ඇමෙරිකාවේ කොලරාඩෝ ජනපදයට ඇදහැළෙන මහ වැස හේතුවෙන්, හදිසියේ හටගත් ජල ගැලීම් නිසා 500 කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇතැයි ඇමෙරිකානු පුවත් සේවා වාර්තා කරයි.
කොලරාඩෝ ජනපද ආණ්ඩුකාර ජෝන් හිකෙන්ලූපර් කියා සිටියේ විපතට පත්වූවන් සෙවීමේ මෙහෙයුම කඩිනමින් ආරම්භ කර ඇති බවය. එම මෙහෙයුම් සඳහා හෙලිකොප්ටර් යානා 20 ක් යොදවා ඇතැයි ද ඔහු පැවසීය.
හදිසියේ හටගත් සැඬ පහරට හසුවීමෙන්, මාර්ග රැසක් කැඞී ගොස් ඇති අතර විදුලි බල සැපැයුමට ද බාධා එල්ල වී ඇත.
නිවාස අහිමි වුණු දහසකට වැඩි පිරිසක් සහන කඳවුරුවල රැඳී සිටින බව ද වාර්තා වේ.
ඔවුන්ට අවශ්‍ය පහසුකම් වහා සපයන්නැයි ඇමෙරිකන් ජනපති බැරැුක් ඔබාමා, ආණ්ඩුකාර හිකෙන්ලූපර්ට දන්වා ඇති බව ද එරට මාදය වාර්තා පෙන්වා දෙයි.
|
සැඬ පහරට හසුවී ගසාගෙන ගිය මෝටර් රථයක සිරවුණු පුද්ගලයකු බේරා ගත් අයුරු |
|
නිවාස අහිමි වූ පිරිස් හමුදා ගුවන් යානයකින් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යමින් ... |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට කියන්නේ දිට්ට ධම්ම වේදනීය කර්ම කියලා කියන්නේ (නි)
අතුරුදහන්වූවෝ ඉක්මනින් හමුවේවා! සිරියාවට ගැහුවා නම් ඕක දෙගුණ වෙනවා. "සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ" (නි)
සිරියාවේ රසායනික අවි ඇමරිකාවට තර්ජනයක්ලු. ඒ විතරද? සොබා දහමෙනුත් තර්ජන. ඔබාමට බැරිද සෙනට් සබාවේ අනුමැතිය අරගෙන සොබාදහමට විරුද්ධව හමුදාමය ක්‍රියාමාර්ගයක් ගන්න? (නි)