ඇමෙරිකා එක්සත් ජනපදයේ මිනසෝටා ප්‍රාන්තයේ මිනියැපොලිස් හි පැවැත්වෙන විරෝධතා ආවරණය කිරීමට ගිය රොයිටර්ස් ටීවී පුවත් සේවයේ මාධ්‍යවේදීන් කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනකු පොලිසියේ රබර් උණ්ඩ ප්‍රහාරයකට ලක්ව ඇත.
‘‘මගේ ආරක්ෂක උපදේශකට සහ රබර් උණ්ඩ ප්‍රහාරයක් එල්ල වුණා. මගේ ආරක්ෂක උපදේශකයා වෙඩි නොවදින කබායක් හැඳ සිටියා. එහි පැහැදිලිවම ‘ප්‍රෙස්’ යනුවෙන් දැක්වෙන ලේබලය තිබුණා’’ රබර් උණ්ඩ ප්‍රහාරයට ලක්වූ වාර්තාකරුවන් දෙදෙනාගෙන් එක් අයකු වන ජුලියෝ-සිසාර් චාවේස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය. පොලිස් නිලධාරියකු සෘජුවම ඔහු ඉලක්ක කරන අයුරු දැක්වෙන ඡායාරූපයක් ද ජුලියෝ ට්විටර් සමාජ ජාල වෙබ් අඩවියට මුදා හැර තිබිණි.
තමාගේ බෙල්ලටත් උරහිසටත් වෙඩි උණ්ඩ වැදුණු බවත් තම ආරක්ෂක උපදේශකයාගේ මුහුණට ප්‍රහාරයක් වැදුණු බවත් ඔහු තවදුරටත් විස්තර කර තිබිණි. එහෙත් ගෑස්වලින් ආරක්ෂාවට පළඳින මුහුණු ආවරණයක් පැළඳ සිටි හෙයින් ඔහුට අනතුරක් නොවුණු බව ද ජුලියෝ සඳහන් කළේය.
රොයිටර්ස් පුවත් සේවය මේ සම්බන්ධයෙන් මිනියැපොලිස් පොලිස් දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කර තිබුණ ද ඔවුන් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා නොතිබිණි. සිද්ධියේ විඩියෝ දසුන්වල පිටපතක් එවැන්නයි මිනියැපොලිස් පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක ජෝන් එල්ඩර් රොයිටර්ස් පුවත් සේවයෙන් ඉල්ලීමක් කර තිබිණි.
අල්ජසීරා
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
මිනසෝටා ප්‍රාන්තයේ විරෝධතා ආවරණය කිරීමට ගිය වාර්තාකරුවන්ට පොලිසියෙන් රබර් උණ්ඩ ප්‍රහාරයක්