ඇමරිකාවේ මිනෙසෝටා ප්‍රාන්තයේ ප්‍රධාන නගරය වන මිනියාපොලිස්හි තුන්වන දිනටත් පැවති විරෝධතා අතර තුර විරෝධතාකරුවන් පොලිස් ස්ථානයට ගිනි තබා ඇතැයි වාර්තා වේ.
අත්අඩංගුවේ පසුවූ නිරායුධ කළු ජාතිකයෙක්ගේ මරණය සම්බන්දයෙන් විරෝධතා ආරම්භ වූ අතර ඇමරිකාවේ ප්‍රධාන නගර කිහිපයකම ජනතාව වීදී බැස විරෝධතාවයේ යෙදෙන බව මාධ්‍ය වාර්තා කර ඇත.
නිව්යෝර්ක්, ලොස් ඇන්ජලීස්, චිකාගෝ, ඩෙන්වර්, ෆීනික්ස් සහ මෙම්ෆිස් ඇතුළු නගර බොහොමයක මෙසේ විරෝධතා පැවැත්විණ.
ජෝර්ජ් ෆ්ලොයිඩ් නැමැති 46 හැවිරිදි මෙම පුද්ගලයා පසුගිය සඳුඳා (25) පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගොස් තිබිණි.
ඔහුගේ මරණයට සම්බන්ද පොලිස් නිලධාරීන් සිව්දෙනකුට මිනීමැරුම් චෝදනා එල්ල කරන ලෙස ජෝර්ජ්ගේ පවුලේ අය ඉල්ලා ඇත.
මිනියාපොලිස්හි විරෝධතාකරුවන් විසිරුවාහැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කළේය.
එහිදී සිදුවූ අනතුරු වලින් හත්දෙනකුට තුවාල සිදුවී ඇති අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.
කෙන්ටකි ප්‍රාන්තයේ, බ්‍රෝනා ටේලර්ගේ ඝාතනය ඇතුළු පසුගිය කාලය පුරා සිදුවූ කළු ඇමරිකානුවන්ගේ ඝාතනය සම්බන්දව ජනතාවගේ කෝපය එල්ල වී තිබේ.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්අඩංගුවට ගන්නාවිට ගෙල සිරකිරීමෙන් මරණයට පත්වුණා දෙවෙනි කළුජාතිකයා. මේ රටේ බොහෝ අවස්ථාවල ප්‍රාන්තවල රජය පොලිස් කාරයින්ගේ පැත්ත ගන්නවා. කලහකාරී තත්වය පටන්ගන්න කලින් මේ මරණය සම්බන්ධව යමක් කිරීමට මැලිකමක් පැවතුණා. ඒ විතරක් නොවේ.., මේ මරණයට හේතුවුණු ක්‍රියාව,.. ඒ කියන්නේ ගෙල සිරකරන ක්‍රම තවම තහනම් කරලා නැහැ.