බේරේ වැව දෙපස පැල්පත් ඉවත් කිරීම නොවැම්බර් මුල සිට ගාලූමුවදොර සිට ඩී. ආර්. විජයවර්ධන මාවත තෙක් ඇති සියලූ පැල්පත් කඩා ඉවත් කිරීම නොවැම්බර් 7 වැනිදා ආරම්භ කරන බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය. 25 October 2017
දුම්රියේ ගැටී සිසුවා මියයයි වවුනියාව අවුසදපිටිය ප්‍රදේශයේදී කොළඹ සිට යාපනය බලා ධාවනයවූ සීඝ්‍රගාමි දුම්රියේ ගැටීමෙන් පාසල් සිසුවකු (17) අද (25) මියගොස් ඇතැයි ඊරට්ටපෙරියකුලම පොලිසිය පවසයි. 25 October 2017
දිවුලපිටි සිද්ධියේ තවත් අයෙක් රිමාන්ඩ් දිවුලපිටිය හේන්පිට ගෙදර දී විශේෂ කාර්ය බළකායේ වෙඩි ප්‍රහාරයට ලක්ව පළා ගොස් පසුව රෝහල් ගත කළ සැකකරුව අද (25) ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් පත්මා අමරතුංග මහත්මිය රෝහලට ගොස් පරික්ෂා කිරිමෙන් පසු තුවාල ලබා සිටින සැකකරු ලබන මස 7 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයට පත් කිරිමට නියෝග කළාය. 25 October 2017
නව නාවික හමුදාපති එස් රණසිංහ නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් එස්.එස් රණසිංහ මහතා පත් කරනු ලැබ ඇත. 25 October 2017
රංජන් රාමනායකට නොවැම්බර් 21දා යළි ශ්‍රේෂ්ඨාධිකරණයට එන්න කියයි අධිකරණයට අපහාස කරමින් කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද(25) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටියේය. 25 October 2017
බස් නැවතුමෙන් ටි56 පතොරොම් මතු වෙයි නෝටන්බි්රජ් ජම්බුගස්තැන්න ගැඩුව හන්දිය බස් නැවතුම්පොළේ තිබි ටි56 ජිව පතොරොම් හතක් සොයා ගත් බව නෝටන්බි්රජ් පොලිසිය පවසයි. 25 October 2017
විමල් වීරවංශ රෝහලේ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබ සිටින බව පක්ෂ ආරංචි පවසයි. 25 October 2017
පුංචි ඡන්දය ජනවාරියේ : පක්ෂ නායක තීරණයක් පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට පක්ෂ නායකයින් තීරණය කර ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ ඊයේ (24) සවස පැවැති පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. 25 October 2017
ගුටි ඇනගත් ගුරුවරුන් ගත් මඟම ගිය ආණමඩුවේ දරුවෝ ආණමඩුවේ පාසලක ගුරුවරුන් දෙදෙනෙකු පාසල තුළදි ඇතිවු ප්‍රශ්නයක් මුල් කරගනිමින් අද (24) දහවල් ගැටුමක් ඇති කර ගෙන ඇත. 24 October 2017
යාපනයේ බිලි පූජා තහනම් යාපනය ඇතැම් කෝවිල් තුළ ආගමික උත්සව අතරතුර සිදුකෙරෙන සත්ව බිලි පූජා නොපවත්වන ලෙස යාපනය මහාධිකරණ විනිසුරු මාණික්වාසගර් ඉලන්චේලියන් මහතා අද (24) තහනම් නියෝගයක් නිකුත් කළේය. 24 October 2017
ඇමැතිටත් හොරෙන් මාධ්‍ය ලේකම් මාධ්‍ය හමුවක් කැඳවලා සමාජ සවිබලගැන්වීම් සහ සුභසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතාගේ මාධ්‍ය හමුවක් සඳහා සහභාගීවීමට අද (24) පස්වරුවේ එම අමාත්‍යාංශයට ගිය මාධ්‍යවේදීන්ට පැය එකහමාරක කාලයක් එහි රස්තියාදුවීමට සිදුවූ අතර නියමිත වේලාවට වඩා බොහෝ ප්‍රමාද වී ආරම්භ වූ මාධ්‍ය හමුව ද විනාඩි 5කට සීමා විය. 24 October 2017
මාස 20ට ගිනි අවි 1164ක් අල්ලයි රට පුරා ඇති නීති විරෝධි ගිනි අවි අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය සිදුකළ මෙහෙයුම් වලදී මාස 20ක් ඇතුළත ගිනි අවිය 1164 ක් සහ උණ්ඩ 3548 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 24 October 2017
මාලක සිල්වා විදෙස් තහනම කඩකර ඇත්දැයි සොයයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක මනෝජ් සිල්වා මහතා අධිකරණයෙන් පනවා ඇති විදෙස් ගමන් තහනම් නියෝගය කඩකරමින් විදෙස් ගත වී අධිකරණයට අපහාස කර ඇත්දැයි සොයා බලා වහාම වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දමින්ද රාමණායක වැලිගොඩපිටිය මහතා අද (24) කොළඹ අපරාධ කොට්ඨාශය වෙත නියෝග කළේය. 24 October 2017
උඩුවේ හිමිට එරෙහි නඩුව කල් යයි උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩුවේ සාක්ෂිකරු වන රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා අධිකරණයට නොපැමිණීම හේතුවෙන් නඩු විභාගය ලබන නොවැම්බර් 27 වැනිදා තෙක් කල්තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද (24) තීරණය කළේය. 24 October 2017
අල්ලස් ගත් ග්‍රාම සේවක රිමාන්ඩ් ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් කිරීමට අල්ලස් ගත් බව කියන බම්බලපිටිය ග්‍රාම නිලධරයා සහ අල්ලස් ලබාගැනීමට සහාය වූ පුද්ගලයා ලබන 7වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද(24) නියෝග කළේය. 24 October 2017
පළාත් සභා මන්ත්‍රී ඇතුළු පිරිස රිමාන්ඩ් ගිනි අවි ආඥා පනත යටතේ පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී රන්දීර් ආසිරි රුද්‍රිගෝ ඇතුළු හත් දෙනා ලබන අට වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් සිලනි චතුරංගි මහත්මිය නියෝග කළාය. 24 October 2017
පොස්පේට් සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිගේ සේවය අත්හිටුවයි ලංකා රාජ්‍ය පෝස්පේට් සමාගමේ එප්පාවල වැඩ බිමෙහි පිහිටි ඇඔරුම් යන්ත්‍රයක් සදහා ගියර් පද්ධති ද්විත්වයක් විදේශයකින් ආනයනය කිරීමේදි නියමිත ක්‍රමවේදය අනුගමනය නොකරමින් ඊට එරෙහිව යමින් රුපියල් ලක්ෂ 18ක මුදලක් වැය කිරීමේ චෝදනාවක් සමිබන්ධයෙන් ලංකා රාජ්‍ය පොස්පේට් සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි යූ. එස්. ජී. පී. සූරියආරචිචි මහතාගේ සේවය අත් හිටුවා තිබේ. 24 October 2017
දුම්වැටි ළඟ තබා ගත් දෙදෙනෙක්ට දඩ තීරුබදු නොගෙවා මෙරටට විදේශීය දුම්වැටි 4300ක් රැගෙනවිත් සන්තකයේ තබා ගත් ඉන්දීය ජාතිකයකු ඇතුළු දෙදෙනෙකුට එක් අයකුට රුපියල් 20,000 බැගින් දඩයක් මිනුවන්ගොඩ දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ෆිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද (24) නියෝග කළාය. 24 October 2017
යාලට එන වාහන සීමා කෙරේ යාල ජාතික වනෝද්‍යානයට පැමිණෙන සංචාරක රථ වාහන සංඛ්‍යාව දිනකට 450 දක්වා සීමා කිරීමට තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය පියවර ගෙන තිබේ. 24 October 2017
වයස් සීමාව නොසලකන්නැයි විරෝධතා දකුණු පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් බදවා ගැනීමේ දී වයස අවුරුදු 35 සීමාව නොසලකා හරින ලෙස ඉල්ලා දකුණු පළාතේ රැකියා විරහිත උපාධිධාරිහු පිරිසක් අද (24) දකුණු පළාත් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුහ. 24 October 2017
විදේශ රැකියා අමාත්‍යාංශ ලිපි ශීර්ෂ යොදාගෙන කිරිපිටි වංචාවක් විදේශ රැකියා අමාත්‍යංශයේ ලිපි ශීර්ෂ යොදා ගනිමින් ප්‍රසිද්ධ කිරිපිටි සමාගමකින් රුපියල් 13,77,750 ක් වටිනා කිරිපිටි පැකට් 3500 ක් වංචා කිරීමේ සිද්ධියක් පිළිබඳ එම අමාත්‍යංශය අභ්‍යන්තර පරික්ෂණයක් අරඹා ඇත. 24 October 2017
ව්‍යවස්ථාව ගැන වාද කිරීම නවතන්නයි බෙල්ලන්විල හිමියෝ කියති දැනට මේ ව්‍යවස්ථාව පිළිබඳ වාද විවාද සිදු කරන එක නවතා රටේ අනෙකුත් සංවර්ධන ක්‍රියාවලිවලට මුල්තැන දී කටයුතු කරන ලෙසට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ පවසති. 24 October 2017
‘අද රටේ නායකයෝ ගොඩයි‘ - ඥානසාර හිමි ලංකාව ලොකයේ බල පුළුවන්කාරයන්ගේ පහසු ගොදුරක් බවට මේ වන විට පත්ව තිබෙන බවත් ඒ උවදුරින් රට බේරා ගැනිම සඳහා මහා සංඝරත්නය හා විද්වතුන් ගන්නා තින්දු තිරණ සමග එක්ව රට බේරා ගැනිමේ අරගලයට ඉදිරියේ තමන් වහන්සේලා එක්වන බවත් බොදුබල සේනා ජාතික සංවිධානයේ මහා ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පැවසුහ. 24 October 2017
බස් රියෙන් මරුවා එයි මීගොඩ - දාම්පේ හොරගල මාර්ගයේ දඹුගොල්ලවත්ත පාර අසලදී යතුරුපැදියක් ලංගම බස් රථයකට ඉස්සර කිරීමට ගොස් එක්වරම තිරිංග තද කිරීමේදී ලිස්සා ගොස් මාර්ග හරහා වැටීමෙන් අද (24) සිදු වූ අනතුරින් තුවාල ලැබූ පුද්ගලයෙක් හෝමාගම මූලික රෝහලට රැගෙන යන අතරතුර දී මිය ගොස් ඇතැයි මීපේ පොලිසිය පවසයි. 24 October 2017
‘ඉදිරි අයවැයේදී ජනතාව මත පටවන බදු අඩුකරනවා‘ - ආශු මාරසිංහ 2018 වර්ෂය සඳහා රජය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන ඉදිරි අයවැයේ දී මහජනතාව මත බදු පැටවීම අඩු කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රජයේ මුදල් කාරක සභාවේ සාමාජික මහාචාර්ය ආශුබෝධ මාරසිංහ මහතා පැවසීය. 24 October 2017
අලුත් ව්‍යවස්ථාව ගැන නීතීඥ සංගමයෙන් ප්‍රශ්න පත්‍රයක් ආණුඩුක්රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට යන වගන්තීන් වලින් ‘ඒකීය රාජ්‍ය‘ ව්‍යුහය ‘පෙඩරල්‘ ව්‍යුහයක් දක්වා පරිවර්ථනයකට ලක් වන්නේදැයි සැක කරන ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන්නැයි ඉල්ලමින් රජයට ප්‍රශ්නාවලියක් යොමු කොට ඇත. 23 October 2017
ග්‍රාම නිලධාරියෙක් ඇමැති දුමින්දට බැනලා ’’තමුසේ කවුද මට උපදෙස් දෙන්න, තමුසේ කෘෂිකර්ම ඇමතිනේ’’ යනුවෙන් තමාට ග්‍රාම නිලධාරියකු බැණ වැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය. 23 October 2017
ශ්‍රී ලංකාව තව බොහෝ දේ කළ යුතුයි - එ.ජා නියෝජිත ශ්‍රී ලංකාව දිගින් දිගටම සංක්‍රාන්ති යුක්තියේ ප්රතිලාභ අහිමි කරගනිමින් සිටින බව සත්‍ය, යුක්තිය, හානිපූරණය සහ නැවත ඇති නොවීම සහතික කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ද ග්‍රෙයිෆ් අද (23) පැවැසීය. 23 October 2017
දැරිය අස් කිරීම ගැන මානව හිමිකම් විමර්ශනයක් උදේ ආහාරය නොගෙන පාසලට ආ දැරියක වමනය කළ පසු ගැබ් ගෙන ඇතැයි කියමින් පාසලෙන් නෙරපූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබේ. 23 October 2017
හෙක්ටර් බෙත්මගේට එරෙහි නඩුව කල් යයි නිල ගිනිඅවියෙන් වෙඩි තබා පුද්ගලයෙකුට තුවාල සිදුකළ බවට බස්නාහිර පළාත් සභාවේ සභානායක හෙක්ටර් ඛෙත්මගේ මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන වසරේ ජනවාරි 22 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද (23) නියම කළේය. 23 October 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026