IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සාගර් බන්ධු මෙහෙයුම යටතේ ඉන්දියාවෙන් තවත් ආධාර

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉන්දියාව සාගර් බන්ධු මෙහෙයුම යටතේ ශ්‍රී ලංකාවට ලබා දෙන මානුෂීය ආධාර තවදුරටත් ඉහළ නංවා තිබෙන බවත් තවත් සහාය පැමිණෙමින් තිබෙන බවත් මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අද(29) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව දරුණු ගංවතුර, නායයෑම් සහ පුළුල් විනාශයකට මුහුණ දී සිටින බවත් අත්‍යවශ්‍ය යටිතල පහසුකම් කඩාකප්පල් වී දහස් ගණනක් පීඩාවට පත්ව ඇති බවත් මහ කොමසාරිස් කාර්යාලය පැවැසුවේය. රටපුරා පීඩාවට පත්වූ ශ්‍රී ලාංකිකයන්ට සහන සැලසීමට ගන්නා උත්සාහයන්ට සහාය වීමට ඉන්දියාව අමතර සහන සහ මුදා ගැනීමේ සහාය ලබාදීමට තීරණය කර තිබෙන බව මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.

අද(29) ඉන්දියානු ගුවන් හමුදාවේ යානා 2 කින් ටොන් 21 ක මානුෂීය ආධාර මෙරටට පැමිණි බවත් ඒ සමග මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා සහාය වීමට ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ (NDRF) සාමාජිකයින් 80 දෙනෙකු මෙරටට පැමිණි බවත් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැවැසුවේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් සමඟ එකතු වී ඉන්දියානු නාවික හමුදාවට අයත් වික්‍රාන්ත් ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ චෙතාක් හෙලිකොප්ටර් යානා දෙකක්, සෙවීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා එක් වූ බවත් එම හෙලිකොප්ටර් යානා දෙක විපතට පත් ශ්‍රී ලාංකිකයන් මුදා ගනිමින් සාර්ථකව මෙහෙයුම් හතරක් අවසන් කර තිබෙන බවත් මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.

මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා සහාය වීමට ඉන්දීය ගුවන් හමුදාවේ තවත් හෙලිකොප්ටර් යානා දෙකක් තවත් අත්‍යාවශ්‍ය මානුෂිය ආධාර සහ පිරිස් බලය රැගෙන මෙරටට පැමිණ තිබෙන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැවැසුවේය.

පීඩාවට පත් ජනතාවට සහන සැපයීමේදී මෙරට රජය සමග සමීපව කටයුතු කිරීමට ඉන්දියාව කැපවී සිටින බවත් සාගර් බන්ධු මෙහෙයුම අඛණ්ඩව ඉදිරියට යන බවත් මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.

ඉන්දියාවෙන් තවත් සහන පැමිණෙමින් තිබෙන බවද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැවැසුවේය.



අදහස් (1)

සාගර් බන්ධු මෙහෙයුම යටතේ ඉන්දියාවෙන් තවත් ආධාර

Nishan Monday, 01 December 2025 03:47 AM

අර 87-89 කාලේ ඉන්දියන් බඩු වර්ජනය කරපු වීරයෝ නේද දැන් අන්ත අසරණ වෙලා ඉන්දියාවෙන් උදවු යදින්නේ? කල කල දේ පල පල දේ කිව්වලු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 758 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 571 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site