(ලහිරු හර්ෂණ )
ජනබලය රැලියේදී ලබා දුන් කිරි පැකට් විස වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීම සඳහා එම කිරි පැකට් නිෂ්පාදනය කළ ආයතනයට මන්ත්‍රීවරු පිරිසක් පැමිණ සිටිති.
කිරි නිෂ්පාදන ආයතනයේ සභාපති සමඟ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ඒ සම්බන්ධව සාකච්ඡා කළ අතර එහිදී අනාවරණය වු තොරතුරු මත එදින එම කිරි අලෙවි කළ ස්ථාන සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කරන ලෙසද ඔවුහු ඉල්ලීමක් කළහ.
සිය නිෂ්පාදන ආයතනයෙන් ඉතා හොද තත්ත්වයේ කිරි පැකට් වෙළෙඳ පොළට නිකුත් කළ බවත් මෙම සිදු වීමෙන් පසු කළ පරීක්ෂණවලදී අදාල කිරි පැකට් සිදුරුවී තිබු බවට ඔවුන්ට සාධක ලැබී ඇති බවත් ඒ පිළිබඳව වෙනම පරීක්ෂණයක් සිදු කරන බවත් සභාපතිවරයා මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.
මේ සම්බන්ධයෙන් එම කිරි නිෂ්පාදන ආයතනය කිසිදු පොලීසියකට මේ වන විට පැමිණිල්ලක් කර නැත. සිද්ධිය සම්බන්ධයෙන් ඔවුහු වැඩිදුර පරීක්ෂණ අරඹා තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 12 දෙනෙකු මේ සඳහා එම ආයතනයට පැමිණ සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටද මේ විහිලු කතා කියන්නේ කිරි පැකට් හිල් කරලා තිබුනා නම් එතනින් දියර එලියට ආ යුතියිනේ නො එසේනම් හිල් කල ස්ථානය සීල් කලයුතුයි ඒ ගැන පරීක්ෂන කිරීමට එකම සුදුස්සා රසපරීක්ෂක මිසක් සමාගම නෙවේයි. තාමත් මිනිසුන් ඇන්දවීමට උත්සාහ කරන්නේ ඇයි.
හුළං යන්න බැරිවෙන ආකාරයට සීල් කරපු මල්ලක් හිල් කරපුවාම පිම්බෙනවා කියලා ඇහුවාමයි. "කොළඹ වටලලා ආණ්ඩුව පෙරලලා මිසක් ගෙදර යන්නේ නැහැ" කියල පාරම් බාපු මේ ගොල්ලෝ වැඩේ වැරදුණාම දැන් කිරි පැකට්ටුවක් අල්ලගෙන වෙච්ච නව නින්දාව වහගන්න දඟලනවා. මේ ගෙන්නාගත් සේනාව තමන්ගේ සර්වකාලීන ජනාධිපතිවරයා ලෙස සලකන හිටපු ජනාධිපති දැන් පාර්ලිමේන්තු මන්ත්‍රී "ඉන්දියාවට ගිහිල්ලා අගමැති හමුවෙලා සේරම නෝක්කාඩු සමථයකට පත් කරගත්තා. දැන් ඉන්දියාවත් පිළිගන්නේ ඊළඟ ජනාධිපති එයා කියලයි "කිව්වත් එහිදී සිදුවුනේ " ඡායාරූප සඳහා පෙනී සිටීමේ අරමුණු ඇතුව විනාඩි දෙක තුනක මිත්‍රශීලී මුණගැහීමක් පමණක් බවත් කිසිදු සාකච්ඡාවක් ඇති නොවූ බවත් "වාර්තාවෙද්දී ඉන්දියානු මාධ්‍ය සමඟ කෙරුණු සාකච්ඡා පෙරදැරි කරගෙන මහා සැණකෙලියක් ලංකාවේ ප්‍රචාරය කෙරුණි. මෝදී අගමැතිවූවාට පසුව මහින්දට බලයේ සිටිය හැකිවූයේ මස 6ක් පමණකි. වර්තමාන අතිජාත මිත්‍රයා සුබ්‍රමනියම් ස්වාමි මහින්දට වැඩේ දුන්නේ ලෝකයම බලා සිටියදීය. තමා පරාජය වූයේ ‘රෝ’ සංවිධානය නිසා බව කිව්වේ මහින්දමයි. අපි නෙවේ. ආපසු පැමිණි මහින්ද දමා ගැසූ වචන වලින් සල්ලන් වූයේ මෝදිමය.
මේ ගොල්ලෝ ජීවිතේට කිරි පැකට් බීලා නැතුව ඇති... නැත්නම් කව්ද හිල්වුණු කිරි පැකට් බොන්නේ?
බල්ලෙක්ටවත් කන්න බැරි රටකජු කන්න පුලුවන්නම්..., හිල් වුණු කිරි පැකට්ටුව බිව්වම මොකද? පොඩි ළමයින්ට අගුණයි නේද?
ෆේස් බුක් එකේ තිබුණා මෙහෙම "ඉන්ජෙක්ෂන් කටුවක් ගැහුවා නම් කොහොමද බං කිරි පැකට් එක ඉදිමුනේ" ? කියලා