අප්‍රිකාවට අයත් නයිජර් රාජ්‍යයේ විශාලතම ගුවන් තොටුපොළට සන්නද්ධ පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 35 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් සඳහන් කරනවා.

නයිජර් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, මියගිය පිරිස අතර ප්‍රහාරකයන් 22 දෙනකු, සෙබළුන් 11 දෙනකු සහ සිවිල් වැසියන් දෙදෙනකු සිටින බවය.

අල්-කයිඩා සංවිධානයට සමඟ සිටින 'ජමාත් නුස්රත් අල්-ඉස්ලාම් වල්-මුස්ලිමීන් නමැති කණ්ඩායම මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.