
බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, ස්වීඩනයේ හිටපු අග්‍රාමාත්‍ය කාල් බ්රිල්ඩ්, ඇමෙරිකා සී.අයි.ඒ. බුද්ධි අංශයේ හිටපු ප්‍රධානියා ලෙස කටයුතු කළ ඩේවිඩ් ප්රෙටෝස් ද ඇතුළු රාජ්‍ය තාන්ත්රිතයන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් පිරිසක් යුක්රේනයේ දී රුසියන් හමුදා ඩ්‍රෝන ප්‍රහාරයකින් ‘අනූ නවයෙන්’ දිවි ගලවා ගත් බව විදෙස් මාධ්‍ය පවසයි.
මෙම පිරිස යුක්රේනයට පැමිණ ඇත්තේ පෝලන්තය හරහා දේශසීමා පසුකරමින් විශේෂ දුම්රියකිනි. රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ආරක්ෂක ප්‍රධානීන් යුක්රේනයට පැමිණියේ ‘යල්ටා යුරෝපියන් ස්ට්‍රැටජි’ ආරක්ෂක සමුළුවට සහභාගී වීමටය.
සමුළුව අවසන් වීමෙන් පසු පිරිස, ආපසු ඔවුන් පැමිණි දුම්රියෙන්ම පිටවී ගොස් ඇත. දුම්රිය යුක්රේනයේ යාහොඩින් දුම්රිය ස්ථානයෙන් පිටවී ගොස් තත්ත්පර කීපයකින් නියමුවන් රහිත රුසියන් හමුදාවේ ඩ්‍රෝන යානයක්, දුම්රියපොළට ප්‍රහාර එල්ල කර ඇත.
රාජ්‍ය තාන්ත්රිතයන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් රැගත් දුම්රිය පිටවී යෑමට නියමිතව තිබුණු වේලාවට පෙර ඔවුන් පිටව ගිය බවත්, එය නියමිත වේලාවට පිටවී යෑමට සැරසුණේ නම්, ඩ්‍රෝන ප්‍රහාරයට හසුවීමට ඉඩ තිබුණු බවත් යුක්රේක රජය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd