
යුද ආධාර අපේක්ෂාවෙන්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට පැමිණියේය. ධවල මන්දිරයට ආ යුක්රේන ජනාධිපතිවරයාට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගෙන් හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි.
රුසියන් ආක්‍රමණය හමුවේ, බයිඩන් පරිපාලනය, යුක්රේනයට යුද ආධාර ලබා දෙයි. මුදල් ආධාර සහ අවි ආයුධ ඊට ඇතුළත්ය.
පසුගියදා යුක්රේනයට ඇමෙරිකන් ඩොලර් බිලියන 60 ක මුදලක් ලබා දීමට බයිඩන් පරිපාලනය තීරණය කළ අතර, එම යෝජනාව කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කළේය. එසේ වුවත්, කොංග්‍රස් මණ්ඩලයේ (පාර්ලිමේන්තුවේ) අනුමැතිය ඊට හිමිනොවිණි. ඒ ප්‍රතිවාදී රිපබ්ලිකන් පාක්ෂිකයන් එම යෝජනාවට විරෝධය පළ කළ බැවිනි.
යුක්රේන ජනාධිපතිවරයා ඇමෙරිකාවට, බයිඩන් පරිපාලනය යුක්රේනයට ලබා දීමට තීරණය කළ එම මුදල් ආධාර වහා යුක්රේනයට ලබා දෙන්නැයි ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයෙන් ආයාචනා කිරීමටය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd