අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ගින්නට හසුවූයේ දැවවලින් තැනූ මගී බෝට්ටුවකි. එය මගීන් 400 දෙනකු රැගෙන ‘කොංගෝ’ ගංගාවේ යාත්‍රා කරමින් තිබියදී ගින්න හටගත්තේය.
ගින්නත් සමඟ මගීන් කලබලයට පත් වෙද්දී බෝට්ටුව ගංගාවේ ගිලී ගිය බවත් 100 කට වැඩි පිරිසක් අතුරුදන් වූ බවත් පැවැසෙයි.
මියගිය පිරිස අතරේ කාන්තාවන් සහ කුඩා දරුවන් බොහෝ දෙනකු සිටින බව කොංගෝ මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd