
තමන්ට තර්ජනයක් වන කිසිදු පාර්ශ්වයකට ගාසා තීරය පාලනය කිරීමට ඉඩ ලබා නොදෙන බව, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝක් ගැලන්ට් අවධාරණය කරයි.
ගාසා තීරයේ බලයේ සිටින්නේ හමාස් සංවිධානයයි.
හමාස් සංවිධානය ගාසා වැසියන්ගේ ඡන්දයෙන් බලයට පැමිණියේ, 2017 වසරේදීය.
හමාස් සංවිධානය දේශපාලන අංශයකින් මෙන්ම සන්නද්ධ අංශයකින් ද සමන්විතය.
ඊශ්‍රායල හමුදා ගාසා තීරයට නොකඩවා පහර දෙන්නේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමේ අරමුණින්ය.
ගාසා තීරයෙන් හමාස් සංවිධානය මුලිනුපුටා දැමීමෙන් පසු යළි තමන්ට තර්ජනයක් වන ආකාරයේ කිසිදු පාර්ශ්වයකට ගාසා තීරයේ බලයට පත්වීමට ඉඩ නොදෙන බව ඊශ්‍රායලය අවධාරණය කර ඇත.
හමාස් සටන්කාමීන් හැර වෙනත් ඕනෑම පාර්ශ්වයක් සමඟ ගාසා තීරයේ පාලනය සම්බන්ධයෙන් සාකච්ඡා පත්වන බව ද ඊශ්‍රායල රජය පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යන විදියට ඔය කියන එකේ අනිත් පැත්ත වේවි වගේ
කවදා හෝ දවසක ඊශ්‍රායෙල් අය දැනගනීවි ඇත්ත... මොකක්ද කියලා.. මේ දේ අවුරුදු 15000 කට කළින් අපිට කියපු කතාවක්...!