IMG-LOGO

2025 ජුනි මස 06 වන සිකුරාදා


මෝල්ටාවේ ගුවන් තොටුපළ ජූලි 1 දා විවෘත කෙරේ

මෝල්ටාව ජූලි මස 1 වනදා සිට මගී ගුවන් ගමන් සඳහා ගුවන්තොටුපල විවෘත කරන බව එරට අග්‍රාමාත්‍ය රොබට් අබෙලා මහතා පවසයි.

මෝල්ටාවේ ආර්ථිකයෙන් හතරෙන් එකකට සංචාරක කර්මාන්තය දායකත්වය ලබා දෙන බැවින් ගුවන්තොටුපල නැවත විවෘත කරන ලෙස හෝටල් හිමියන්ගෙන් එල්ල වන බලපෑම් හමුවේ රජය මේ බව නිවේදනය කර තිබේ.

කොවිඩ් - 19 ආසාදිතයන් අඩු සංඛ්‍යාවක් වාර්තා වී ඇති රටවල් සමග සංචාර ආරම්භ කිරීම සඳහා සාකච්ඡා කරමින් පවතින බවද මෝල්ටා රජය පවසයි.

කෙසේවුවද මෝල්ටාව සමග සාම්ප්‍රදායිකව සංචාරක සබඳතා පවත්වන බ්‍රිතාන්‍යයේ සංචාරකයින් සඳහා ඔවුන් තවමත් හරිත එළියක් ලබා දී නොමැත.

මෝල්ටාවේ අයවැය සාමාන්‍යයෙන් ඉදිරිපත් කරන්නේ ඔක්තෝබර් මාසයේ වුවත් ආයෝජන දිරිගැන්වීමේ අරමුණින් ජුනි 8 වනදා අයවැයක් ප්‍රකාශයට පත්කරන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.

වයිරසයෙන් බලපෑමට ලක්වූ සමාගම්වල සේවකයන් ඉවත් කිරීම අධෛර්යමත් කිරීම සඳහා මෝල්ටා රජය විසින් එක් සේවකයෙකුට මසකට යූරෝ 800ක් ගෙවීමට තීරණය කර තිබේ.

ආර්ථිකය යළිත් වරක් වර්ධනය වනතෙක් මෙය පවත්වාගෙන යෑමට ද රජය තීරණය කර ඇත.

දකුණු දිග මධ්‍යධරණී දූපතක් වන මෝල්ටාවේ මේ වනවිට කොරෝනා ආසාදිතයින් 600ක් වාර්තා වී ඇති අතර මරණ 9ක් සිදුවී තිබේ.

අත්‍යාවශ්‍ය වෙළඳසැල් සහ අවන්හල් මැයි මස මැද භාගයේදී නැවත විවෘත කිරීමට අවසර ලබාදුන් නමුත් තවමත් පල්ලි සහ පාසැල් වසා දමා ඇත.

බාර් සහ ජිම් ලබන සතියේ විවෘත කිරීමට නියමිතය.

  


(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

මෝල්ටාවේ ගුවන් තොටුපළ ජූලි 1 දා විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 86 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 272 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 423 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site