මෙක්සිකෝවේ බස් රථ අනතුරක් මෙක්සිකෝවේ සිදුවුණු බස් රථ අනතුරකින්, බස් රථයේ ගමන් කරමින් සිටි 27 දෙනකු ජීවිතක්ෂයට පත් වුණු බව වාර්තා වේ. 06 July 2023
රූපලාවණ්‍ය නිෂ්පාදන කටයුතු අත්හදා බලන්න සතුන් ගන්නේ නෑ රූපලාවණ්‍ය නිෂ්පාදන අත්හදා බැලීමට සතුන් යොදා ගැනීම තහනම් කිරීමට තීරණය කළ බව කැනඩා රජය පවසයි. කැනඩා රජය ගත් මෙම තීරණය, සතුන් සුරැකීමේ සංවිධානවල පැසැසුමට ලක් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 05 July 2023
නෙදර්ලන්තයේ පාසල් දරුවන්ට ෆෝන් තහනම් 2024 ජනවාරි පළමු වැනිදා සිට, නෙදර්ලන්තයේ පංති කාමරවලින්, ස්මාර්ට් ෆෝන්, ටැබ් සහ ස්මාර්ට් වොච් තහනම් කිරීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබේ 05 July 2023
රුසියාවේ මොස්කව් අගනුවරට ඩ්‍රෝන ප්‍රහාරයක් රුසියාවේ මොස්කව් අගනුවරට, යුක්රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල විය. රුසියානු රජය චෝදනා කළේ යුක්රේනය නේටෝ සංවිධානයේත් ඇමෙරිකාවේත් සහාය ඇතිව එම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කළ බවය. 05 July 2023
ජනපති පුටින් බලන්න පුංචි අමුත්තියක් ඇවිල්ලා රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ආරාධනාවෙන් අට හැවිරිදි දැරියක ක්‍රෙම්ලීනයට පැමිණියාය. මල් කලඹක් දී ඇය පිළිගනිමින්, ඇය වෙනුවෙන් භෝජන සංග්‍රහයක් ද පැවැත්වීමට පුටින් අමතක නොකළේය. 05 July 2023
වාද්‍ය වෘන්දය මෙහෙයවූ රොබෝ වාද්‍ය වෘන්දයක් මෙහෙය වූ රොබෝවකු ගැන දකුණු කොරියාවෙන් වාර්තා වේ. ‘එවර් 6’ නමැති මෙම රොබෝ කොරියානු ජාතික තාක්ෂණ ආයතනයේ නිර්මාණයකි. 04 July 2023
‘බාබි’ වියට්නාමයේ තහනම් ‘බාබි’ බොනික්කන්ගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කළ, තිරගතවීමට නියමිත ‘බාබි’ හොලිවුඩ් චිත්‍රපටය, වියට්නාමයේ තහනම් කිරීමට එරට බලධාරීන් තීරණය කර ඇත. 04 July 2023
‘වින්නඹු’ අම්මා වුණු බලු සුරතලා ඔටිසම් රෝගී තත්ත්වයෙන් පෙලෙන කාන්තාවකගේ දරු ප්‍රසූතියට සහාය වුණු, ස්ටැෆර්ඩ් ෂයර් බුල් ටෙරියර් වර්ගයේ බල්ලකු ගැන පුවතක් මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වෙයි. 04 July 2023
ඇෆ්නිස්තානයේ සැලූන් තහනම් ඇෆ්ගනිස්තානයේ කාන්තා රූපලාවණ්‍යාගාර තහනම් කිරීමට එරට ඇෆ්ගන් තලේබාන් රජය තීරණය කර තිබේ. ඒ ඔවුන්ටම ආවේණික වූ දලදඬු ෂරියා නීතියට අනුවය. 04 July 2023
‘යුක්ලිඩ්’ අඳුරු පදාර්ථ සොයන්න යයි තාරකා විද්‍යාඥයන් විසින් හඳුනා ගනු ලැබූ විශ්වයේ ඇති අඳුරු ශක්තිය සහ අඳුරු පදාර්ථ ගවේෂණය කිරීමේ අරමුණින්, යුරෝපා අභ්‍යවකාශ ආයතනය නිපදවූ දුරේක්ෂය අභ්‍යවකාශයට යැවීම සාර්ථකව සිදුවිය. 02 July 2023
ලෝක බැංකුවෙන් යුක්රේනයට බිලියන 1.5 ක් රුසියන් ප්‍රහාරවලින් විනාශ වුණු යුක්රේනයේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ලෝක බැංකුව ඇමෙරිකන් ඩොලර් බිලියන 1.5 ක මුදලක් ලබා දීමට තීරණය කර ඇත. 01 July 2023
පුටින් මෝදි කතාබහක් වැග්නර් කුලී හේවා බළඇණියේ කැරැල්ලෙන් පසු රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර දුරකතන කතාබහක් සිදුවිය. 01 July 2023
මෝල්ඩෝවා ගුවන්තොටේ වෙඩි තැබීමක් මෝල්ඩෝවා රාජ්‍යයේ චිසිනෝවා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ වෙඩි තැබීමක් සිදුවිය. 01 July 2023
කෙන්යා අනතුරින් 49 ක් මරුට කෙන්යාවේ මාර්ගයක වාහන පොදියක් එකිනෙක හැපී අනතුරක් සිදුවිය. අනතුර සිදුවූයේ වාහන මාර්ගයේ ලිස්සා යෑමෙනි. 01 July 2023
ඉන්දියාවේ බස් රථ අනතුරක් බටහිර ඉන්දියාවේ සිදුවුණු බස් රථ අනතුරින් 25 ක් ජීවිතක්ෂයට පත්වුණු බව වර්තාවේ. බස් රථය අනතුරට පත් වූයේ එහි ටයරයක් පුපුරා යෑමෙනි. 01 July 2023
අඟහරු හෙලිකොප්ටරයෙන් පණිවුඩයක් පර්සිවරන්ස් රොබෝ රෝවර් යානය සමඟ අඟහරු ගවේෂණයට යැවුණු ඉන්ජිනියුටි හෙලිකොප්ටරයෙන් සංඥා යළි ලැබීමට පටන්ගෙන තිබේ. 01 July 2023
වොනර් බ්‍රදර්ස් චිත්‍රාගාරයේ ගින්නක් කැලිෆෝනියාවේ බර්බෑන්ක් පිහිටි ’වොනර් බ්‍රදර්ස්’ චිත්රාගාරයට අයත් ගොඩනැගිල්ලක ගින්නක් හටගත්තේය. 01 July 2023
කුරුල්ලෝ බේරා ගන්න මීයෝ මරණවා නවසීලන්තයේ වෙලිංටන් නුවර වෙසෙන, එම නගරය අයත් පළාතට පමණක් සීමා වුණු කුරුල්ලන් බොහොමයකට මීයන්ගෙන් තර්ජන එල්ල වී ඇත. එහෙයින්, කුරුලු ගහනය රැක ගැනීමට මීයන් මරා දැමීමට නවසීලන්ත රජය තීරණය කර ඇත. 30 June 2023
අගහරු යානය අමුතු දෙයක් දැකලා අගහරු හෙවත් රතු ග්‍රහයා ගවේෂණය කරන ඇමෙරිකාවේ නාසා ආයතනයේ රොබෝ රෝවර් යානය ’පර්සිවරන්ස්’ ට අමුතු අපූරු දෙයක් දකින්න ලැබී ඇත. 30 June 2023
මගීන් ගෙනයන්න දැවැන්තයෙක් සයුරට ලොව විශාලතම මගී ප්‍රවාහන නෞකාව වන ’’අයිකන් ඔෆ් ද සීස්’’ ඉකුත් ජූනි මස 22 වැනිදා ෆින්ලන්තයේදි සිදු කළ පර්යේෂණ ගමනින් පසුව ප්‍රථම වරට නිල වශයෙන් විවෘත මුහුදේ යාත්‍රා කර ඇත. 29 June 2023
ප්‍රංශ ජනපති කනස්සල්ලෙන් පොලිස් වෙඩි පහරින්, 17 හැවිරිදි තරුණයකු මියයෑමත් සමඟ පැරිස් පොලිසියට දැඩි විරෝධයක් එල්ල වීමට පටන්ගෙන තිබේ. පොලිසිය සමඟ ගැටෙන ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවන් චෝදනා නගන්නේ පොලිසිය අමුඅමුවේ එම තරුණයා ඝාතනය කළ බවය. 29 June 2023
පුටින් ලොවෙන් කොන් වෙලා වැග්නර්’ කුලී හේවායන්ගේ කුමන්ත්‍රණය රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට එල්ල වුණු අතුල් පහරක් බවත් එම කුමන්ත්රණයෙන් පසු පුටින් ලොවෙන් කොන් වී ඇති බවත් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ. 29 June 2023
‘වැග්නර්’ කැරැල්ලෙන් පසු පුටින් දුර්වල වෙලා ‘වැග්නර්’ කුලී හේවායන්ගේ කැරැල්ලෙන් පසු රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ‘ශක්තිමත්’ ප්‍රතිරූපය බිඳ වැටී ඇති බවත්, පැය 24 කට පමණක් සිමාවුණු එම කැරැල්ල හේතුවෙන් පුටින් ‘දුර්වල’ වී සිටින බවත් ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස් පවසයි. 29 June 2023
සබ්මැරීනයේ සිටි අයගේ සිරුරු කොටස් හමුවෙලා ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීමට මුහුදු පතුලට යද්දී පිපිරී විනාශ වුණු ‘ඕෂන්ගේට් එක්ස්පෙඩිෂන්ස්’ නමැති ඇමෙරිකන් සමාගමේ ‘ටයිටන්’ නමැති කුඩා සබ්මැරීනයේ කොටස් මෙන්ම එහි ගමන් කළ පස් දෙනාගේ ශේෂයන් ද හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 29 June 2023
හැකි සෑම අයුරින්ම රුසියාවට සහාය දෙනවා - චීනය කියයි ‘වැග්නර්’ කුලී හේවායන්ගේ කැරැල්ලෙන් පසු හැකි සෑම අයුරින්ම රුසියාවට සහාය දෙන බවත්, චීනය පවසා ඇත. ‘වැග්නර්’ කුලී හේවායන්ගේ කැරැල්ල පැය 24 කට සීමා වුණත්, එය රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ පාලන අධිකාරියට දැඩි බලපෑමක් එල්ල කළේය. 28 June 2023
‘වැග්නර්’ කණ්ඩායමට ඩොලර් බිලියනයක් දීලා රුසියන් රජයට එරෙහිව කැරැලි ගැසූ, ‘වැග්නර්’ නමැති පෞද්ගලික කුලී හේවා බලඇණියට රුසියානු රජය පසුගිය වසරේ ඇමෙරිකන් ඩොලර් බිලියනයක මුදලක් ලබා දී ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ. එම මුදල ලබා දී ඇත්තේ යුක්රේනයේ නගර සහ පළාත් අල්ලා ගැනීමට ඔවුන් ලබා දුන් සේවය වෙනුවෙනි. 28 June 2023
යෝධ ග්රහකයක් අද පෘථිවිය අසලින් යනවා තාරකා විද්‍යාඥයන් ‘2013 ඩබ්ලිව්.වී.44’ යන නමින් නම් කළ මීටර් 160 ක් පළල යෝධ ග්රහකය අද (28) පෘථිවිය අසලින් යෑමට නියමිතය. මෙම ග්රහකය පෘථිවියේ හැපීමේ කිසිදු ඉඩක් නැති බව තාරකා විද්‍යාඥයෝ තහවුරු කර තිබේ. 28 June 2023
යුක්රේන අවන්හලකට රුසියාවෙන් ප්‍රහාර රුසියන් රජය සමඟ ඇතිකරගත් එකඟතාවකට අනුව, ‘වැග්නර්’ කුලී හේවා භටයන් අසල්වැසි බෙලරූස් රාජ්‍යයට පිටුවහල් වීමත් සමඟ රුසියන් හමුදා යුක්රේනයේ ප්‍රධාන නගර කීපයක් එල්ල කරමින් ප්‍රහාර එල්ල කිරීමට පටන්ගෙන තිබේ. 28 June 2023
පොලිස් වෙඩි පහරින් පැරිස් තරුණයෙක් මරුට පොලිස් වෙඩි පහරින්, ප්‍රංශයේ පැරිස් අගනුවර 17 හැවිරිදි තරුණයකු මියයෑමත් සමඟ පොලිසියට දැඩි විරෝධයක් එල්ල වීමට පටන්ගෙන තිබේ. පොලිසිය සමඟ ගැටෙන ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවන් චෝදනා නගන්නේ පොලිසිය අමුඅමුවේ එම තරුණයා ඝාතනය කළ බවය. 28 June 2023
වැග්නර් බර අවි දෙයි රුසියන් රජය සමඟ ඇතිකරගත් කැරැල්ල අවසන් වීමෙන් පසු, රජය සමඟ එකඟ වුණු කොන්දේසි අනුව, තමන් සතු බර අවි රුසියන් රජයට බාර දීමට ‘වැග්නර්’ කුලී හේවායන් පියවර ගෙන ඇත. 27 June 2023
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026