IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


රුසියන් ඇමෙරිකන් නියෝජිතයෝ හමුවෙති

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සහ රුසියාව අතර සාකච්ඡා සෞදි අරාබියේ, රියාද් අගනුවරදී පැවැත්විණි.

ඇමෙරිකාව වෙනුවෙන් සාකච්ඡා සඳහා සහභාගී වූයේ, ඇමෙරිකා රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ ට්‍රම්ප් පරිපාලනයේ නියෝජිතයන්ය.

රුසියාව වෙනුවෙන් රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් සහ රුසියන් රජයේ නියෝජිතයන් පිරිසක් සාකච්ඡා සඳහා සහභාගී වූහ.

සාකච්ඡා සඳහා යුක්රේනයට ඇරැයුම් කර නොතිබුණු අතර, එය යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගේ කනස්සල්ලට හේතුවක් වූ බව ද පැවැසෙයි.

එසේ වුවත්, සෞදියේ පැවැත්වුණු සාකච්ඡා සඳහා යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී සහභාගී කර ගැනීමට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති පුටින් පැවැසූ බව ක්‍රෙම්ලීනය නිකුත් කළ නිවේදනයක දැක්විණි.

මේ අතර යුක්රේනය නොමැතිව, යුක්රේනය සම්බන්ධයෙන් ඇමෙරිකාවට හෝ රුසියාවට හෝ තනි තීරණයක් ගැනීම කළ නොහැකි බව ද යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී අවධාරණය කර තිබේ.

යුක්රේන ජනාධිපතිවරයා දිගින් දිගටම පෙන්වා දී ඇත්තේ, සාකච්ඡා සඳහා යුක්රේනය පමණක් නොව, යුරෝපා රටවල නියෝජිතයන් ද සහභාගී කරගත යුතු බවය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

රුසියන් ඇමෙරිකන් නියෝජිතයෝ හමුවෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 67 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 354 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 365 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site