ඇමරිකාවේ මිනෙසෝටා ප්‍රාන්තයේ ප්‍රධාන නගරය වන මිනියාපොලිස්හි තුන්වන දිනටත් පැවති විරෝධතා අතර තුර විරෝධතාකරුවන් පොලිස් ස්ථානයට ගිනි තබා ඇතැයි වාර්තා වේ.
අත්අඩංගුවේ පසුවූ නිරායුධ කළු ජාතිකයෙක්ගේ මරණය සම්බන්දයෙන් විරෝධතා ආරම්භ වූ අතර ඇමරිකාවේ ප්‍රධාන නගර කිහිපයකම ජනතාව වීදී බැස විරෝධතාවයේ යෙදෙන බව මාධ්‍ය වාර්තා කර ඇත.
නිව්යෝර්ක්, ලොස් ඇන්ජලීස්, චිකාගෝ, ඩෙන්වර්, ෆීනික්ස් සහ මෙම්ෆිස් ඇතුළු නගර බොහොමයක මෙසේ විරෝධතා පැවැත්විණ.
ජෝර්ජ් ෆ්ලොයිඩ් නැමැති 46 හැවිරිදි මෙම පුද්ගලයා පසුගිය සඳුඳා (25) පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගොස් තිබිණි.
ඔහුගේ මරණයට සම්බන්ද පොලිස් නිලධාරීන් සිව්දෙනකුට මිනීමැරුම් චෝදනා එල්ල කරන ලෙස ජෝර්ජ්ගේ පවුලේ අය ඉල්ලා ඇත.
මිනියාපොලිස්හි විරෝධතාකරුවන් විසිරුවාහැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කළේය.
එහිදී සිදුවූ අනතුරු වලින් හත්දෙනකුට තුවාල සිදුවී ඇති අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.
කෙන්ටකි ප්‍රාන්තයේ, බ්‍රෝනා ටේලර්ගේ ඝාතනය ඇතුළු පසුගිය කාලය පුරා සිදුවූ කළු ඇමරිකානුවන්ගේ ඝාතනය සම්බන්දව ජනතාවගේ කෝපය එල්ල වී තිබේ.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
733
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමරිකාවේ කළු ජාතිකයාගේ මරණයට ජනතා විරෝධය
Kumar Sunday, 31 May 2020 01:28 AM
අත්අඩංගුවට ගන්නාවිට ගෙල සිරකිරීමෙන් මරණයට පත්වුණා දෙවෙනි කළුජාතිකයා. මේ රටේ බොහෝ අවස්ථාවල ප්‍රාන්තවල රජය පොලිස් කාරයින්ගේ පැත්ත ගන්නවා. කලහකාරී තත්වය පටන්ගන්න කලින් මේ මරණය සම්බන්ධව යමක් කිරීමට මැලිකමක් පැවතුණා. ඒ විතරක් නොවේ.., මේ මරණයට හේතුවුණු ක්‍රියාව,.. ඒ කියන්නේ ගෙල සිරකරන ක්‍රම තවම තහනම් කරලා නැහැ.