අප්‍රිකානු රටක් වන බර්කිනා ෆාසෝ හි කොම්පියැන්ගා නගරයේ ජනාකිර්ණ වෙළඳපොළකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් 30 දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
යතුරුපැදිවලින් පැමිණි පිරිසක් විසින් ප්‍රහාරය එල්ල කර ඇති අතර බොහෝ පිරිසක් තුවාල ලබා ඇත.
මෙය ගවයින් විකුණන පොලක් බවත් දිවා කාලයේ ප්‍රහාරය එල්ල වූ බවත් පොලිසිය පවසයි.
ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරන්නේ මරණ සංඛ්‍යාව තවදුරටත් වැඩිවිය හැකි බවයි.
ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
කෙසේ වුවත් මෑත කාලයේ දී බර්කිනා ෆාසෝ හි ජිහාඩ් ප්‍රචණ්ඩත්වය සහ අන්තර් වාර්ගික ගැටුම් වල තියුණු වැඩිවීමක් දක්නට තිබේ.
ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් සිය දහස් ගනනකට තම නිවෙස් අතහැර පලායෑමට සිදුවිය.
බර්කිනා ෆාසෝ හි උතුරු දිග මාලි දේශ සීමාව අසල සිකුරාදා සිදුවූ මෙවැනිම ප්‍රහාරයකින් 15 දෙනකු මියගියහ.
ජිහාඩ්වාදීන් බොහෝවිට පාසැල් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බැවින් බර්කිනා ෆාසෝ හි දරුවන් 300 000කට පමණ අධ්‍යාපන අවස්ථා අහිමි වී ඇතැයි ද පැවසේ.
(බීබීසී ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
බර්කිනා ෆාසෝ හි වෙඩි ප්‍රහාරයකින් 30ක් මරුට