ඉරානය සමග ගැටුම් ඇතිකර ගැනීමෙන් වළකින්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට බලපෑම් කරන ආකාරයේ විශේෂ පනත් කෙටුම්පතක් ඇමෙරිකන් පාර්ලිමේන්තුවේ දී සම්මත විය. 

පනත් කෙටුම්පත සෙනෙට් මණ්ඩලය හමුවේ සම්මත වූයේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පාක්ෂිකයන්ගේ ද සහාය ඇතිව යැයි පැවැසෙයි. ඒ අනුව, ඉදිරියේ දී ට්‍රම්ප්ට ඔහුගේ අභිමතය පරිදි, ඉරානයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ග ගැනීම කළ නොහැකි වෙයි.

ට්‍රම්ප්ගේ යුද බලතල කප්පාදු කිරිමේ යෝජනාව සම්මත වූයේ 50 - 48 ක් ලෙසය. මෙම පනත් කෙටුම්පත මීට පෙර නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ද ඉදිරිපත් කෙරුණු අතර හම අවස්ථාවේදී එය වැඩි ඡන්දයෙන් සම්මත විය.

කෙසේ නමුත් මේ වනවිට, ට්‍රම්ප් සහ ඔහුගේ නියෝජිතයන් සහ ඉරාන රජයේ නියෝජිතයන් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත. ඒ අනුව, ඊට අදාළ කාන්දේසි ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශ්වයට දින 60 ක කාලයක් ලැබෙයි.