රට වැටෙන බව කලින් දැනගෙන හිටියා අහන්න හිටියේ බිරිඳ විතරයි රට වැටෙන බව අවුරුදු දෙකකට කලින් දැනගෙන හිටියත් ඒ බව කියන්නට තම බිරිඳ හැර වෙන කවුරුවත් නොසිටි බව මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඊයේ(18)පැවසීය. ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මේ බව පැවසූයේ ධුරයෙන් විශ්‍රාම යාම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ පැවැති උත්සවය අමතමිනි. 18 June 2025
සජබ කහවත්ත, වැලිගෙපොළ සහ පන්නල බලය අල්ලයි මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජනබලවේග පක්ෂය විසින් බහුතර සභික සංඛ්‍යාවක් හිමි කරගත් කහවත්ත, වැලිගේපොළ සහ පන්නල ප්‍රාදේශීය සභාවල පාලන බලය සමගි ජනබලවේගය ප්රමුඛ විපක්ෂය විසින් දිනා ගනු ලැබීය. 18 June 2025
දේශබන්දු කමිටුවට ආ සාක්ෂිකාරියක හරවා යවයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ සාක්ෂි දීමට පැමිණි සාක්ෂිකාරියක් වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ නීතිඥවරයාගේ විරෝධය හේතුවෙන් කමිටුව විසින් සාක්ෂි නොගෙන අද (18) හරවා යවනු ලැබුවාය. 18 June 2025
මහාධිකරණ විනිසුුරු දෙදෙනෙක්ට උසස් වීම් මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනකු අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස උසස් කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිව ඇත. 18 June 2025
ත්‍රී රෝද රියැදුරන්ට හොඳ ගති පුහුණු කරන්න යයි සංචාරක ක්ෂේත්රයේ නියැළෙන ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප හා ආචාරධර්ම වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ. 18 June 2025
ධීවරයෝ තුනක් අතුරුදන් කිරින්ද ධීවර වරායෙන් පසුගිය දහසය වැනිදා රාත්‍රී 8 ට පමණ මුහුදට ගිය එක් දින යාත්‍රාවක් ධීවරයෙන් තිදෙනා සමග අතුරුදන්ව ඇති බව කිරිඳ පොලිසිය සඳහන් කළේය. 18 June 2025
අවුරුදු හයේ දැරිය ළිඳට බිලි යාපනය චාවකච්චේරි ප්‍රදේශයේදී ළිඳකට වැටී වයස අවුරුදු 06 ක දැරියක් මියගොස් ඇති බව යාපනය චාවකච්චේරි පොලිසිය සදහන් කරයි. 18 June 2025
මාලිමාව සීයට පනහ නොගත් සභා 29ක් අල්ලයි පළාත් පාලන මැතිවරණයේදී සියයට පනහක ඡන්ද ප්‍රතිශතයක් නොමැතිව ජයග්‍රහණය කරන ලද පළාත් පාලන ආයතන 29ක බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය මේ වන විට සමත් වී තිබේ. 18 June 2025
ඇප කොන්දේසි සපුරා ගත නොහැකි වූ රඹුක්වැල්ල යුවළ දියණිය බන්ධනාගාරයට රජයේ මුදල් අවභාවිතා කළැයි කියන චෝදනාවට අධිකරණයෙන් ඇප නියම වූ කෙහෙළි රඹුක්වැල්ල, බිරිය සහ දියණිය ඇප කොන්දේසි සපුරා ගත නොහැකිව යළි බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියම කළේය 18 June 2025
ඉරාන නායකයාගෙන් තර්ජනයක් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය කොන්දේසි විරහිතව යටත්විය යුතු බවට ප්‍රකාශ කරද්දී ඉරාන - ඊශ්‍රායල අර්බුදය තවත් දැඩි කරමින් ඉරාන හමුදාව ප්‍රථම වතාවට ෆාටා 1 - හයිපර්සොනික් බැලස්ටික් මිසයිල භාවිත කරමින් අද (18) ඊශ්‍රායලයට පහර දුන්නේය. 18 June 2025
ගැහුවොත් ගහනවා - කමේනී ඇමෙරිකාව ඉරානයට පහර දුන්නොත්, ඉරානය ද පෙරළා ඇමෙරිකාවට ප්‍රතිප්‍රහාර එල්ල කරනු ඇතැයි මේ වනවිට භූගත බංකරයක සැඟවී සිටින ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනි පවසයි. 18 June 2025
තේ කම්හල් 213ක් වැහිලා විවිධ ගැටලු හේතුවෙන් රට පුරා තේ කර්මාන්තාලා 213ක් 1986 සිට මේ දක්වා වැසී ගොස් ඇතැයි වැවිලිඅමාත්ය සමන්ත විද්‍යා රත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 18 June 2025
ප්‍රහාර නවත්වා යටත් වෙන්න - ට්‍රම්ප් ප්‍රහාර නවත්වා කොන්දේසි විරහිතව යටත් වෙන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට නියෝග කර ඇත. 18 June 2025
විශේෂ අවශ්‍යතා අයට වෙනම බස් සේවයක් විශේෂ අවශ්‍යතා ඇති ප්‍රජාවගේ පරිහරණ පහසුව සඳහාම නිම වූ බස් රථ 10ක් පානදුර, කඩවත සහ අවිස්සාවේල්ල නගරවල සිට කොළඹ ජාතික රෝහල දක්වා ධාවනය කිරීමේ වැඩසටහනක් රජය අරඹා තිබේ. 18 June 2025
කෙහෙළියට, බිරියට සහ දියණියට ඇප රජයේ මුදල් අවභාවිතා කළැයි කියන චෝදනාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිය කුසුම් රඹුක්වැල්ල සහ දියණිය අමාලි රඹුක්වැල්ල ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මිලි ජයතුංග මහත්මිය නියෝග කළාය. 18 June 2025
සඳමාලිට පහර දුන්නාට විපක්ෂයෙන් විරෝදයක් කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී යූ. සඳමාලි මහත්මියට පහරදීමට විරෝධය දක්වමින් විපක්ෂයේ මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් කොළඹ නගර සභා පරිශ්‍රය ඉදිරිපිට අද (18) පස්වරුවේ විරෝධතාවක් පැවැත්වූහ. 18 June 2025
සමගියේ අසමගියෙන් කන්දකැටියත් ගිලිහෙයි සියයට 50ක පැහැදිලි ජයක් නොලද කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා වශයෙන් ජාතික ජනබලවේගය පක්ෂයේ ආර්.එම් හර්ෂ බන්දු රණවීර මහතා නව සභාපතිවරයා ලෙස තේරි පත්විය. 18 June 2025
කල් තබන විවාදය ගෙනා අජිත්.පී පෙරේරා කලින්ම ගිහින් ඊශ්‍රායල සහ ඉරාන යුද තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සජබ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා කලින්ම බැහැරව ගොස් තිබීම නිසා පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9.30 දක්වා කල් තැබීමට නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා කටයුතු කළේය. 18 June 2025
කොළඹ ඡන්දයෙන් පසු සජබෙ දෙදරීමක් සමග ජන බලවේගය කොළඹ නගර සභාව පරාජය වීමත් සමඟ එම පක්ෂය තුළ බරපතළ දෙදරීමක් හටගෙන ඇතැයි වාර්තාවේ. 18 June 2025
මේ අවුරුද්දේ රට පුරා ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන සීයක් ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන සියයක් මෙම වර්ෂයේ දී ආරම්භ කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 18 June 2025
බස්නාහිර නාගරික කොමසාරිස්වරිය කවදා හෝ නීතිය හමුවට ගේනවා බස්නාහිර නාගරික කොමසාරිස්වරිය කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමේදී කළ නීති විරෝධී වැඩේට කවදා හෝ එතුමිය නීතිය හමුවට ගේන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 18 June 2025
මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයට සමු දෙයි අයහපත් දේ වලක්වා ගැනීමට පොර බැඳීම මෙන්ම යහපත් දේ නිර්මාණය කිරීමට දායක වීම රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ධුරයෙන් විශ්‍රාම යාම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ පැවැති උත්සවය අමතමින් අද පැවසීය. 18 June 2025
කෙහෙළිය, බිරිය සහ දියණිය අත්අඩංගුවට හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිය කුසුම් රඹුක්වැල්ල සහ දියණිය අමාලි රඹුක්වැල්ල අද (18) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 18 June 2025
2024 මහජන බැංකු වාර්තාව ජනපතිට මහජන බැංකුවේ 2024 වාර්ෂික වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී අද පිළිගැන්විණි. 18 June 2025
ප්‍රශ්න පත්‍රයේ දෝෂ බැංකුවක උසස් වීම් වළකයි මෙරට රාජ්‍ය බැංකුවක බැංකු නිලධාරීන්ට උසස් වීම් ලබා දීම වළක්වමින් වාරණ නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද (18)නිකුත් කළේය. 18 June 2025
තවත් පළාත් පාලන ආයතන තුනක බලය ජාජබට කොළොන්නාව, නුවරඑළිය සහ දෙහිඕවිට පළාත් පාලන ආයතන වල බලය අද ජාතික ජන බලවේගයට ලැබුණු බව ජා.ජ.බ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අසිත නිරෝෂන් එගොඩ විතාන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 June 2025
විදේශ රැකියා වැඩත් ඩිජිටල් වෙයි රාජ්‍ය අංශයේ සේවා සැපයීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීමේ රජයේ වැඩපිළිවෙළෙහි පියවරක් ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත ඩිජිටල් ප්‍රතිසංස්කරණයට අදාළ සැලැස්ම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 18 June 2025
ලංගම බසයක් කන්ටේනරයක ගැටී 22ක් රෝහලේ රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගයේ ඇහැළියගොඩල මීන්නාන නගරය ආසන්නයේ දි අද(18) උදෑසන ලංගම බස් රථයක් සහ කන්ටේනර් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් පුද්ගලයින් 22 ක් තුවාල ලබා ඇති බව ඇහැළියගොඩ පොලිසිය කියයි. 18 June 2025
ව්‍රායි කොළඹ නගරාධිපති ධුරයේ දිවුරුම් දෙයි ව්‍රායි කැලී බල්ගසාර් කොළඹ නගරාධිපති ධුරයේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන් බවකොළඹ දිස්ත්‍රික් මන්ත්‍රිනී ආචාර්ය කෞශල්‍ය ආරියරත්න මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය. 18 June 2025
ටිල්වින් - චීන විදේශ ඇමති හමුවෙයි චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් මත චීනයේ සංචාරයක නිතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුලු නියෝජිතයෝ චීන කොමියුනිස්ට් පක්ෂයේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ මූලස්ථානයේදී චීනයේ විදේශ ඇමති ලියූ ජින්තාවෝ ඇතුළු ඉහළ පෙළේ නායකයින් සමඟ සාකච්ඡාවක නිතර වූහ. 18 June 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026