යුරෝපා රටවල් රැසක් දැඩි උණුසුම් කාලගුණයකින් පීඩා විඳින බවත්, දැඩි උණුසුම හේතුවෙන් මහා බ්‍රිතාන්‍යයේ පාසල් සිය ගණනක් වසා දැමීමට එරට අධ්‍යාපන බලධාරීන් තීරණය කළ බවත් මාධ්‍ය වාර්තා කළේය.

බ්‍රිතාන්‍ය කාලගුණ විද්‍යාඥයන් පවසන්නේ බි්‍රතන්‍යයේ උෂ්ණත්වය මේ වනවිට සෙල්සියස් අංශක 40 පසු කර ඇති බවය. 

බොහෝ පෞද්ගලික ආයතන ද මේ වනවිට වසා දමා ඇති බවත්, නිවසේ සිට රාජකාරි කිරීමට එම ආයතනවල සේවකයන්ට උපදෙස් ලැබී ඇති බවත් පැවැසෙයි. ඊට අමතරව, ප්‍රවාහන ජාලයන් තාවකාලිකව අත්හිටුවීමට ද බලධාරීන් පියවර ගෙන ඇතැයි පැවැසෙයි.