උතුරු කොරියාව රුසියාවට ආයුධ විකුණන්න සූදානම් වෙනවා රුසියාව, උතුරු කොරියාව සමඟ අයුධ ගනුදෙනුවකට සූදානම් වන බව ඇමෙරිකාව පවසයි. රුසියාවට ආයුධ විකුණුවොත්, දැඩි ඵලවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රජය උතුරු කොරියානු රජයට අනතුරු අඟවා තිබේ. 31 August 2023
දකුණු අප්‍රිකාවේ ගින්නක් 52 ක් මරුට: 40 ක් රෝහලේ දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර වෙළෙඳ ගොඩගිල්ලක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් පනස් දෙදෙනකු මියගිය බවත්, 40 දෙනකු තුවාල ලබා රෝහල්ගත කෙරුණු බවත් වාර්තා වේ. 31 August 2023
චන්ද්‍රයාන්ට සඳෙන් ගෙන්දගම් හමුවෙලා ‘චන්ද්‍රයාන් 3 වික්‍රම්’ රොබෝ යානයට සඳ මතුපිට තිබී සල්ෆර් හෙවත් ගෙන්දගම් හමුවී ඇතැයි ඉන්දීය අභ්‍යවකාශ ආයතනය හෙවත් ‘ඉස්රෝ’ විද්‍යාඥයෝ පවසති’ 31 August 2023
ඇෆ්ගන් තරුණියන්ට විදෙස් අධ්‍යාපනය තහනම් ඇෆ්ගන් තරුණියන්ට, ශිෂ්‍යත්ව මත විදෙස් විශ්වවිද්‍යාලවලට ඇතුළු වීම තලෙබාන් රජය විසින් තහනම් කරනු ලැබ තිබේ. මේ වනවිටත් තලේබානව් රජය එරට තරුණියන්ට, උසස් අධ්‍යාපනය මෙන්ම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ද තහනම් කර ඇත. ඒ ඔවුන්ගේ ෂරියා නීතියට අනුවය. 29 August 2023
සිම්බාබ්වේ ජනපති ධුරය යළිත් එමර්සන් මනන්ගාවාට සිම්බාබ්වේ රාජ්‍යයේ ජනාපධිතිවරණය පැවැත්වුණු අතර, දිගටම ධුරයේ රැඳී සිටීමට, ජනාධිපති එමර්සන් මනන්ගාවාට ජන වරමක් හිමිවිය. 29 August 2023
ඉන්දීය හිරු ගවේෂණ යානය ලබන 2 වැනිදා උඩු ගුවනට ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් ලබන දෙවැනි දා හිරු ගවේෂණයට රොබෝ යානයක් යැවීමට සූදානම් වෙයි. මෙම හිරු ගවේෂණ යානය නම් කර ඇත්තේ ‘ආධිත්‍යා එල් 1’ යන නමිනි. 29 August 2023
’ජී20’ සමුළුවට එන්නේ නෑ: පුටින්ගෙන් මෝදිට ඇමතුමක් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පැවැත්වීමට නියමිත ’ජී20’ රටවල රාජ්‍ය නායක සමුළුවට තමන් සහභාගී නොවන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ඇමතුමක් දෙමින් පවසා තිබේ. 28 August 2023
සඳට ගිය රොබෝ යානය අකරතැබ්බකින් බේරෙයි ඉන්දීය චන්ද්‍රයාන් 3 මෙහෙයුමට අයත් ප්‍රාග්යාන් රොබෝ රෝවර් යානය, ඊට ලබා දී තිබුණු උපදෙස් අනුව, සඳ මත ධාවනය කරමින් තිබියදී, සඳමත ඇති ආවාටයකට වැටෙන්න ගොස් බේරුණු බව ඉන්දීය විද්‍යාඥයෝ පවසති. 28 August 2023
වැග්නර් නායකයා මියගිය බව තහවුරුයි රුසියානු වැග්නර් කුලී හේවා බලඇණියේ නායක යෙව්ගිනි ප්‍රිගොෂින් ගුවන් අනතුරින් මියගිය බව සිදු කළ ඩී.එන්.ඒ. පරීක්ෂණවලින් තහවුරු වී ඇත. 28 August 2023
‘චන්ද්‍රයාන් 3’ සඳේ දත්ත එවන්න පටන් අරන් ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් සඳට යැවූ ‘චන්ද්‍රයාන් 3 වික්‍රම්’ රොබෝ යානය සහ ‘ප්‍රාග්යාන්’ රොබෝ රෝවර් යානය රැස් කරගත් දත්ත ඉන්දීය විද්‍යාඥයන්ට ලබාදීම ආරම්භ කර ඇත. 28 August 2023
ජපානයත් සඳ අල්ලන්න යානයක් යවන්න හදයි ජපන් අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයත් සඳට රොබෝ යානයක් යැවීමට සූදානම් වෙයි. ජපන් විද්‍යාඥයන් මෙම රොබෝ යානය නම් කර ඇත්තේ ‘මූන් ස්නයිපර්’ යන නමිනි. යානය සඳට ගොඩබෑමට නියමිත බව ද පැවැසෙයි. 28 August 2023
රටවල් 4 කින් 4 ක් උඩ යයි ඇමෙරිකාවේ ‘ස්පේස් එක්ස් ඩ්‍රැගන්’ කැප්සියුලයේ ආධාරයෙන්, රටවල් 4 ක් නියෝජනය කළ ගගනගාමීන් 4 දෙනෙක් පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා පිටත්ව ගියහ. 27 August 2023
‘චන්ද්‍රයාන් 3’ පතිත කළ ස්ථානයට නමක් ‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුමට අයත් ‘වික්‍රම’ යානය, පසුගිය 23 වැනිදා සාර්ථකව සඳුගේ දක්ෂිණ ධ්‍රැවයේ තෝරාගත් ස්ථානයකට සාර්ථකව පතිත කෙරුණි. ඉන්දියාව මෙම ස්ථානය නම් කර ඇත්තේ ‘ශිව්ශක්ති’ යන නමිනි. සඳුගේ දක්ෂිණ ධ්‍රැවයට පළමු වරට රොබෝ යානයක් යැවූ රට වන්නේ ඉන්දියාවය. 27 August 2023
විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට නයිජර් හමුදාවෙන් කියෝගයක් නයිජර් රාජ්‍යයේ බලය අත්පත්කර ගත් එරට හමුදාව ඇමෙරිකා, ජර්මන් සහ ප්‍රංශ රාජ්‍ය තාන්ත්‍රිකයන්ට එරටින් පිටවීමට පැය 48 ක කාලයක් ලබා දී තිබේ. 27 August 2023
වැග්නර්’ නායකයාට මරණ තර්ජන තිබුණා ගුවන් අනතුරුන් මියගිය ‘වැග්නර්’ කුලී හේවා බලඇණියේ ප්‍රධානී යෙව්ගෙනි ප්රිගොෂින්ගේ මරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ කියා සිටියේ, මරණ තර්ජන තිබූ බැවින් කල්පනාවෙන් වැඩ කරන්නැයි තමන් අවස්ථා ගණනාවකදී ප්‍රිගොෂින්ට අනතුරු ඇඟවූ බවය. 27 August 2023
ඇමෙරිකාවේ තවත් වෙඩි තැබීමක් ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ, ජැක්සන්විල් නුවර සිදුවුණු වෙඩි තැබීමකින් පුද්ගලයන් කිප දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බව පොලිසිය පවසයි. වෙඩි තැබීම කළ පුද්ගලයා ද පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්විය. 27 August 2023
මැඩගස්කරයේ ක්‍රීඩාංගනයක තෙරපීමක් මැඩගස්කරයේ ඇන්ටනානිරෝ අගනුවර, ක්‍රීඩාංගනයක සිදුවුණු තෙරපීමකින් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 80 ක් බව පැවැසෙයි. 26 August 2023
ඉන්දියාවේ දුම්රියක ගින්නක් 10 ක් මරු: 20 ක් රෝහලේ දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ, මධුරායි දුම්රිය ස්ථානයේ දුම්රියක මැදිරි කීපයක් ගිනිගත්තේය. 26 August 2023
ඉන්දියාව ඉරත් අල්ලන්න සූදානම් ‘චන්ද්‍රයාන් 3’ යානය සාර්ථක සඳට යැවීමෙන් ලැබූ පන්නරයත් සමඟ ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය, තව සතියක කාලයකින් හිරු ගවේෂණයට රොබෝ යානයක් යැවීමට බලාපොරොත්තු වෙයි. 26 August 2023
මෝදි - ජින්පින් හමුවක් දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර පැවැත්වෙන ‘බ්‍රික්ස්’ රාජ්‍ය නායක සමුළුවට සමගාමීව, ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. 25 August 2023
ඉන්දියාව සඳට යැවූ ‘වික්‍රම්’ වීඩියෝ දසුන් එවලා ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය, ‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුම යටතේ සඳට යැවූ ‘වික්‍රම්’ ලෑන්ඩර් යානය සහ ‘ප්‍රාග්යාන්’ රෝවර් යානය සඳ ගවේෂණ කටයුතු ආරම්භ කර තිබේ. 25 August 2023
ට්‍රම්ප් බාර වෙයි ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සාහ ගත් බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන්, ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නීති බලධාරීන්ට බාර විය. 25 August 2023
‘වැග්නර්’ ලොක්කා ගැන පුටින් අදහස් දක්වයි ‘වැග්නර්’ කුලී හේවා බලඇණියේ ප්‍රධානී යෙව්ගෙනි ප්‍රිගොෂින් සහ ‘වැග්නර්’ බලඇණියේ ඉහළ පෙළේ සාමාජිකයන් රැසකට මරු කැඳවමින් සිදුවුණු ගුවන් අනතුර සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අදහස් දැක්වීමක් කළේය. 25 August 2023
ප්‍රිගෝෂින්ගේ මරණය ගැන පුදුම වෙන්නේ නෑ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මාධ්‍ය හමුවකදී පවසා ඇත්තේ, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අභියෝගයක් වුණු ‘වැග්නර්’ කුලී හේවා බලඇණියේ ප්‍රධානී යෙව්ගෙනි ප්‍රිගෝෂින්ගේ මරණය සම්බන්ධයෙන් තමන් පුදුමයට පත් නොවන බවය. පුටින්ට අභියෝගයක් වූ බොහෝ දෙනකු මේ වනවිටත් මියගොස් ඇතැයි ද බයිඩන් පැහැදිලි කළේය. 24 August 2023
බ්‍රික්ස් හවුලට එක්වන්න රටවල් රැසක් කැමැත්තෙන් ‘බ්‍රික්ස්’ හවුල සමඟ එක් වීමට ලොව රටවල් 40 ක් පමණ උනන්දුවක් දක්වන බව දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර පැවැත්වෙන ‘බ්‍රික්ස්’ රාජ්‍ය නායක සමුළුව අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවැසීය. 24 August 2023
‘වැග්නර්’ ලොක්කා ගුවන් අනතුරකින් මරුට රුසියානු ‘වැග්නර්’ කුලී හේවා බලඇණියේ ප්‍රධානී යෙව්ගෙනි ප්‍රිගෝෂින් ගමන් කළ ඔහුගේ පෞද්ගලික ජෙට් යානය මොස්කව් අගනුවරට උතුරින් කඩා වැටුණි. සිදුවුණු එම අනතුරින් යානයේ සිටි ප්‍රිගෝෂින් ඇතුළු 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 24 August 2023
ඉන්දියාව සඳට යැවූ ‘වික්‍රම්’ ‘ප්‍රාග්යාන්’ මෙහෙයුම් අරඹයි ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය, ‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුම යටතේ සඳට යැවූ ‘වික්‍රම්’ ලෑන්ඩර් යානය සහ ‘ප්‍රාග්යාන්’ රෝවර් යානය සඳ ගවේෂණ කටයුතු ආරම්භ කර තිබේ. 24 August 2023
ඉන්දීය චන්ද්‍ර යානය සඳට ගොඩබසී ඉන්දියාවේ ’චන්ද්‍රයාන් 3 වික්‍රම්’ රොබෝ යානය සාර්ථකව සඳට ගොඩබෑවේය. ’චන්ද්‍රයාන් 3 වික්‍රම්’ රොබෝ යානයේ සඳට පතිත කිරීමේ වික්‍රමය සජීවීව විකාශය කිරීමට ද ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබුණි. 23 August 2023
ඉන්දීය චන්ද්‍ර යානය ගොඩබානවා සජීවීව නරඹන්න ඉන්දියාවේ ’චන්ද්‍රයාන් 3 වික්‍රම්’ රොබෝ යානය සඳට ගොඩබෑම පස්වරු 6.04 ට ආරම්භ වෙයි. 23 August 2023
ඉන්දීය චන්ද්‍ර යානය සඳට යන්න සූදානම් ඉන්දියාවේ ’චන්ද්‍රයාන් 3 වික්‍රම්’ රොබෝ යානය පස්වරු 6.04 ට සඳට ගොඩබෑම ආරම්භ කරනු ඇත. 23 August 2023
තන්තිරිමලේ හැඩ කරන ‘‘ලංකාදීප‘‘ පොසෙන් ආලෝක පූජාව අද සිට තන්තිරිමලේ පුද බිම ඒකා ලෝක කරමින් සංවිධායනය කරමින් 23 වැනි වරටත් සංවිධානය කරන පොසොන් ආලෝක පූජාව අද සිට ආරම්භ වේ. එය පුරා දින තුනක් තිස්සේ පැවැත්වේ... 27 June 2026