IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


කැබ් ගන්න වෙන් කළ සල්ලි ආපදාවට දෙන්න

(අංජුල මහික වීරරත්න)

අලුතින් කැබ් රථ 1775ක් ගන්න අයවැයෙන් වෙන් කළ රුපියල් මිලියන 12500 ක මුදල ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සලසන්න යොදවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අප රට දැවැන්ත අභියෝග රැසකට මුහුණ දෙමින් ඛේදවාචකයන් රැසක් සිදුව ඇති මොහොතක  ප්‍රමුඛතව විය යුත්තේ කැබ් රථ මිලදී ගැනීම නොවේ යැයි ද විපක්ෂ නායකවරයා කීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මේ වන විට දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය නිසා අවතැන් වූ ජනතාවගේ සුවදුක් සොයා බැලීම සඳහා  එම ජනතාව නැවතී සිටින සහන සේවා කදවුරු වෙත ගිය අවස්ථාවේ දීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කඩුවෙල කොතලාවල විද්‍යාලය, සංඛපිටිය විහාරස්ථානය,කඩුවෙල හේවාගම අභිනවාරාම විහාරස්ථානය, කොරතොට, නවගමුව ශ්‍රී අශෝකාරාමය, බෝමිරිය ප්‍රදේශය වල කණිෂ්ඨ විද්‍යාලය ඇතුළු විද්‍යාල රැසකට අද ගියේය.

විපක්ෂයක් ලෙස අයවැය සාකච්ඡාවට ලක්කරන මොහොතේ මේ මුදල් විපතට පත් බල ප්‍රදේශවලට ජනතාවගේ යහපත උදෙසා යොමු කිරීමට එම අයවැය යෝජනාව වෙනස් කරන්න සහයෝගය ලබා දෙන බව විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.



අදහස් (11)

කැබ් ගන්න වෙන් කළ සල්ලි ආපදාවට දෙන්න

මහජනයා Saturday, 29 November 2025 06:42 PM

හොඳ යෝජනාවක්. කැබ් ගේන්න කලින් පාරවල් , පාලම් හදලා ඉන්න වෙනවා.නැත්නම් ගෙනාවත් පදින්න වෙන්නෙ නැහැ.

:       0       1

C.K.Lankaputhra Saturday, 29 November 2025 06:43 PM

මේ මිනිහගේ වැඩේම කොහෙන් කරකවල හරි ආණ්ඩුවට ගහන එකමයි. මිනිහෝ! මේ වෙලවේ ඔය වල් බුරු කතා නොකියා මේ ස්වභාවික වියසනයට අදාල වන්නාවු ධනාත්මක දෙයක් කරන්න බලපන්. ඔය අවස්තාවාදී වැඩේ හරිම අවලස්සනයි. වෘශභයෙක් වෙන්න එපා.

:       1       0

සෙනෙවිරත්න Saturday, 29 November 2025 06:50 PM

අපරාදෙ එදා අයවැය දවසෙම මේක කියන්න තිබුනෙ, ජනාධිපතිතුමා එදා මේ ව්‍යසනය වෙන බව නොදැන හිටියට මෙතුම දැනගෙන ඉඳල වගේ, මෙතුමට මේ කැබ් ගැන පුදුම ඉරිසියාවක්, කැබ් දෙදාහෙන් මන්ත්‍රීලට 225 යි ඉතිරිව රජයෙ සේවකයින්ට නේද ඇයි ඒකට එරෙහිවෙන්නෙ?

:       1       0

Rata Perata Saturday, 29 November 2025 07:01 PM

අපදාවට බිලියන 30 ක් වෙලා කිව්වානේ . නිකම් ගැලරි කතා කියන්නෙ නැතුව ඉන්න. පුළුවන් නම් ඔයා පාවිච්චි කරන Range Rover එක විකුණන්න දාලා, පොඩි වාහනයක් ගන්න. ඒ සල්ලි අපදාවට දෙන්න.

:       1       0

ගමේ එකාලා Saturday, 29 November 2025 07:18 PM

ආපදා තත්වයෙන් රට මුදවගන්ඩ තමුන්ට රට බාර දෙන්ඩයි හිතාගෙන ඉන්නේ?

:       1       0

කොරහේ කිඹුලා Saturday, 29 November 2025 07:21 PM

එහෙමම කරමු. ඡන්දයක් දිනල බලයට ඇවිල්ල ඔය වැඩපිළිවෙළ ඔය පිළිවෙලටම කරන්න.

:       0       0

Nihal Dharmatileke Saturday, 29 November 2025 08:37 PM

මෝඩ කතා කියන්න එපා, ගංවතුර දැක දැක කැබ් රථ ඇනවුම් කෙරුවේ ?

:       1       0

B Amarasinghe Sunday, 30 November 2025 12:31 AM

ඔල්මොරොන්දම්ද? දැන් ඒ ප්‍රොසෙස් එක කොච්චර දුර ගිහිල්ලද? ඒක වෙනස් කරන්න පුළුවන්ද? අනිල මටත් වාහන එපා. මම පොදු ප්‍රවාහනවල එන්නම් කිව්වා නම් තව කමක් නෑ මේගොල්ලනේ කාලවල ගෙන්නුව වාහන මොන වගේද කියලා අපි දන්නවනේ? ආපදාවලට වෙන් කල මුදල් මදි නම් තව ඉල්ලන්න තිබුනනේ. ඒක ගැන කිසිම අවබෝධයකුත් නෑ වගේ. බලය ලැබුනා නම් කොහොම් හිටීවිද?

:       1       2

Nuwan Sunday, 30 November 2025 01:09 AM

ආණ්ඩුව පුන පුනා කිව්වා වාහන ගේන්නෙ රජයේ වැඩ කාර්‍යක්ෂම කරන්න කියල. ඒ වගේම ඇති තරම් මුදල් සහන කටයුතු සදහා වෙන් කර ඇති බවත්, අවශ්‍ය නම් තවත් මුදල් දෙන බවත් ජනාධිපති කියල තියෙනවා. දැන් මේ හරකා නටන්නේ මොකටද. මූ නම් මෙලෝ රහ්ස්ක් නැති එකෙක්.

:       1       2

Nihal Sunday, 30 November 2025 02:28 AM

වතුර ටික බහිනකන් ඉන්නවා

:       0       2

එකම සුදුසුකම වාසගම Sunday, 30 November 2025 09:46 AM

මෙතුමා කියන විදිහටම වැඩකරන්න කියල ආණ්ඩුවෙන් ඉල්ලනවා. සදාකාලිකවම විපක්ෂෙම හිටියත් නමට හරි නායකයෙක්නේ.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 621 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 525 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site