංකා දීපයට ස්තුතියි... (නදී)
ලිපියේ අඩංගු දේ වටිනවා . නමුත් කොට්ටන් ලෙල්ල සම්බන්දව ප්‍රස්නයක් තියනවා . යුරෝපේ කියන කොට්ටන් වෙන වර්ගයක්. නමුත් ලංකාවේ සමහර ගෙවල් වල මේ කියන වර්ගය හිටවලා තියනවා. මේකට අපි කියන්නේ රට කොට්ටන් කියලා. මෙය පිට රට කින් පැමිණි ශාකයක් , පදුරු ලෙස තමයි හැදෙන්නේ ,කොලය කොට්ටන් කොලය තරම් විශාල නැහැ. ගස හරි ලස්සනයි ගෙඩිය රවුම්. ඉදුනම කහ පාටයි හරි රසයි.(නදී)
මම මාලදිවයිනේ වැඩකරන්නේ. මෙහේ මිනිස්සු කොට්ටම් පොතු කන්න හරි ආසයි. පළතුරු නැති නිසා මෙහි ඇති ගුණ දන්නවා.(නදී)
දැන් ලංකාවේ හැමෝම ඇට ජාති කයි (නි)
ඉතාමත් වටිනා ලිපියක්. ස්තූතියි ලංකාදීප !! (නි)
සජි, මම ලියන්න හිතපු දේ ඔයා ලියලා , ස්තුතියි...!!එම ගෙඩි ලපටි කාලයේ ලුණුත් සමග කනවිට පුදුම රසයක් තියෙන්නේ (අ)
දුවේ ඉන්දු ඔබේ පරිනත බුද්ධියට මගේ ආචාරය (අ)
ඇට වර්ග කන්න බැරි අයට ඒවා පිටි කරලා දුන්නහම හරි (නි)
සජී, ඉන්දු, ඔබ දෙදෙනාගේ පැහැදිලි කිරීම් ඉතා අගෙයි. ඔබට ස්තුතියි. ඒ වගේම ලංකාදීපයටත් මගේ ස්තුතිය!(නදී)
රවින්ද්‍ර සිල්වා, ඔයා කොහෙන්ද ඉගෙන ගත්තෙ ශාක ආහාරවල කොලෙස්ටරෝල් තියෙනවා කියලා ? කිසිම ශාක ආහාරයක කොලෙස්ටරෝල් නෑ, තියෙන්නෙ මේදය. මස් හා මාලුවල කොලෙස්ටරෝල් තියනවා. ඒත් මාලුවල තියෙන කොලෙස්ටරෝල් වලට අමතරව ඔමෙගා තුන කියන ෆැටි ඇසිඩ් එක. මේක ශරීරයට ඉතාම වටිනා පෝෂණ සංඝටකයක්. මේක හෘද රෝග, ආඝාතය අඩු කරන ඔසුවක්.ඒ නිසා මේ ෆැටි ඇසිඩ් බහුල මාලු හෘද රෝගීන්ට දෙනවා. මේ ෆැටි ඇසිඩ් බහුලව තියෙන්නෙ සැල්මන්, ටූනා (බලයා) වගේ මාලුවල. සමහරවිට ඔබ දැකලා ඇති, සන්ෆ්ල්වර්, ෆාම් ඔයිල්වල කොලෙස්ටරෝල් ෆ්‍රී කියලා ගහල තියෙනවා. ඇත්තටම ඒක නොමග යැවීමක්, ගැහුවත් නැතත් කොලෙස්ටරෝල් නෑ, ඒත් මේවා පාවිච්ච් කරල උයනකොට මේ තෙල් වර්ග ප්‍රමාණය ඉක්මවා රත් කිරීමෙන් ට්‍රාන්ස්ෆැට් කියන අන්සැචුරේටඩ් ඇසිඩ් සෑදෙනවා. විශේෂයෙන්ම ඩීප් ෆ්‍රයි කරනකොට. මේ කෑම ආපුවාම අපේ ශරීරයෙ නරක කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහල යනවා. මේ නිසා ආහාර පාලනය කරන්න හොඳ පෝෂණවේදියෙක්ගෙන් උපදෙස් ගන්න.(ස)
අපි පුංචි කාලේ වෙරළු, බුළු, වට්ටකා ඇට මද කාලා තිබෙනවා. දැන් කාලේ ලංකාවේ ළමයින්ට ඒකට වෙලාවක් උනන්දුවක් දෙමවුපියෝ සළසන්න ඕනෑ (නි)
චීනය වගේ රටවල වට්ටක්කා කැකිරි ඇට බැදලා කනවා ඉතාමත් ගුණයි. අපි වට්ටක වීසිකරනවා. රඹුටන් ඇට බැදලා කාලා බලන්න.අපි කොපමණ දේවල් අපතේ යවනවද? (නි)
ඉතාවැදගත් ලිපියකි මෙය පාසල් වලින් පටන් ගත යුතුයි (ම)
ඉන්දුගේ විස්තර කිරීම ඉතාමත් වටිනවා. ඇත්තටම කොට්ටම්බා ඇටයේ පොත්ත (සිවිය) ගැන වෙන්න ඇති සඳහන් විය යුතුව තිබුනේ. ලිපිය ඉතාමත් වැදගත්. ස්තුතියි ලංකාදීප.. (නි)
සජී, පුන්නක්කු වලට කොට්ටම්බා දාලා බීලා බලන්න (නි)
ඇට කන්න සවිය තියෙන දත් එපායැ.සුප් තමා හදලා දෙන්න වෙන්නේ. පේර ගෙඩියක් හපා ගන්ටවත් සවි දත් තියෙන්නේ කීයෙන් කී දෙනෙකුටද? (නි)
ඉන්දු, සජී, ගොඩක් ස්තුතියි විස්තර කළාට. මම හිතන්නේ කොහොමත් මේ අැට වර්ග කන එක හොදයි, පැණි රසදේට වඩා. අපි මේවා පුරුදු කරගන්න ඕනෑ සාමාන්‍ය ජීවිතයට (නි)
අනේ මන්දා මොනවා කරයිද කියලා.(නදී)
ඊයේ ඉරිදා ලංකාදීප ලහිපිටුවේ දැන්වීමක් පල වෙලා තිබුනා කොට්ටම්බා මද කිලෝ 1 ක් රුපියල් 1000 බැගින් ඕන තරම් ගන්නවා කියලා. කෝ ඉතින් අපේ වත්තේ කොට්ටම්බා ගහක් වවාගන්න බැරි උනානේ. විකුණන එක නැතත් කන්නවත් තිබුනා. පාසල් යන කාලේ කෑවට පස්සේ කොට්ටම්බා මදයක් කාල තියා දැක්කෙවත් නැහැ. ( ඉතාම වැදගත් වාර්තාවක්. ලංකාදීපයට බෙහෙවින්ම ස්තුතියි)(නදී)