විනීතා එම් ගමගේ
හම්බන්තොටට ජලය සැපයෙන ව්‍යාපෘතියක් වන ගිං නිල්වලා ව්‍යාපෘතිය ගාල්ලටත් ජලය ලබාදෙන ව්‍යාපෘතියක් බවට පත් වන පරිදි සංශෝධනය කිරීමට කටයුතු යොදමින් සිටින බව ආපදා කළමනාකරණ ඇමැති දුමින්ද දිසානායක මහතා පැවසීය.
මේ සම්බන්ධව අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවට කිහිපයක් පැවැත්වූ බවත් එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ව්‍යාපෘතිය සංශෝධනය කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවක් ඉදිරියේ දී ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා කීය.
2009 වසරේ ආරම්භ වූ එම ව්‍යාපෘතිය පිළිබඳව පසුගිය කාලයේ දේශපාලන වේදිකාවේ කථා බහට ලක්වූ බවත් 2015 ජනවාරි මාසයේ ඡන්දය තියෙද්දී ජනවාරි 7 වැනිදා කොහොමද මේ ව්‍යාපෘතියට බිලියන 4ක් නිකුත් කළේ කියන ප්රශ්නය යහපාලන පාර්ශවයෙන් ප්‍රශ්න කළ බවත් හෙතෙම කියා සිටියේය.
එෆ් සී අයි ඩී එකෙන් ජනාධිපති විමර්ශන කොමිසමෙන් පවා මේ ගැන ප්‍රශ්න කලේ යැයි කී ඒ මහතා දැන් දැන් යළිත් වරක් තම අමාත්‍යංශ්‍යට මෙම විෂය භාර වී ඇති බවත් සඳහන් කළේය.
ව්‍යාපෘතිය පිළිබඳ ගාල්ලේ දේශපාලඥයෝ විරුද්ධ වූ බවත් ගාල්ලේ වතුර ටික හම්බන්තොටට දෙන්නට බැරි බව ඔවුන් පැවසීමෙන් පසු මෙසේ යළි මෙම ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡා ඇරඹූ බවත් දිසානායක මහතා සඳහන් කළේය.
ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ අද (19) පැවැති මාධ්‍ය හමුවක් ඇමතූ දුමින්ද දිසානායක අමාත්‍යවරයා මෙසේ ද කීය.
‘‘මේ නිසා අපි අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් ආරම්භ කළා. කොහොමද මේක කි‍්‍රයාත්මක කරන්නේ කියා අපි සාකච්ඡා කළා. මේක අත්‍යවශ්‍ය ව්‍යාපෘතියක් ලෙස තීරණයළා. මේ අනුව අපි මේ දැනට ඇති යෝජනාව නැවත වතාවක් සංශෝධනය කරන්න. එහි දී ගාල්ලේ ජලාශ දෙකක් ඉදිකර එකක ජලය හම්බන්තොටට ගෙන යන්න අපි තීරණය කලා.
මම හිතන්නේ මේ ගැන තව දුරටත් සැක තිබෙනවා නම් පරික්ෂණ පවත්වන එක හොඳයි. අමාත්‍යංශයක් ලෙස අපි කැමතියි මේ ගැන පරික්ෂණයක් කරනවා නම්. කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ගාල්ලටත් ජලය ලැබෙන පරිදි ව්‍යාපෘති යෝජනාව සංශෝධනය කරනවා පමණයි. තවම සතයක් වත් නිකුත් කළේ නැහැ. 2015 ජනවාරි 7 ලබා දී ඇති මුදල පමණයි.’’
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාල්ලට වැව් මොකටද? ගාල්ලේ තියෙන්නේ ගංවතුර ප්‍රශ්නේ..
ගාල්ලටත් වතුර, සාක්කුවටත් සල්ලි... බොරුද මන් කියන්නේ?
ජනාධිපතිතුමා පහුගිය දවස්වල කිව්වේ මේ ව්‍යාපෘතියේ පරක්කුව ගැන නේද? කැබිනට් පත්‍රිකා දාන්න පරක්කු හේතුවත් කිව්වද මන්දා?
චීනයේ කවුද පගාවක් ඉල්ලුවා කියලා ලොක්කට පැමිණිලි කලේ මේ ව්‍යාපෘතියේ කටයුතුවලට නේද? ගිං ගඟ මුහුදට වැටෙන්නෙත් ගාල්ලෙන්නේ... වතුර ඕනේතරම් තියනවනේ... අනේ මන්ද? හම්බන්තොටට නම් වතුර නැහැ.
ඕක කොහොමද කෙරෙන්නේ? චීනා කියනවනේ දකුණු පළාතේ ඇමති කාක්කෝ මහා හෙන කොමිස් කුට්ටියක් ඉල්ලනවා කියල? අම්මපා බඩවල් කපන්න එපායැ!