තායිලන්ත රජු මහා වජිරලොන්කොන්ගේ ප්‍රකාශය අණක් ලෙස සළකා රාජකන්‍යා බර්නවාදී කුමරිය අග්‍රාමාත්‍යය ධූරය සඳහා ඉදිරිපත් නොකරන බව තායි රක්සා චාට් පක්ෂය සඳහන් කරයි.
මෙතෙක් එරට රාජකීයන් දේශපාලනයට යොමු නොවීම හේතුවෙන් 67 හැවිරිදි රාජකන්‍යා කුමරිය අග්‍රාමාත්‍ය අපේක්ෂක ධූරයට ඉදිරිපත් වීම තායි ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැඳින්වේ.
මහා වජිරලොන්කොන් රජු සිය සොහොයුරියගේ දේශපාලනයට පිවිසිම දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් කිරිම හේතුවෙන් මෙම තීරණය ගත් බව පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
තායි රජ මැදුර නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ එවැනි ක්‍රියාවක් ජාතියේ සංස්කෘතියට අපහාස කිරිමක් වන බවයි.
මාර්තු 24 වැනි දා පැවැත්වෙන තායි මහමැතිවරණය සඳහා රාජකන්‍යා කුමරිය තරග වදින බව ඉකුත් (8) වැනි දා පැවසුවාය.
ඇය තායිලන්තයේ හිටපු රජු භූමිබෝල් හා සිරිකින් රැජණ පළමු දරුවා ලෙස 1957 දී ස්විස්ටර්ලන්තයේ දී උපත ලැබුවාය.
(බීබීසී ඇසුරෙනි)
(28535)
2025 දෙසැම්බර් මස 04
635
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තායි රජකුමරියගේ අගමැති සිහිනය බොඳ වෙයි