IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


රුසියන් හමුදා පසුබසිනවා - ඇමෙරිකන් බුද්ධි අංශ

යුක්රේන හමුදා ප්‍රතිප්‍රහාර හමුවේ රුසියන් හමුදාව දැඩි පසුබැසීමකට ලක් වී ඇතැයි රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ඇමෙරිකන් බුද්ධි අංශ පවසයි.

ඇමෙරිකන් ජාතික බුද්ධි අංශ ප්‍රධානී ඒව්රිල් හේයින්ස් කොංග්‍රස් මණ්ඩලය ඉදිරියේ පෙනී සිටිමින් රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් බුද්ධි අංශ එක්රැස් කරගත් සියලු තොරතුරු අනාවරණය කළාය.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ට අවශ්‍ය වී ඇත්තේ යුක්රේනයේ බටහිර හිතවාදී ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී බලයෙන් නෙරපා රුසියාවට හිතවාදී ‘රූකඩ පාලනයක්’ ස්ථාපිත කිරීමට බවත් එය සාර්ථක කර ගැනීම අසීරු වී ඇති බවත් ඒව්රිල් හේයින්ස් කොංග්‍රස් මණ්ඩලය හමුවේ පැහැදිලි කළාය.

මේ අතර, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී පවසා ඇත්තේ රුසියාවතමන් ඝාතනය කිරීමට අවස්ථා තුනකදී උත්සාහ ගත් නමුත් එම උත්සාහයන් ආසාර්ථක වුණු බවය.

තමන් රුසියාවට හෝ පුටින් ට හෝ බියක් නොමැති බවත්, මැරෙන්න සූදානම් බවත්, සෙලෙන්ස්කී වීඩියෝ පණිවුඩයකින් පවසා තිබේ. එමෙන්ම තමන් කීව් අගනුවර සිටින බවත් සැඟවී නැති බවත් ජනාධිපති සෙලෙන්ස්කී වැඩි දුරටත් පවසා ඇත.

රුසියාව යුක්රේනය ආක්‍රමණයට කර මේ වනවිට සති දෙකක කාලයක් ගතවී ඇත. රුසියන් ජනාධිපති පුටින්ගේ අරමුණ වී ඇත්තේ දින දෙකක් පමණ යනවිට යුක්රේනය යටත් කර ගැනීමට යැයි ද පැවැසෙයි.

කෙසේ නමුත්, යුක්රේන වැසියන්ගෙන් එල්ල වන ප්‍රතිප්‍රහාර හමුවේ එය අසාර්ථක වී තිබේ. යුක්රේනයේ කාර්කීව් නුවර පැවැති සටන්වලදී රුසියන් ජනරාල්වරයකු ඝාතනය කිරීමට හැකිවුණු බව යුක්රේන රජය කියයි.

ඝාතනයට ලක් වුණු බව පැවැසෙන්නේ මේජර් ජෙනරාල් විටාලි ජෙරසිමෝව්ය. මොහු රුසියානු හමුදාවේ 41 වැනි සේනාංකයේ අණ දෙන නිලධාරියා යැයි පැවැසෙයි. ඒ අනුව, යුක්රේන හමුදා අතින් ඝාතනයට ලක්වුණු දෙවැනි රුසියන් ජනරාල්වරයා වන්නේ මොහුය. මීට පෙර ඝාතනයට ලක් වූයේ ජනරාල් ඇන්ද්‍රෙයි සුකොවෙට්සීය.

යුක්රේන හමුදාවට අනුව මේ වනවිට ඔවුන් රුසියන් සොල්දාදුවන් 12,000 ක් ඝාතනය කර ඇතැයි පැවැසෙයි. රුසියාව පවසා ඇත්තේ යුක්රේනයේ දී මියගිය ඔවුන්ගේ සොල්දාදුවන් ගණන 500 ක් පමණක් බවය.

(රොයිටර්)

යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න



අදහස් (7)

රුසියන් හමුදා පසුබසිනවා - ඇමෙරිකන් බුද්ධි අංශ

ravin Wednesday, 09 March 2022 01:46 PM

ඇත්ත නැත්ත කෙසේවෙතත් ඇමෙරිකාව කියන නිසා හරි ඇති නේද? සදාම් හුසේන්ගේ රසායනික අවි , ඇෆ්ගන් යුද්ධය වගේ යුද්ධත් පටන් ගත්තේ ලෝකයටම ඇත්ත කියලලු නේද?

:       22       79

Anura Wednesday, 09 March 2022 01:57 PM

රුසියාවේ පුටිනුත් අපේ පුටින් වගේ කට විතරයි වැඩ බැහැ. වැඩක් කරන්න ගියාම හතර වටින්ම අනාගන්නවා. සිරියාවේදී ලැබුණු අත්දැකීම්වලින්වත් කිසිම දෙයක් ඉගෙනගෙන නැහැ..

:       36       43

SUNIL MILANO Wednesday, 09 March 2022 02:54 PM

රවීන් කිව්වා වගේ මෙයාලා කට ඇරියොත් කියන්නේ බොරු. ගරු ජනාධිපති සදාම් හුසේන්ටත් කළේ ඔයටිකම තමයි.

:       23       24

ජයතිලකWednesday, 09 March 2022 04:00 PM

ඒකාධිපතියන්ට ගහන්න ඕනෑ තමයි. රටක් කියන්නේ එක්කෙනෙක්ගේ හරි පවුලක හරි බූදලයක් නෙමෙයි. සදාම්ලා, ගඩාෆිලා රට පාලනය කරපු හැටි දන්නවනේ. ඡන්ද වංචා කරලා මැර බලෙන් අවුරුදු තිහ හතළිහ එකදිගට පාලනේ කරනවා. ඒ පවුල්වල අය පිස්සු කරනවා. ස්වෛරී කියලා මිනිස්සු පීඩාවට පත්කරන්න දෙන්න බෑ...!

:       59       35

sujeewaWednesday, 09 March 2022 05:22 PM

සදාම්ලා ගඩාෆිලා දියුණු කරපු රටවල් අද කඩා වැටිලා, නන්නත්තාර වෙලා තියෙන බව දන්නේ නැතිවද?

:       16       48

Bamunuarachchi Thursday, 10 March 2022 07:31 AM

ඔව් ඔව් අපි දැක්ක රුසියන් හමුදා පස්ස නොබලා දුවනවා. අනේ මගේ කට. ජර්මන් කාරයින්ට ගහපු රුසියානුවෝ යුක්රේනයට බයේ දුවයිද?

:       0       0

Bamunuarachchi Saturday, 12 March 2022 04:53 PM

ලෝකේ වැඩිම පරමාණු අවි, ශබ්ද වේගය මෙන් 10 ගුණයක වේගෙන් යන මිසයිල තිබෙන රුසියාව පසු බහිනවාලු. අමු කැවිලාද..?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 579 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2273 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1705 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site