(ඩයනා උදයංගනී)
පොලිස්පතිවරයාගේ හැසිරීම් හා ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉඩ ඇති බව සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
පොලිස්පතිවරයාගේ ඇතැම් ක්‍රියාකලාපයන් ගැන තමන්ද එකඟ නොවන බව ඇමතිවරයා සඳහන් කළේය.
ඔහු පොලිස්පතිවරයා වීමට පෙර මේ ආකාරයෙන් හැසිරුණු අයෙකු නොවන බව ද ඇමතිවරයා කීවේය.
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
පොලිස්පතිවරයා ඇතැම් උත්සවවල හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදියා අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට කලින් නරකද හැමෝම තමන්ගේ ගෙදර ඇත්තන්ගේ හැසිරීම ගැන සැලකිලිමත් වුනොත්. සමහර පුතාලා රටවැසියන්ට විනෝද සමය විහිලු වැඩසටහන ඉදිරිපත් කරනවා.
රාජිත මහත්තයා, විමල් වීරවංශගේ ආණ්ඩුවත් එක්ක නටන නැටුම්.. ගැන කතා කෙරුවා නම් ... හොඳයි කියලා අපිට හිතුණා..
හැසිරීම හරියට පොලිටීෂියන් කෙනෙක්ගේ වගේ... දවසක් දළදා මාලිගාවට ඇවිල්ලා හිටියා අපිටම ලැජ්ජයි මේ අපේ IGP කියලා කියන්න
ඔක්කොටම ඉස්සෙල්ලා තමන්ට විරුද්ධව තිබෙන දූෂණ වංචා චෝදනා නඩු 15ට මුහුණදීලා ඉන්නකෝ... සමහර විට මේ ආණ්ඩුව තිබෙන කම් ඔබ කට්ටි පැනපැන ඉඳීවි... නමුත් වෙන ආණ්ඩුවක් ආවොත්... ඔබට සිදුවෙනවා. ඒ නව රජයත් සමග එකඟතාවයකට එන්න එහෙම නැතිනම් කූඩුවට යන්න...
රාජිතලා, විමල්ලා නටන නැටුම් ගැන කතාබහ කරමු නේද?
මෑතකදී සිට පොලිස්පතිවරයාගේ හැසිරීම නම් ටිකක් විතර අමුතුයි තමයි.
ඔය ටික කරගන්න තමයි භාවනා කළේ..
ඇමෙරිකානු ජනාධිපති කැමැත්තෙන්ම තමන්ගේ මානසික මට්ටම පරීක්ෂාකර එහි ප්‍රතිඵල ප්‍රසිද්ධ කළා. එසේ කිරීම අගෞරවයට කාරණයක් නොවේ. දැන් ලංකාවේත් එවැනි දෙයක් කරනවා නම් ඉතා කාලෝචිතයි. මට මතක විදිහට ගාල්ල පැත්තේ දේශපාලනයට සම්බනධ කෙනෙක් එවැන්නක් කළා. මෙය විය යුතු දෙයක්. මහජනතාව වෙනුවෙන් වගකීම් දරණ ඉහළ මට්ටමේ රජයේ නිලධාරීන්, ඉහළම මට්ටමේ දේශපාලඥයින්, පොදු ප්‍රවාහන රියැදුරන් වැන්නන් වසරකට වරක්වත් මේ ආකාරයේ පරීක්ෂණයකට අනිවාර්යයෙන් භාජනය කිරීමට නීති ගෙන ආයුතුයි...
ඔයගොල්ලෝ දන්නේ නැද්ද මම මේ දවස් වල "කකුළුවන්ට හරහට යන්න " පුහුණු පන්ති පවත්වනවා.
අම්මට හුඩු.... මෙයත් කට ඇරියා.