IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


බස්නාහිර හමුදා භටයෝ 7989ක් සීරුවෙන්

(අංජුල මහික වීරරත්න)

බස්නාහිර පළාතේ ඇතිවිය හැකියැයි  පැවසෙන ආපදා තත්ත්වයෙන් ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් සහ සහන සේවා කටයුතු වෙනුවෙන්  හමුදා භට පිරිස් 7989ක ප්‍රමාණයක් සූදානම් කර තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා පැවසීය.

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වූවන් මුදා ගැනීමේ සහ ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන යාමේ මෙහෙයුම් ත්‍රිවිධ හමුදාව මගින් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන  බවත් ඒ අනුව දිවයින පුරා යොදවා තිබෙන භට පිරිස් 24156 දෙනෙක් විසින් පුද්ගලයන් 2453 දෙනෙකුගේ ජීවිත බේරා ගනිමින් 5400ක පිරිසක්  ආරක්ෂිත ස්ථානවලට යොමු කරනු ලැබ තිබෙන බවත් යුද හමුදාපතිවරයා පැවසීය.

මෙම මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා යුද හමුදා සන්නද්ධ රථ 23ක්, බෆල් රථ 60ක් සහ බෝට්ටු  32ක් යොදවා තිබෙන බවත් අවශ්‍ය මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ගුවන් හමුදාව විසින් හෙලිකොප්ටර් යානා 07ක් මේ වන විට පලාලි, රත්මලාන, කටුනායක සහ වීරවිල යන කඳවුරුවල සූදානම් කර තිබෙන බවත් යුද හමුදාපතිවරයා පැවසීය. 

මීට අමතරව දිවයින පුරා සුරක්ෂිත මධ්‍යස්ථාන 488ක රඳවා සිටින පුද්ගලයන් 43925 දෙනෙක් වෙනුවෙන් අවශ්‍ය ආහාර පාන සහ අනෙකුත් පහසුකම් සැලසීමේ ක්‍රියාන්විත අඛණ්ඩව ක්‍රියාත්මක  බවත්  බදුල්ල, පල්ලෙකැලේ, දිගන, මරදාන, කැලණිමුල්ල සහ මට්ටක්කුලිය යන ප්‍රදේශවල ආහාර පිළියෙළ කිරීමේ ස්ථාන 08ක් හමුදාව විසින් ස්ථාපිත කර තිබෙන අතර ඊට අමතරව සෑම කඳවුරකම ආහාර පිසීමේ ස්ථාන අවතැන්වූවන් වෙනුවෙන් ආහාර සකස් කිරීම සඳහා ලබා දී තිබෙන බවත් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය. 

මේ අතර 2025-11-27 වන දින සිට 2025-11-29 දක්වා සිදු කළ ගුවන් හමුදා මෙහෙයුම් මගින් පුදගලයන් 71 දෙනෙක් බේරා ගැනීමට සමත් වී තිබෙන අතර අවතැන් වූවන් සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ ආහාර කි.ග්‍රැම් 2565ක් අවශ්‍ය ස්ථාන වෙත ගුවන් මගින් ප්‍රවාහනය කර තිබෙන බවද ඔහු පැවසීය.

අවතැන් වූ ජනතාව වෙනුවෙන් සහන සේවා සැපයීම සඳහා අවශ්‍ය උපකරණ තොගයක් සහ 80 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සමඟ ඉන්දීය ගුවන් හමුදාවේ  IL-76 යානය අද උදෑසන දිවයිනට පැමිණි අතර මේ වන විට කොළඹ වරායේ ඇති ඉන්දීය නාවික හමුදාවට අයත් INS වික්‍රාන්ත් ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ ගුවන් යානා දෙකක් මේ වන විට ගම්පහ සහ කුලියාපිටිය යන ප්‍රදේශවල පවතින ආපදා තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා  යොදවා තිබෙන බවද යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (1)

බස්නාහිර හමුදා භටයෝ 7989ක් සීරුවෙන්

Jagath Saturday, 29 November 2025 09:48 PM

අපරාදෙ සීරුවෙන් තිබ්බෙ පහසුවෙන් තියන්න තිබ්බෙ. ආන්ඩුව ආපදා කළමනාකරණය කරන විදිහ කොළඹ ඉඳන් ගෙලිඔයට ආපු ගමනෙ මං අද හොඳට දැක්ක. හරිම කණගාටුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 626 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site