ඇමරිකාවේ නැෂ්විල් නගරය හරහා හමාගිය සුළි සුළඟකින් 19 ක් මරුට ඇමරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ නැෂ්විල් නගරය හරහා හමාගිය සුළි සුළඟකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබේ. 03 March 2020
ඇෆ්ගන් හමුදාවට ප්‍රහාර එල්ල කරන බව තලේබාන් සංවිධානය කියයි ඇෆ්ගන් හමුදා ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරන බව ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ ඇති කරගත් අර්ධ සාම ගිවිසුම අවසන් කරමින් තලේබාන් සංවිධානය අද (2) ප්‍රකාශ කළේය. 02 March 2020
ඉන්දියාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් නවදිල්ලියෙන් සහ තෙලංගානාවලින් කොරෝනා ආසාදිතයන් දෙදෙනකු පිළිබඳ තොරතුරු වාර්තා වූයේ යැයි ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය අද (2) නිවේදනය කළේය. 02 March 2020
ඇෆ්ගනිස්තානයේ බෝම්බ පිපිරීමකින් 11 ක් මරුට නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ පාපන්දු තරගයක් අතරතුරදී අද (2) සිදු වූ බෝම්බ පිපිරීමකින් තිදෙනකු මියගොස් 11 දෙනෙක් තුවාල ලැබූහ. 02 March 2020
උතුරු කොරියාව මිසයිල දෙකක් ගුවන්ගත කරයි උතුරු කොරියාව මිසයිල දෙකක් ගුවන් ගතකර ඇති බව දකුණු කොරියානු ආරක්ෂක අංශ පවසයි. 02 March 2020
යුරෝපා, මැදපෙරදිග, ඇමෙරිකානු කලාපවල දැඩි සංචාරක තහනමක් කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය රටවල් 60කට වැඩි සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ගොස් තිබීම හේතුවෙන් දැඩි සංචාරක තහනමක් පැනවීමටත් විශාල ජනතා එකතුවීම් තහනම් කිරීමටත් යුරෝපයේ, මැදපෙරදිග සහ ඇමෙරිකානු යන කලාපවල නායකයෝ අද (01) වනවිට පියවර ගෙන තිබිණි. 01 March 2020
පාප්තුමෝ දින 6ක ආගමික වැඩසටහන අවලංගු කරති සෙම්ප්‍රතිශ්‍යාවක් නිසා තමා දකුණු රෝමයේදී පැවැත්වීමට නියමිතව තිබූ දින හයක ආගමික වැඩසටහන අවලංගු කරන බව අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ අද (1) ප්‍රකාශ කළහ. 01 March 2020
මැලේසියාවේ නව අගමැති දිවුරුම් දෙයි මැලේසියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මුහිදීන් යසීන් අද (1) දිවුරුම් දුන්නේය. 01 March 2020
හිරේ ඉන්න කිසිම කැරැලි කරුවෙක් නිදහස් නොකරන බව ඇෆ්ගන් ජනපති කියයි සිර භාරයේ සිටින කිසිදු කැරැලිකරුවකු නිදහස් කරන්නේ නැතැයි ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රෆ් ඝානී අද (1) ප්‍රකාශ කළේය. 01 March 2020
කොරෝනා වයිරසය හේතුවෙන් බ්‍රිතාන්‍ය ජාතිකයකු ජීවිතක්ෂයට ජපානයේ ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි බ්‍රිතාන්‍ය ජාතික මගියකු කොරෝනා වයිරසය ආසාදනය වී මිය ගොස් තිබේ. 28 February 2020
නවසීලන්තයෙන් ප්‍රථම කොරෝනා වෛරස රෝගියා හමුවෙයි ඉරානයේ සිට නවසීලන්තයට පැමිණි පුද්ගලයකුට කොරෝනා වෛරස රෝගය වැළඳී ඇතැයි තහවුරු කරනෙ තිබේ. 28 February 2020
නවදිල්ලියේ ගැටුම් වලින් පුද්ගලයින් 32 ක් මරුට ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලියේ ඇතිවූ මාරාන්තික ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් තිබේ. 27 February 2020
කොරෝනා පාකිස්තානයේ - ජපානයේ පාසල් වහයි කොරෝනා වයිරසය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ පාසල් වසා දැමීමට පාකිස්තාන සහ ජපාන බලධාරීහු අද (27) පියවර ගත්හ. 27 February 2020
ඉරානයේ කොරෝනා නිසා මියගිය සංඛ්‍යාව 26 ක් දක්වා ඉහළට ඉරානයේ කොරෝනා වයිරසයෙන් මියගිය සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් ඇත. 27 February 2020
රෝමයේ පැවැති දේව මෙහෙයකට පාප්තුමා සහභාගි නොවන බව නිවේදනය කරයි මද අසනීප තත්ත්වයක් හේතුවෙන් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් රෝමයේ පැවැති දේව මෙහෙයකට සහභාගී නොවීමට තීරණය කළේ යැයි වතිකානය අද (27) ප්‍රකාශ කළේය. 27 February 2020
ප්රංශයත් කොරෝනා වැළඳ ගනී කොරෝනා වයිරසය ප්‍රංශය තුළ වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇතැයි ද කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යා හැකි යැයි ද ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් අද (27) පැවැසීය. 27 February 2020
කොරෝනා ආසාදනය වී ප්‍රංශ ජාතිකයකු මරුට ලොව පුරා වේගයෙන් පැතිර යන කොරෝනා වයිරසය ආසාදනය වූ ප්‍රංශ ජාතිකයකු මරණයට පත්ව ඇතැයි එරට බලධාරීහු අද (26) ප්‍රකාශ කළහ. 26 February 2020
සාවෝ පවුලෝ නුවර පුද්ගලයෙකුටත් කොරෝනා සාවෝ පවුලෝ නුවර වැසියකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යාංශය (26) අද නිවේදනය කළේය. 26 February 2020
කුවේටයේ කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව ඉහළට කුවේටයේ කොරෝනා වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍යාව 25 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 26 February 2020
ග්‍රීසියේ පළමු කොරෝනා රෝගියා හමුවේ ග්‍රීසියෙන් කොරෝනා වයිරසය ආසාදිත පළමු රෝගියා හමු වූ බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය අද නිවේදනය කළේය. 26 February 2020
ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් ජීවිතයෙන් සමු ගනියි ඊජිප්තුවේ හිටපු ජනාධිපතිවරයකු වන හොස්නි මුබාරක් අද (25) අභාවප්‍රාප්ත විය. 25 February 2020
බිරිඳ ඝාතනය කළ බවට සැකපිට ලෙසතෝ අගමැති අධිකරණයට තම බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති ලෙසතෝ රාජ්‍යයේ අගමැති අද එරට අධිකරණය හමුවේ පෙනී සිටියේය. 24 February 2020
වාර්ෂික පාර්ලිමේන්තු සැසිය කල් දැමීමට චීනය තීරණය කරයි කොරෝනා වයිරසය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ වාර්ෂික පාර්ලිමේන්තු සැසිය කල් දැමීමට චීනය අද (24) පියවර ගත්තේය. 24 February 2020
ගල්ෆ් රටවලිනුත් කොරෝනා ආසාදිතයන් හමුවෙයි කුවෙට් සහ බහ්රේන් යන ගල්ෆ් රටවලින් ද කොරෝනා ආසාදිතයන් හමු වී ඇතැයි දෙරට සෞඛ්‍ය අමාත්‍යවරු අද (24) නිවේදනය කළහ. 24 February 2020
කොරෝනා ගැන සත්‍ය තොරතුරු වාර්තා කරන බව ඉරානය කියයි මාරාන්තික කොරෝනා වයිරසය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු වාර්තා කරන බව ඉරාන රජය අද (24) ප්‍රකාශ කළේය. 24 February 2020
මෝදිගෙන් ඇමරිකානු ජනපතිට උණුසුම් පිළිගැනීමක් ඉන්දියාවේ බටහිර අහමබාද් නුවර සර්දාර් පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණි ඇමෙරිකානු ජනාධිපතිවරයා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් බව වාර්තා වේ. 24 February 2020
ට්‍රම්ප් පිළිගැනීමට ඉන්දියාව සුදානම් දැවැන්ත රැළියක් පවත්වමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිගැනීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කටයුතු යොදා ඇත. 24 February 2020
පාකිස්තානය - ඇෆ්ගනිස්තානය ඉරානයට ගමන් කිරීම තාවකාලිකව අත්හිටුවයි කොරෝනා වයිරසයේ හදිසි ව්‍යාප්තියත් සමඟ ඉරානය සමඟ තිබෙන දේශසීමාව වසාදැමීමට පාකිස්තානය පියවර ගත් අතර ඉරානයට ගමන් කිරීමට තාවකාලිකව අත්හිටුවීමට අසල්වැසි ඇෆ්ගනිස්තානය පියවර ගත්තේය. 23 February 2020
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026