ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන්, පාකිස්තානය බලා ගියේය. ඒ, පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් හමුවී සාකච්ඡා කිරීමේ අරමුණින්ය.

ඇමෙරිකාවත් ඉරානයත් අතර යුද්ධය යම්තාක් දුරකට සමථයකට පත් වී, දෙපාර්ශ්වය අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීම සිදුවූයේ පාකිස්තානයේ මැදිහත් වීමෙනි. පසුගිය දා ස්විට්සර්ලන්තයේ පැවැති ඇමෙරිකා ඉරාන සාකච්ඡාවලට ද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සහභාගී විය.

මේ අතර, ඉරානය නියෝජනය කරමින්, ස්විට්සර්ලන්තයේ සාකච්ඡා සඳහා සහභාගී වූයේ ඉරාන කතා නායක මොහොමඩ් බකීර් කලීබාෆ්ය. ඉරාන ජනාධිපතිවරයා පාකිස්තානය බලා පිටත්ව යද්දී, කලීබාෆ් අසල්වැසි ඕමානය බලා පිටත්ව ගියේ යැයි ඉරාන රජයේ මාධ්‍යා වාර්තා කළේය.