නාගපට්ටිනම් - කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාව ඇරැඹේ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ ඉන්දියාවේ නාගපට්ටිනම් හා ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාව යළි අද (18) උදේ සිට ආරම්භ කළ බව වරාය අධිකාරිය පවසයි. 18 June 2025
විපක්ෂ මන්ත්‍රීවරු විස්සක් විවාදයක් ඉල්ලා සජිත් එක්ක හිටගනිති ඊශ්‍රායල ඉරාන යුද්ධය සම්බන්ධයෙන් විවාදයක් ලබාදෙන්නැයි විපක්ෂ නායක ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු විසිදෙනෙක් සිය අසුන් වලින් නැගිට අද(18) පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළහ. 18 June 2025
’’ විපක්ෂයේ අංකල්ලා වගේ හැදෙන්න එපා’’ ඔබලා වැඩිහිටියන් වූ පසු විපක්ෂයේ ඉන්න අංකල්ලා වගේ හැසිරෙන්න එපා යැයි අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තු සභාව නරඹන්නට පැමිණ ගැලරියේ රැඳී සිටි සිසු සිසුවියන් අමතමින් පාර්ලිමේන්තුවේ දී අද පැවසීය. 18 June 2025
ප්‍රධාන වැව්වල සීමා ලකුණු කරයි තෝරාගත් ප්‍රධාන වැව් වලට අයත් සීමාවන් සහ සංරක්ෂිත ප්‍රදේශ ආරක්ෂා කිරීමේ වැඩ සටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 18 June 2025
වරායට අලුත් දොඹකර හතක් නැගෙනහිර බහළු පර්යන්තයේ (ECT) සහ ජය බහළු පර්යන්තයේ (ICT) බහළු මෙහෙයුම් සඳහා ගැන්ට්‍රි දොඹකර 07ක් ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 18 June 2025
කොන්ක්‍රීට් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරන්න යයි ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් මෙහෙයවනු ලබන කොන්ක්‍රීට් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 18 June 2025
කළුතර වෙඩි පුහුණු පිටියේ උණ්ඩයක කොටස් විසි වී අනතුරක්:පොලීසියේ තුනක් රෝහලේ කළුතර විශේෂ කාර්ය බළකා කඳවුරේ සිද්ධාන්ත වෙඩි පුහුණු පිටියේදී උණ්ඩයක් යකඩ ඉලක්ක පතයේ වැදි එහි කොටස් විසිවීම හේතුවෙන් කළුතර උතුර පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි කළුතර දකුණ පොලිසිය කියයි 18 June 2025
ජාතික ලේඛනාගාරයත් ඩිජිටල් වෙයි ජාතික ලේඛනාගාරයේ විශ්වසනීය ඩිජිටල් කෝෂ්ඨාගාරයක් (Digital Repository) ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 18 June 2025
ඉඩම් සංස්ථාවේ හිටපු නි.සාමාන්‍යාධිකාරීට ඇප වේරැස් ගඟ ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයේ සංගීත ප්‍රසංගයට ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව හා අත්අනෝමතිකව රුපියල් ලක්ෂ 276ක් වැය කිරීමට ආධාර අනුබල දුන්ගේ යැයි අත්අඩංගුවට ගත් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමෙ සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුජිත් ප්‍රියන්ත මුතුමාල ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. 18 June 2025
ධීවරයින්ට හදිසි අනතුරු රක්ෂණයක් ධීවරයින්ට ’’ සයුර ’’ විශේෂ හදිසි අනතුරු රක්ෂ යෝජනා ක්‍රමයක් හදුන්වා දීමට කෘෂි රක්ෂණ මණ්ඩලය තීරණය කර තිබේ. 18 June 2025
අපරාධකරුවන්ගේ නම්පවසා කප්පම් ඉල්ලලා සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනකුගේ නම් පවසා පුද්ගලයෙකුට තර්ජනය කර රුපියල් කෝටික කප්පම් මුදලක් ඉල්ලා එයින් රුපියල් ලක්ෂ 20 ක මුදලක් ලබාගත් පුද්ගලයන් දෙදෙනෙකු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ් යු කේ වුට්ලර් මහතා පැවසීය. 18 June 2025
අදත් තැනින් තැනට වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 18 June 2025
ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉවත් කරයි ටෙහෙරානයට දිගින් දිගටම ප්‍රහාර එල්ලවීම හේතුවෙන් ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එම ස්ථානයෙන් ඉවත් කර ගත් බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද(17) පැවසුවේය. 17 June 2025
‘වැලිගම වෙඩි තැබීමේන් පස්සෙ වාහන ලේඛන මකා දැම්මා ‘ වැලිගම හෝටලයේ වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාශයේ ලේඛනයක් සම්පූර්ණයෙන්ම වෙනස් කෙරුණු බව කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්යක්ෂවරයාගේ පෞද්ගලික සහකාර සුදත් පුල්ලපෙරුම මහතා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේය. 17 June 2025
කැලණි ගඟේ ගංවතුර නවත්වන සැලැස්මට කැබිනට් අනුමැතිය කැලණි ගංගා ද්‍රෝණිය සඳහා ජලාධාර කළමනාකරණ සැලැස්ම සකස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 17 June 2025
අධ්‍යාපන නවීකරණයට ලෝක බැංකුවෙන් අත හිත සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ (GEM) ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුව වෙතින් අතිරේක මූල්‍ය පහසුකම් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 17 June 2025
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවීකරණය කරන්න යයි දේශගුණික අවබලපෑම් අවම කිරීමේ බහු අදියර ප්‍රවේශය (CResMPA) යටතේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවා නවීකරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 17 June 2025
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනතක් එයි රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පතක් සැකසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 17 June 2025
ඉන්ධන ඇති තරම් තියෙනවා ඉරාන-ඊශ්‍රායල් ගැටුම හේතුවෙන් ලංකාවට ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවධානමක් නැතැයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 17 June 2025
කොළඹ නාගරික මන්ත්‍රිනී සඳමාලි පහර කෑමෙන් රෝහලේ කොළඹ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී යූ. සඳමාලි මහත්මිය කිසියම් පිරිසක් පහරදීම හේතුවෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව කොළඹ ප්‍රදේශයේ උසස් නිලධාරියෙන් අද (17) පැවසීය. 17 June 2025
ළමා වරදකරුවන් පුනරුත්ථාපනයට ජාතික ප්‍රතිපත්තියක් ළමා වරදකරුවන් පුනරුත්ථාපනය සඳහා වන ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 17 June 2025
ඉඩම්ගොඩ කිරීමේ හිටපු නි.සාමාන්‍යාධිකාරී අත්අඩංගුවට ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුජිත් ප්‍රියන්ත මුතුමාල මහතා (17) අද අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම්ෂන් සභාව කියයි. 17 June 2025
ලංකා ගුවන්යානා හදිසි අනතුරු විමර්ශනයට කාර්යාංශයක් ශ්‍රී ලංකා ගුවන් යානා හදිසි අනතුරු විමර්ශනය කිරීමේ කාර්යාංශය (AAIBSL) ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 17 June 2025
වැඩිහිටි අයිතීන් රකින පනත සංශෝධනයට වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 17 June 2025
වීදි දරුවන්ටත් ජීවන වියදම් දීමනාවක් ආයතනික රැකවරණය හෝ භාරකාරත්වය යටතේ වන ළමුන් සහ වීදි ළමුන් සඳහා ජීවන වියදම් දීමනාවක් ලබා දීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 17 June 2025
බස් ටිකට්ටුව අනිවාර්ය කරයි බස් රථ මගීන් සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අනිවාර්යය කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා කොළඹදී පැවසීය. 17 June 2025
බහලු මෙහෙයුම්වලට වරායට ප්‍රයිම් මුවර් 20ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා ප්‍රයිම් මුවර් රථ 20ක් ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 17 June 2025
ඉරාන ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානියෙක් මිසයිල ප්‍රහාරයකින් මරුට ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ සමීපතම යුද උපදේශකයා මෙන්ම ඉරාන හමුදාවේ සිටි ජ්‍යෙෂ්ඨතම හමුදා ප්‍රධානියාවූ අලි ෂඩ්මානි ටෙහෙරානයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් මරණයට පත්වූ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළේය. 17 June 2025
කොළඹ නාගරික සංවර්ධන ඉඩමක් බද්ධට නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩම් කොටසක් සඳහා ආයෝජන යෝජනා කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 17 June 2025
විශ්ව විද්‍යාල පනත සංශෝධනය වෙයි විශ්ව විද්‍යාල පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 17 June 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026