
(ෂේන් සෙනෙවිරත්න)
රටටම බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දින 03 ක් පුරා මහනුවරට විසන්ධි වී තිබූ විදුලි බලය සහ දුරකථන ඇතුළු සන්නිවේදන පහසුකම් මේ වන විට සක්‍රිය වී තිබේ.
සෙනසුරාදා (29) රාත්‍රී 8.00 පමණ වන විට එම පහසුකම් සක්‍රීය වූ අතර දැනට දින 03 ක් පුරා මහනුවර නගර සීමාව තුළ අඩපණවී ඇති ජල සැපයුම දින 03 ක් ඇතුලතදී ලබා දිය හැකි බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
මහනුවරදී අද (29) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරමින් පවසා සිටියේ මහනුවර නගර සීමාවේ අඩපණ වී ඇති ජල සැපයුම නැවත යවත්කාලීන කිරීම සඳහා යුද හමුදාවේ සහයද ලබාගෙන ඇති බවයි.
එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ මහනුවර නගරයේ ගැටඹේ ජල පොම්පාකාරය ඇතුළු සියලු ජල පොම්පාගාර එහි උපකරණද සමගින් ජලයෙන් යටවී ඇති බවත් ඒවා නැවත යතා තත්ත්වයට ගැනීම සඳහා යුධ හමුදාවේ සහයද ඇතිව කටයුතු කරන බවයි.
එම කාලය අතරතුර අරපිරිමැස්මෙන් යුතුව ජලය භාවිතා කරන ලෙසත් අවශ්‍ය ජලය ජල බහුසර් මගින් බෙදා හැරීමට පියවර ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 04
758
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
571
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහනුවරට දුරකතන විදුලිය සක්‍රියයි