
චීන මූල්‍ය ආධාර යටතේ ඉන්දුනීසියාවේ අධිවේගී දුම්රිය ව්‍යාපෘතියක් ආරම්භ විය. ඉන්දුනීසියාවේ අධිවේගී දුම්රිය ව්‍යාපෘතියක් ආරම්භ වුණු පළමු අවස්ථාවෙ මෙයයි.
මෙම ව්‍යාපෘතියට වැයවුණු මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 7.3 කි. අධිවේගී දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කළේ ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ වඩෝඩෝ අතිනි. අධිවේගි දුම්රිය මාර්ගය වැටී ඇත්තේ, ජකර්තා අගනුවර සහ ඉන්දුනීසියාවේ ප්‍රධාන වෙළෙඳ නගරය වන බැන්ඩූන් යා කරමිණි.
අධිවේගී දුම්රිය සේවය නම් කර ඇත්තේ ‘වූෂ්’ යනුවෙනි. එහි අර්ථය ‘කාලය ඉතිරි කරන සහ විශ්වාසදායක’ යන්නය. අධිවේගී දුම්රිය සේවය ඉන්දුනීසියාවේ මාර්ග තදබදයට විසඳුමක් වනු ඇතැයි ද පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd