හර්ෂණ තුෂාර සිල්වා
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබෙන රුපියල අද (19) මෙතෙක් වාර්තා කළ පහළම අගය වාර්තා කළේය.
මේ අනුව ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයට ගෙවන රුපියල් ප්‍රමාණය 167 සීමාව ඉක්මවා ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (19) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකවලට අනුව රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල 167.41ක් ලෙසත් ගැනුම් මිල 163.87ක් ලෙසත් සටහන්ව තිබිණි.
මහ බැංකුවේ දෛනික අනුපාත අනුව මේ සතිය ආරම්භයේදී එක්සත් ජනපද ඩොලයකට ගෙවන රුපියල් ප්‍රමාණය 165.14ක් විය. මේ අනුව ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අද (19) වනවිට රුපියල් 2.27කින් දුර්වල වී තිබිණි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට සැප්තැම්බර් 14 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 6.1කින් අවප්‍රමාණය වී තිබේ.
බලපත්‍ර ලාභී වාණිජ බැංකු නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව බැංකු කිහිපයකම රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල 169 ඉක්මවා තිබිණි.
රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල එච්.එස්.බී.සී. බැංකුවේ 170 ඉක්මවා තිබූ අතර කොමර්ෂල් බැංකුවේ සහ මහජන බැංකුවේ පිළිවෙළින් 169.50ක් හා 169.04ක් ලෙස සටහන්ව තිබිණි.
එන්.එස්.බී, එන්.ඩී.බී සහ සම්පත් යන බැංකු ති‍්‍රත්වයේම රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල 168 ඉක්මවා තිබූ අතර ලංකා බැංකුවේ පමණක් 167.95ක් ලෙස දැක්විණි.
මේ වසර ආරම්භ වන විට එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය 155.23ක් විය.
මෙරට දේශපාලනයේ තිබෙන අස්ථාවරත්වයට අමතරව විශේෂයෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ අභ්‍යන්තර ප්‍රතිපත්ති තීරණ, ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර තිබෙන වෙළඳ යුද්ධය, තුර්කි මහ බැංකුව පොළී අනුපාත ඉහළ දැමීමට ගන්නා ලද තීරණය ආදී ගෝලීය සාධක රැසක් රුපියල මේ ආකාරයෙන් අවප්‍රමාණය වීමට හේතු වී තිබේ.
දේශීය වාණිජ බැංකු වුවමනාව ඉක්වමින් එක්සත් ජනපද ඩොලර් එක්රැස් කිරීම නිසා පසුගිය දිනවල රුපියලේ අගය අනවශ්‍ය පරිදි අඩු වැඩි වූ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකේ බලපෑම අර ලක්ෂ 62 විතරක් දැනෙන්න විධිහක් නැද්ද? ඊයෙත් අගමැති කියනවා අනිත් අයගෙත් අඩු වෙලා නිසා අපිටත් එහෙම වුනාට කමක් නෑලු.
මේක රුපියලට පමණක් වෙච්ච දෙයක් නෙවි , ඇමෙරිකානු ඩොලරය ශක්තිමත් වීම තුල ලෝකයේ අනෙක් සියලුම මුදල් ඒකක වලට සිදු වූ දෙයකි.
කෝ මේ ලක්ෂ 62. සතුට සමරනවද? ඔබට ගොඩක් සතුටුයි නේද දැන්.. අපිට නම් ඔබ ගැනත් ඔබට වැඩියෙන් බදු ගෙවන්න වෙන එක ගැනත් කියාගන්න බැරි සතුටක් තියෙන්නෙ. වැඩියෙන්ම සතුටු ඔබගේ ආණ්ඩුව ඔබට හොඳටම සලකනව දකිද්දී තමයි.
පසුගිය ආණ්ඩුවයි. මේ ආණ්ඩුවයි කෙරුවේ බැංකු මංකොල්ල කාපු එකයි. දැන් වෙනත් රටවලට බනිනවා. සල්ලි හොරා කනවා. ඊටපසු අලුතෙන් අච්චු ගහනවා. රටක් නොවැටී තියෙයිද? ඇමරිකාවේ ඩොලර් අලුත් නෝට්ටුවක් ගහපු දවසක් මතකද? මේ රටේ ප්‍රශ්නවලට උත්තර තියෙන්නේ ජනතාව ලඟයි. අපිට රට බාර දීලා යන්න.
මේ ප්‍රවෘත්තිය පුවත්පත්වල දිනය ලඟින්ම පලකරන්න සූදානම් කරගත්තොත් අංක වෙනස්කර හැමදාම පලකරන්න පුළුවනි.
මෙයට කිසිම ගොලීය සාධකයක් බලපාලා නැහැ. එහෙනම් අපේම සාක් කලාපයේ තිබෙන මාලදිවයින් රුපියල, බංග්ලාදේශ ටකා සහ පාකිස්තාන් රුපියල.. මේවත් අවප්‍රමාණ වෙන්න ඕනෙනේ. ආණ්ඩුව කියන්නෙම බොරු... දැන් හැම මනුස්සයෙක්ගේම අතේ ස්මාර්ට් දුරකථන තියෙනවා. ඉන්ටර්නෙට් තියෙනවා. ගූගල් කරන්සි කන්වර්ටර් එකට ගියානම් පහුගිය මාසේ ඇතුළත හැම රටකම මුදල් එ්කක වල අගයේ වෙනස්කම් බලන්න පුළුවන්. මේක ආණ්ඩුවේ නොහැකියාව. තව ටිකක් අපේ වත්කම් ටිකක් අනූනම අවුරුද්දකට බදු දුන්නා නම් රුපියල දෙසීයත් පන්නයි ඉක්මණින්ම...
බණ්ඩා නමටම ගැලපෙනවා. අද බලන්න කැනඩා ඩොලර් එක කීයද කියලා. ලංකා රුපියල... කැනඩාව, සිංගප්පූරුව, ඕස්ට්‍රේලියාව... මේ හැම ඩොලර් එකටම සාපේක්ෂව වැටිලා. ඉන්ටර්නෙට් එකෙන් බලන්න
බණ්ඩෝ, ඒ රටවල් වලත් ඩොලර් එකට සාපේක්ෂව ඒ රටේ මුදල් 200ට කිට්ටු වෙන්න පහළ ගිහිල්ලද? දන්නේ නැති නිසයි ඇහුවේ... බණ්ඩා කොළඹ ගියා කිව්වට රටද දන්නේ නැහැනේ ගියේ...
රුපියල හොදටම වැටිලා. අපි ඉන්නේ රට අපිටනම් හොදයි ලංකාවට ආවහම ඩොලර් එකට රුපියල් ගොඩක් ලැබෙනවා. ලංකාවේ රුපියල ඇමෙරිකාවේ ඩොලර් එකට විතරක් නෙමෙයි හැම දියුණු රටකම මුදල් වලට සාපේක්ෂව කඩා වැටිලා. රට බංකොලොත් වුනාම ඔය දේශපාලකයෝ ටික ලෝකේ දියුණු රටවල් වලට යයි.