රතුපස්වල වෙඩි තැබීමේ සිද්ධියේ බ්‍රිගේඩියර් යළි රිමාන්ඩ් පිරිසිදු පානීය ජලය ඉල්ලූ රතුපස්වල ජනතාවට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටින බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් සිව් දෙනා ජූනි 14 තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ රුවන් පතිරණ මහතා අද(31) නියෝග කළේය. 31 May 2017
මිය ගිය ගණන 202 දක්වා ඉහළට:96ක් තවමත් අතුරුදන් ආපදා තත්ත්වය නිසා මිය ගණන 202 දක්වා ඉහළ ගොස් ඇතැයිද 96 දෙනකු අතුරුදන් ව ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. ගංවතුරෙන් සහ නායයෑම්වලින් 630 000ට අධික පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ද කියැවේ. 31 May 2017
හොර සල්ලි අච්චූ ගැසූවැයි දෙදෙනෙක් සැකපිට ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කෙරෙන රුපියල් පන්දහසේ මුදල් නෝට්ටුවට සමාන අන්දමට ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කළ බව කියන 21 හැවිරිදි කාන්තාවක සහ ඇයට අනුබල දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ගණේමුල්ල පොලිසිය කියයි. 31 May 2017
දඹුල්ලේ ත්‍රීරෝද රථයක් ලොරියක ගැටී දෙකක් මරුට දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල පහලවැව ප්‍රදේශයේදී වැඩ නිමවී නිවසට ත්‍රීරෝද රථයකින් පැමිණෙමින් සිටි එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු රැගත් ත්‍රීරෝද රථය සිමෙන්ති පටවාගෙන යමින් තිබු ලොරි රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් ත්‍රීරෝද රථයේ සිටි එකම පවුලේ සහෝදරයන් දෙනෙනා මිය ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි. 31 May 2017
වැස්සෙන් වලස්මුල්ලේ පාලම් රැසකට හානි නායයෑම් සහ ගංවතුර නිසා වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාතේගම, හඳුගල, හිඟුරවත්ත ආදී ප්‍රදේශ රැසක පාලම් කැඩී ගොස් තිබේ. 30 May 2017
දුෂ්කර ගමක් අධාර ඉල්ලයි ජල ගැලීම්වලින් හා නායයෑම්වලින් පීඩාවට පත්වුවද නගරයේ සිට තරමක් දුර බැහැරව පවතින නිසා ආධාර නොලැබෙන ගම්මාන රැසක් තවමත් තිබේ.රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන පිටකැලේ එවැනි ගම්මානයකි. 30 May 2017
දකුණේ සිසුහූ අටක් මිය යති:අටක් අතුරුදන් ආපදා හේතුවෙන් දකුණු පළාතේ පාසල් සිසුන් අට දෙනකු මියගොස් තවත් අට දෙනකු අතුරුදන්ව ඇතැයි දකුණු පළාත් ආපදා කළමනාකරණ විෂය භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා ප්රසාංජලී ගමගේ මහත්මිය පවසයි. 30 May 2017
වෙඩි තබා තරුණයෙක් ඝාතනය කෙරේ ගාල්ල අහුන්ගල්ල පොලිස් වසමේ මිද්දරමුල්ල ප්‍රදේශයේ දී 25 හැවිරිදි තරුණයෙකු අද(30) වෙඩිතබා ඝාතනය කර ඇත. 30 May 2017
ගාල්ලේ පිහි ඇනුමකින් කතක් මරුට ගාල්ල මාගාල්ල පාලම අසල දී යුවළක් අතර ඇතිවු ආරවුලකින් වයස අවුරුදු 36 ක් වු කාන්තාවක මියගොස් ඇත. මෙම දෙදෙනා අතර ඇති වු ගැටුමේ දී අදාළ පුද්ගලයාගේ පිහි පහරින් කාන්තාව මියගොස් ඇත. 30 May 2017
වැස්සෙන් සංචාරක කර්මාන්තයට බලපෑමක් නැහැ ඇති වී තිබෙන ආපදා තත්ත්වයෙන් සංචාරක කර්මාන්තයට කිසිදු බලපෑමක් සිදුව නැතැයි සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි. 30 May 2017
පකිස්තානයත් ඊශ්‍රායලයත් සහනාධාර එවයි ශ්‍රී ලංකාවේ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් පකිස්තාන රජයෙන් සහ ඊශ්‍රායල් රජයෙන් විශාල සහනාධාර තොගයක් අද (30) නිල වශයෙන් මෙරටට ලැබුණු බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 30 May 2017
ඉන්දියාවෙන් තවත් ආධාර නැවක් අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා වෛද්‍යවරුන් සහ ද්‍රව්‍යමය ආධාර රැගත් තෙවැනි ඉන්දිය“ජලශ්වා“ නෞකාව අද (30) කොළඹ වරායට පැමිණියේය. 30 May 2017
විදුලිය-ජලය නැවතත් ආපදා තත්ත්වය හේතුවෙන් විසන්ධි වූ විදුලි සම්බන්ධතාවලින් 70%ක් මේ වන විට යළි ලබා දී ඇති බවත් ජල පවිත්‍රාගාරවල කටයුතු ද ආරම්භ කර ඇති බවත් නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි. 30 May 2017
ඇඹිලිපිටිය සිද්ධියේ පරීක්ෂණ අවසන් කරන්නැයි නියෝග කොළඹ විශ්ව විද්‍යාලයට දුන් සිසිටීවී කැමරාවල දර්ශන සම්බන්ධයෙන් සහ රජයේ රස පරීක්ෂකවරයාගෙන් ලබාගත යුතු වාර්තා සියල්ල ලබාගෙන ලබන නොවැම්බර් 22 වැනිදා වන විට ඇඹිලිපිටිය සුමිත් ප්‍රසන්න ඝාතන සිද්ධියේ පරීක්ෂණ අවසන් කරන්නැයි ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා අද (30) රහස් පොලිසියට නියම කළේ ය. 30 May 2017
පිසූ ආහාර නොදෙන්නැයි සාගල ඉල්ලයි ගංවතුර හා නායයාම් හේතුවෙන් ආපදාවට පත්වූ ජනතාවට ලබාදීම සඳහා ඉදිරියේදී පිසූ ආහාර නොදෙන ලෙස නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඉල්ලයි. 30 May 2017
දෙන්නෙක් අතුරුදන් කළැයි ලුතිනන් යළි රිමාන්ඩ් කොටහේනේ පදිංචිකරුවන් දෙදෙනකු මීට වසර අටකට ඉහතදී පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගර ගත කර සිටින වැලිසර නාවික හමුදා රෝහලේ විධායක නිලධාරී ලූතිනන් කමාන්ඩර්වරයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා ලබන 13 වැනිදා තෙක් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (30) නියෝග කළේය. 30 May 2017
ජංගම දුරකතන සේවා අඩාල වීම ගැන සොයයි මෙවර ගංවතුර සහ නාය යාම් වෙද්දී කලවාන සහ අයගම ප්‍රදේශවල ජංගම දුරකතන සේවා අඩාල වීම ගැන වහාම සොයා බැලිය යුතු බව සබරගමු පළාත් සභා මන්ත්‍රී නිලන්ත ජයකොඩි මහතා පළාත් සභාවට දැනුම් දුන්නේ ය. 30 May 2017
ආපදා නිසා ඉන්ධනහල් 23ක් අක්‍රියයි ආපදා තත්ත්වය හේතුවෙන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් 23ක් අද(30) වනවිට අක්‍රියව ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ආපදා කළමනාකරණ ඒකකය පවසයි. 30 May 2017
මරදාන දුම්රියපොළේ බත් පාර්සල් එකතු කිරීමට බාධක ආපදාවට පත්වූවන් වෙනුවෙන් ලබාදීම සඳහා ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හරහා එකතුවූ තරුණ පිරිසක් අද(30) පෙරවරුවේ මරදාන දුම්රියපොළේ දී දිවා ආහාර පාර්සල් හා ජල බෝතල් එකතු කිරීමේ වැඩසටහනකට දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතා බාධා එල්ල කළ බව එම වැඩසටහනේ සංවිධායකවරු කියා සිටිති. 30 May 2017
ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ලක්ෂ 580ක ආධාර ශ්‍රී ලංකාවේ හදිසියේ ඇතිවූ නායයෑම් හා ගංවතුර තත්ත්වයෙන් අවතැන් වූ ජනතාවට සහන සැලසීමට ඕස්ටේ්රලියාව විසින් රුපියල් ලක්ෂ 580කට ආසන්න (ඕස්ටේ්රලියා ඩොලර් ලක්ෂ පහක්) වටිනා ආධාර තොගයක් මෙරටට පරිත්‍යාග කරන බව ශ්‍රී ලංකාවේ ඕස්ටේ්රලියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි. 30 May 2017
රත්නපුරේ ගංවතුර යළි ඉහළට රත්නපුරයේ ගංවතුර මට්ටම ඉහළ යමින් තිබෙන බව ආපදා කළමනාකරණ ආයතනය අනතුරු අඟවයි. 30 May 2017
කොත්මලේ ජලාශයෙන් මළ සිරුරක් මතු වෙයි ඉහළ කොත්මලේ ජලාශයේ තිබී නාඳුනන කාන්තා මළ සිරුරක් අද (30) සොයාගත් බව තලවාකැලේ පොලීසිය කියයි. එම කාන්තාවගේ වයස අවුරුදු 55 ක් පමණ වන බවට සැක කෙරේ. 30 May 2017
නාය යෑම් අනතුරු ඇඟවීම තවත් දිගු කෙරේ රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක 7ට ලබා දී තිබූ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් තවත් පැය 24කින් දීර්ඝ කරන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 30 May 2017
ගංවතුරට හසුවූ නිවසට කිඹුලොත් බැල්ම හෙළති නිල්වලා ගඟ පිටාර ගැලීමත් සමග එහි සිටි කිඹුලන් විවිධ ප්‍රදේශවලට සැරිසැරිම නිසා නැවත තම නිවාස හා වාසස්ථාන පිරිසිදු කර ගැනිමේදි අවධානය යොමු කිරීම වැදගත් බව තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි. 30 May 2017
රත්නපුර ආධාර හිතවතුන්ට පමණයි රත්නපුර විපතට පත්වූවන්ට ආහාරපානාදිය ලබා දීම නිසි ආකාරව නොකරන බව අාපදාවට ලක්වූවෝ චෝදනා කරති. 30 May 2017
ආපදාවකදී අවතැන්වන්නන්ට වැඩි මුදලක් වෙන් කෙරේ ආපදාවකදී අවතැන් වන්නන් වෙනුවෙන් ආහාර ලබාදීමට වෙන් කරන මුදල් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. 30 May 2017
රාජ්‍ය ඇමැති ඩිලාන් වැටුප පරිත්‍යාග කරයි ගංවතුරෙන් හා නාය යෑමෙන් විපතට පත් ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා සිය ජුනි සම්පුර්ණ වැටුප පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත. 30 May 2017
විදේශීය මූල්‍යාධාර සියල්ලම නිවාස ඉදිකිරීමට ආපදා සහනාධාර ලෙස විදේශ රටවලින් ලැබෙන මූල්‍යාධාර සියල්ලම නිවාස අහිමි වූවන්ට නිවාස ඉදිකර දීම සඳහා යෙදවීමට කැබිනට් මණ්ඩලය අද තීරණය කළ බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. 30 May 2017
කැලණි ගඟ නිම්නයේ ඉහළට වැස්ස වැඩිවෙයි අද උදෑසන 6.30න් අවසන් වූ පැය 21 කාලයේදී කැලණි ගඟ නිම්නයේ ඉහළ කොටසේ පිහිටි දැරණියගලට මිලිමීටර 65.5 ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 30 May 2017
ඇමැතිවරුන්ට වාහන ගෙන්වීම වහාම නවත්වයි දැනට පවතින ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන කැබිනට් ඇමැතිවරුන්ට හා සෙසු ඇමැතිවරුන්ට ආනයනය කිරිමට සුදානම් කර තිබු සියලුම වාහන ගෙන්වීම නවතා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. 30 May 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026