(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජූලිගේ)
ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා පළාත් සභා ලිපි ශීර්ෂ යොදා ගනිමින් පෙර පාසල් සිසුන්ට බෑග් ලබාදීම සඳහා රාජ්‍ය බැංකුවලින් ලබාගත් රුපියල් ලක්ෂ 35ක මුදලක් තම ගිණුමකට බැර කර ගෙන ඇති සිදුවීමක් පිළිබඳව අද (19) පාර්ලිමේන්තුවේදී අනාවරණය කෙරිණි.
බදුල්ල දිස්ත්‍රික් (එ.ජා.ප) මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඒ සම්බන්ධව ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පළාත් පාලන, පළාත් සභා සහ ක්‍රීඩා රාජ්‍ය ඇමැති ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය එම කරුණු හෙළි කළාය.
විගණකාධිපතිවරයා විසින් කරන ලද විමර්ශනයකදී හෙළි වූ තොරතුරු පිළිබඳව සඳහන් කළ රාජ්‍ය ඇමැතිවරිය පැවසුවේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දිසානායක මහතා අමාත්‍යංශ ලිපි ශිර්ෂවලට සිය අත්සන යොදා ගෙන මෙම කාර්යයෙහි නිරතවී ඇති බවයි.
පෙර පාසල්වල සිසුන්ට පාසල් බෑග් ලබාදීම සඳහා ආධාර වශයෙන් මහජන බැංකුවෙන් සහ ලංකා බැංකුවෙන් රුපියල් ලක්ෂ 35ක මුදලක් ලබාගෙන ඇති බව කී රාජ්‍ය අමාත්‍යවරිය එම මුදල් කිසිවක් ප්‍රධාන අමාත්‍යාංශ ගිණුමට බැර කර නොමැති බව ද කීවාය.
එම මුදල් චාමර සම්පත් දසනායක පදනම නැමැති අරමුදලකට ගිණුම් ගත කර ඇති බවත් එය නිල නොවන ගිණුමක් බව විගණන විමර්ශනයේ දී අනාවරණය වී ඇති බව ද කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බනින්න එපා,... ගහන්න එපා පෙර පාසල් දරුවෙක්නේ..
අධ්‍යාපනයේ වටිනාකම දන්නා කෙනෙක්ද?
වඩේ ෆැක්ටරියක් අරින්න වෙන්න ඇති. හෙන්චයියලාට රස්සාවල් එහෙමත් දෙන්න පුළුවන්නේ..
මේකට රාජ්‍ය බැංකු දෙකේ ඉහළ නිලධාරින්ගෙත් සම්බන්ධයක් තියෙනවා. එහෙම නැත්නම් කොහොමද පෞද්ගලික ගිණුමකට මුදල් නිකුත් කරන්නේ? චාමර සම්පත් කියන්නේ ජනාධිපතිවරයාගේ හුරතලෙක් නිසා මෙයාට මුකුත්වෙන්නේ නැහැ. නමුත් මේකට වග කිවයුතු රාජ්‍ය බැංකුවල නිලධාරින්ට එරෙහිව වහාම පියවර ගත යුතුයි.
රජයේ ආයතනයකින් චෙක්පත් නිකුත් කරද්දි එහි ආදායකයාගේ ගිණුමට පමණයි හා ගනුදෙනු කළ නොහැක යන රේඛනයන් යොදලා නිකුත් කරන්නේ. එතකොට මේ චෙක්පත් ලියලා තියෙන්නේ කාගේ නමටද කියා සොයා බැලිය යුතුයි. මොකද පදනමේ නමට ලිව්වේ නැත්නම් ඒ ගිණුමට දාන්න බැහැ.
ජේවීපී මේ සම්බන්දව කතා නැත්තේ මොකද දන්නේ නැහැ