යුක්රේනයේ සටන් විරාමයක් නොවූ සටන් විරාමය තුළ රුසියානු බෝම්බ ප්‍රහාරය කට හසු වී මියගිය කාන්තාවක් සහ ඇයගේ දරු දෙදෙනා පිළිබඳ විදෙස් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුල කතා බහක් නිර්මාණය වෙමින් පවතී.
ඉහළ පෙළේ ගණකාධිකාරිනියක් වූ ටට්යානා සහ ඇයගේ නව හැවිරිදි දියණිය ඇලිස් සහ දහ අට හැවිරිදි පුත්‍රයා වූ නිකිටා මෙසේ සටන් විරාමය අතරතුර යුක්රේනයේ අර්පින් නගරයෙන් බේරි යාමට උත්සහ දැරීමේදී රුසියානු හමුදාවේ මෝටාර් ප්‍රහාරයකට හසු වී මියගොස් ඇත.
ටට්යානා සහ ඇයගේ දරුවන් දෙදෙනා පාර අයිනේ මියගොස් සිටින ඡායාරූප විදෙස් මාධ්‍ය අද දින ප්‍රසිද්ධියට පත් කළ අතර ඇයගේ සුරතල් සතුන් දෙදෙනා ඔවුන්ගේ මෘත ශරීර අසල කොර ගසමින් සිටින අයුරුද ඡායාරූප වල සටහන් වී ඇත.ඇයගේ අසනීප මව බලාගැනීමට සිදු වූ නිසා නගරය හැරයාමට ප්‍රමාද වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
(රොයිටර්)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා කවුරු ඇත්ත කියනවද කියලා හිතාගන්න බැහැ. යුක්රේන ජනාධිපති කිව්වාලු සියළු දෙනා අතට අහුවෙන ආයුධයක් අනේ යුද්ධයට එන්න කියලා. තව එයා හමුදා නීතිය පනවලා කිව්වලු අවු 18ට අඩු අය හැර කිසිවකුට රටින් පිටවීම තහනම් කියලා. තව එයා කිව්වලු සාමාන්‍ය ජනතාවට ආයුධ 12000 ක් නිකුත් කළා කියලා. රූමතියන් හා කුඩා දරුවන් පවා සටන් පුහුණුව ලබන බවට ඡායාරූපත් දාලා තිබුණා. සාමාන්‍ය ජනතාව පෙට්‍රල් බෝම්බ පවා හදාගෙන රුසියානු යුද්ධ ටැංකිවලට පහර දෙනවාලු. මට තියෙන ප්‍රශ්නය එතකොට ඒ අය කෝ...? යුද්ධයට ගිය විශාල සාමාන්‍ය ජනතාවක් කෙටි කලකින් සුපිරි පුහුණුවක් ලබාගෙන දිවි බේරාගෙන තවමත් සටනේද? අපේ හමුදාවට දාපු චෝදනා මතක්වෙලා නිකමට වගේ සැකයක් ඇතිවන නිසයි ඇහුවේ...