ඇමෙරිකන් ජනාධිපති ලෙස තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, එරට රාජ්‍ය ලේකම් ලෙස ෆ්ලොරීඩා ජනපදය නියෝජනය කරමින් සෙනෙට් සභාවට තේරී පත් වී සිටින 53 හැවිරිදි මාර්කෝ රූබියෝ තෝරාගෙන ඇත. රූබියෝ, 2010 වසරේ සිට සෙනෙට් මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරයි.
මාර්කෝ රූබියෝ ද ට්‍රම්ප්ගේ සමීපතම හිතවතෙකි. මෙම 2024 ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප්ගේ දෙවැනියා එනම් උප ජනාධිපති සගයා වීමට පැවැති තරගයට ද රූබියෝ ඉදිරිපත් විය. කෙසේ නමුත් ට්‍රම්ප්ගේ දෙවැනියා එනම් උප ජනාධිපතිවරයා තේරී පත් වීමට සමත් වූයේ ජේ.ඩී. වෑන්ස්ය.
මාර්කෝ රූබියෝ, ලතින් සම්භවයක් ඇති අයකු බැවින්, ඔහුට ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ධුරය හිමිවුවහොත් එම ධුරය හිමිවන පළමු ලතින් සම්භවයක් ඇති තැනැත්තා ඔහු වනු ඇත.
ට්‍රම්ප් රජයේ ඉහළ තනතුරුවලට පත් කරන සියලු දෙනාට කොංග්‍රසයේ අනුමැතිය හිමිවිය යුතුය. ඔවුන්ට එම ධුර හිමිවන්නේ ඒ අනුවය. පසුගිය නොවැම්බර් 5 වැනිදා ජනාධිපතිවරණයෙන් පසු, ඇමෙරිකා පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලයත්, සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ බලයත් ඇත්තේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන් සතුවය. එහෙයින්, ට්‍රම්ප්ගේ තීන්දු තීරණවලට කිසිදු විරෝධයක් එල්ල වනනේ නැත.
(ඒ.එෆ්.පී.)
පවුල් සෞඛ්‍ය සේවිකාවන් සහ හෙදියන් ලෙස ඇත්‍්ගන් කාන්තාවන් පුහුණුවීම වැළැක්වීමේ නව නීති හඳුන්වා දීමට ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය තීරණය කර ඇත.
ඇමෙරිකානුවන් මිලියන 1.1 ක් මරණයට පත් කළ ‘කොවිඩ් 19’ වයිරසයේ සුලමුල සම්බන්ධයෙන්, ඇමෙරිකන් නීති සම්පාදකයන් වසර දෙකක විමර්ශන කටයුතු මේ වනවිට අවසන් කර වාර්ත
බන්ධනාගාරගතව සිටින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දින 14 ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි පාකිස්තාන ත්‍රස්ත විරෝධී අධිකරණය නියෝග කර ඇ
ගාසා තීරයේ දරුණු ආහාර අර්බුදයක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි. ඊශ්‍රායල ප්‍රහාරවලින් බැටකන පලස්තීන වැසියන්ට ප්‍රමාණවත් ආහාර සැපයීම
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් හදිසි හමුදා නීතිය පැනැවීමට ගත් තීරණයට විරෝධය දක්වමින්, එය අවහිර කිරීමට දකුණු කොරියානු පාර්ලිමේන්තුව ඡන්දය ප්
රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමට තමන් ද කැමැත්තෙන් පසුවන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ට්‍රම්ප්ගේ රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ