IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


හැටන් පාරවල පස් කඳු ඉවත්කරයි

(රංජිත් රාජපක්ෂ)

හැටන් සහ නුවරඑලියට පිවිසීමට ඇති සියලුම මාර්ගවලට ස්ථාන කිහිපයකින්ම කඩා වැටී ඇති විශෘල පස් කදු ඉවත් කිරිමේ කටයුතු කඩිනම් කර ඇති බව හැටන් කොට්ඨාශභාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් විරසේකර මහතා පැවසිය.

ඒ සදහා යුද හමුදාවේ, මාර්ග සංවර්ධ අධිකාරියේ, හැටන් දික්ඔය නගර සභාවේ සේවකයින්ගේ සහ පෞද්ගලික අංශයේ සහයෝගය ලබා ගත් බව ඔහු කීය. 

හැටන් ශැනන් ප්‍රදේශයේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට පුද්ගලයකු යට කරමින් කඩා වැටුණු විශාල පස් කන්ද නිරික්ෂණයට පැමිණි අවස්ථාවේ මාධ්‍යට අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් විරසේකර මහතා පැවසීය.

දින දෙකක් තිස්සේ දුරකථන සන්නිවේදන පහසුකම් සහ විදුලි බලය නොමැති වීම නිසා මාර්ගවලට කඩා වැටුණු පස් ඉවත් කිරිම ප්‍රමාද වූ බවත්, ඇතැම් පිරිස් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන ලබා ගැනීමට දිගු පොලිම්වල රැදී සිටින බවත්, අවහිර වී ඇති මාර්ග යථා තත්වයට පත් කල විගස ඉන්ධන පිරවුම්හල්වලට අවශ්‍ය ඉන්ධන තොග ලැබෙන බව ඔහු කීය.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් සිට කිතුල්ගල දක්වා ස්ථාන 05ක විශාල පස් කදු කඩා වැටී ඇති අතර, එම පස් කදු ඉවත් කිරිමට මේ වන විට ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.

පසුගිය දින කිහිපයේ පැවති වැසි සහිත කාළගුණ තත්වය මේ වන විට තරමක් දුරට පහව ගොස් ඇත.



අදහස් (0)

හැටන් පාරවල පස් කඳු ඉවත්කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 758 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 571 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site