IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


හිටපු ජනපති මුෂාරෆ්ගේ රැඳවුම් කාලය දීර්ඝ කෙරේ

පාකිස්තාන හිටපු ජනපති පර්වේස් මුෂාරෆ් නිවාස අඩස්සියේ රඳවා තබාගන්නා කාලය දෙසතියකින් දීර්ඝ කිරීමට එරට ත‍්‍රස්ත විරෝධී අධිකරණයක් පෙරේදා(20) තීරණය කළේය.
බලයේ රැඳී සිටි සමයේදී ජ්‍යෙෂ්ඨ අධිකරණ විනිසුරුවරුන් තනතුරුවලින් පහකිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු ජනපති මුෂාරෆ් ඉකුත් සිකුරාදා පොලිස් අත්අඩංගුවට පත්විය. ඉන්පසු එදින රාති‍්‍රයේ ඉස්ලාමාබාද් පොලිස් මූලස්ථානයේ රඳවනු ලැබ සිටි මුෂාරෆ් නැවත සිය ගොවිපොළ නිවෙස වෙත රැගෙන යාමට ආරක්ෂක අංශ පියවර ගත්තේය.
ගොවිපොළ නිවෙස වෙත ගෙන ගිය පසු ඔහු විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ රඳවා තබනු ලැබිණි. මුෂාරෆ් බන්ධනාගාරගත නොකර ඔහුගේ නිවෙස වෙත රැගෙන ආවේ ආරක්ෂක හේතූන් මත බව ඉස්ලාමාබාද් පොලිස් ප‍්‍රකාශකයෙක් කීය. 
නිවාස අඩස්සියේ රඳවනු ලැබ සිටින හිටපු ජනපති මුෂාරෆ් පෙරේදා දැඩි ආරක්ෂක රැකවල් මැද්දේ ත‍්‍රස්ත විරෝධී අධිකරණයක් හමුවේ පෙනී සිටියේය. එම අවස්ථාවේදී අධිකරණය අසලට රැස්ව සිටි පිරිස් මුෂාරෆ්ට එරෙහිව විරෝධතාවක නිරත වූහ.
මේ අතර, මුෂාරෆ් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා එරට ශ්‍රේෂ්ඨාධිකරණය තිදෙනකුගෙන් යුත් විනිසුරු මඬුල්ලක් පත් කරඇත. 
එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මුෂාරෆ්ට එරෙහිව නඩු විභාග පැවැත්වෙන අතර මේ වන තෙක් ඔහු අත්අඩංගුවට ගැනීමෙන් වැළැකී සිටියේ නීතීඥයන් මාර්ගයෙන් ඇප ලබා ගැනීමට හැකි වූ නිසාය.



අදහස් (0)

හිටපු ජනපති මුෂාරෆ්ගේ රැඳවුම් කාලය දීර්ඝ කෙරේ

ලාල් Monday, 22 April 2013 01:15 PM

හැබැයි මුෂාරෆ් ඉන්න කාලේ ඔහොම බෝම්බ පිපිරුනේ නැහැ පාකිස්ථානේ. (නි)

:       0       0

උදය Monday, 22 April 2013 08:21 PM

මොනවා හිත ගෙන ලියනවද මන්ද? බෙනාසීර් මරුනේ කාර්එකෙන් වැටිලද? (අ)

:       0       0

මධු Monday, 22 April 2013 08:33 PM

ඊට පස්සේ?? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site