
(ජේ.ඒ.එල් ජයසිංහ)
අලවතුගොඩ පොලිස් වසමේ රඹුකේ ඇළ ප්‍රදේශයෙ ගම්මානයක් නාය යෑමට ලක්වී ඇති බව අලවතුගොඩ පොලීසිය පවසයි.
නාය යෑමට ලක්වූ ස්ථානයේ නිවාස 20 කට ආසන්න සංඛ්‍යාවක් තිබූ බවත් , මේ වන විට එම නිවාස සිටි පිරිස් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම අපහසු වී ඇත්තේ සහන කණ්ඩායම්වලට එම ස්ථානයට ළඟාවීම අපහසු වී ඇති බැවිනි.
නාය යෑම් සිදුව තිබෙන ප්‍රදේශයට සහන කණ්ඩායම් පැමිණීම ප්‍රමාද වූ බවටද ප්‍රදේශවාසී ජනතාව චෝදනා කරති.
මෙම බිහිසුණු නායයාමට ලකවූවන් සෙවීමට අවශ්‍ය පියවර ගන්නා බව අලවතුගොඩ පොලීසිය පවසයි. අතුරුදන් සංඛ්‍යා ලේඛය තවත් වැඩිවිය හැකියැයි අනුමාන කෙරේ
ඡායාරූප - මුහුණු පොතින්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට සහන කණ්ඩායම් යන්න පරක්කු උනේ හෙලිකොප්ටර් එකක් තනි පාවිච්චියට යොදාගෙන හදුන්නෙත්ති ඇමතිතුමා මඩකලපු ගිය නිසා වෙන්න ඇති.