තම ගනගාමීන් අභ්‍යවකාශයට රැුගෙන යෑම වෙනුවෙන් රුසියාවට ඩොලර් මිලියන 424 ක මුදලක් ලබා දෙන බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි.
ඇමෙරිකාවේ නාසා ආයතනය මීට පෙර ඔවුන්ගේ ගගනගාමීන් පෘථිවි කක්ෂයේ රඳවා ඇති අභ්‍යවකාශ නැවැතුම්පොළට රැගෙක ගියේ ඔවුන්ගේ ෂටලවලිනි.
එම ෂටල විශ‍්‍රාම යැවීමෙන් පසු, අභ්‍යවකාශ කටයුතු සඳහා රුසියානුවන්ගේ සහාය ලබා ගැනීමට නාසා ආයතනයට සිදුවිය.
අභ්‍යවකාශ ෂටල පවත්වාගෙන ගියේ නම්, මිලියන 424 කට වඩා වැඩි මුදලක් වැය වන බව ද නාසා ආයතනය වැඩි දුරටත් කියා සිටී. ෂටල වැඩසටහන නිමාවට පත් වූයේ 2011 දීය.
රුසියාව ඔවුන්ගේ ගගන කටයුතුවලට යොදා ගන්නේ ෂටල නොව ගගන කැප්සියුලය. එම කැප්සියුල උඩු ගුවනට විදිණු ලබන්නේ රොකට්ටුවල ආධාරයෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාෆියාකාරීන් රුසියාව බංකොලොත් භාවයට පත් කලේ නැත්නම් මෙලහකට අජටාකාශයේ පමණක් නොව පිටසක්වලද ජනාවාස ඇතිකරලා. නාසා ආයතනයේ මිලියන 424 ට වඩා මහජාතීන්ගේ සමගිය ලොවට වටිනාම ආදර්ශයක් ! (නි)
මධු, ඔන්න රුසියන් වැඩ.වැඩ මිස කයිවාරු නැත. (නි)
ෂටල වැඩසටහන නැවැත්වූයේ එහි පිරිවැයට සාපේක්ෂව ප්‍රතිලාභ මදි නිසා.ඇමරිකාව අඩු වියදමකින් විශ්වයට යෑමට රුසියානු යානා යොදා ගත්තා.එතන කයිවාරුවක්වත් නම්බුව නැති වීමක්වත් නැහැ.රුසියාවට තමන්ගේ ගවේෂණ කටයුතු කර ගන්න ඒකෙන් සල්ලි ලැබෙනවා.අනික,අද ඉරාකයේ තෙල් නිධි රුසියානු සමාගම් අරගෙන ඉන්නවා.ඇමරිකාවට ඒක ප්‍රශ්නයක් නැහැ. (නි)