මාරාන්තික ඉබෝලා රෝගයෙන් කොංගෝවේ 04 දෙනකු මියගොස් ඇතැයි නවතම වාර්තා පෙන්වා දෙයි.
කොංගෝ රාජ්‍යයේ වයඹ දිග මබන්දක නගරයෙන් නව ආසාදිතයින් වාර්තා වී ඇත.
ඉක්වාටූර් පළාතේ අගනුවර වන මබන්දක නගරයේ මිලියනයකට වැඩි ජනගහනයක් ජීවත් වෙති.
2018 වර්ෂයේදී ද ඉක්වාටූර් පළාතේ ඉබෝලා රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් 33 දෙනකු මිය ගියහ.
සෞඛ්‍ය අමාත්‍ය එටෙනි ලොන්ගොන්ඩෝ මහතා පවසා ඇත්තේ ඉතා ඉක්මනින් මබන්දක නගරයට එන්නත් සහ ඖෂධ යවන බවයි.
"මේ ප්‍රදේශයේ මීට පෙරත් ඉබෝලා ව්‍යාප්ත වුණා. ඒ නිසා ඔවුන් එයට ප්‍රතිචාර දක්වන ආකාරය දන්නවා. දැනටමත් ප්‍රාදේශීය මට්ටමෙන් ප්‍රතිකාර ආරම්භ කර තිබෙනවා." යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ද කොංගෝවට සහාය වීම සඳහා කණ්ඩායමක් යවන බව දැනුම් දී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම ජාත්‍යන්තරව වසංගතය සඳහා වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාව දීර්ඝ කළ අතර එය ප්‍රධාන වශයෙන් උතුරු කිවු පළාතට බලපානු ඇත.
කොංගෝවේ ඉබෝලා වසංගතය ආරම්භ වූ අගෝස්තු මාසයේ සිට මේ දක්වා 2 280 දෙනකු මියගොස් ඇත.
බෝවන රෝගක් වන ඉබෝලා රොගයට ප්‍රතිකාර කිරීම සඳහා පර්යේෂණාත්මක එන්නත් දෙකක් හඳුන්වා දී ඇති අතර රට පුරා 300 000 ක පිරිසකට එන්නත ලබා දී තිබේ.
කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් කොංගෝවේ මේ වනවිට සෞඛ්‍යමය හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර තිබේ.
කොංගෝවෙන් ඉබෝලා වයිරසය තුරන් කර ඇති බවට ප්‍රකාශ කිරීමට සූදානම්ව සිටියදී මෙම නව ආසාදන වාර්තා විය.
(ඒඑෆ්පී ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඉබෝලා රෝගයෙන් කොංගෝවේ 4 ක් මරුට