මවත්, දියණියත් නිවෙස තුළම අබිරහස් ලෙස මියගිහින් මහියංගණ පොලිස් වසමට අයත් කෙසෙල්පොත ඉකිරිගොඩ ප්‍රදේශයේ නිවසක් තුළ මවක් හා ඇගේ දියණිය සැක කටයුතු ලෙස මිය ගොස් සිටියදී සොයා ගත් බව මහියංගන පොලීසිය පවසයි. 21 April 2018
පොදුරාජ්‍ය මණ්ඩලයේ නායකත්වය චාල්ස් කුමරුට බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගෙන් පසු පොදු රාජ්‍ය මණ්ඩලයේ මීළඟ නායකයා ලෙස මහ රැජිනගේ පුත් චාල්ස් කුමරු පත් කිරීමට එම මණ්ඩලයේ සාමාජික රටවල රාජ්‍ය නායකයන් එකඟත්වය පළ කර ඇතැයි බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කරයි. 20 April 2018
හොරණ කර්මාන්ත ශාලාව වහනවා - ඉසුර දේවප්‍රිය හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ පිහිටි රබර් සැකසුම් කර්මාන්ත ශාලාව වසා දැමීමට පියවර ගන්නා බව බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා පැවසීය. 20 April 2018
විභාග ක්‍රියාවලිය නවීකරණය කිරීමට යයි විභාග දෙපාර්තමේන්තුවේ විභාග ක්‍රියාවලිය නවීකරණය කිරිමටත් ඒ සඳහා නව තාක්ෂණ ක්‍රමවේද භාවිතා කිරිමටත් අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් දී තිබේ. 20 April 2018
රත්තරන් මත බද්දක් පැනවීම අනවශ්‍ය දෙයක් - රවී කරුණානායක ආනයනික රත්තරන් මත සියයට 15ක තීරුබද්දක් පැනවීම අනවශ්‍ය ක්‍රියාමාර්ගයක් බව පාර්ලිමේන්තු රවී කරුණානායක මහතා කොළඹදී අද (20) පැවැසීය. 20 April 2018
කෝටි දෙකක් වංචාකළ ගණකාධිකාරීවරියක අත්අඩංගුවට ගම්පහ සණස ප්‍රධාන කාර්යාලයේ ගණකාධිකාරීවරියක වශයෙන් සේවය කරමින් සිටිය දී රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි සැකකාරියක කෑගල්ලේදී අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය කියයි. 20 April 2018
ආගමන විගමන නීති කැඩු චීන ජාතිකයන් දෙදෙනෙකු රිමාන්ඩ් ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් මෙරට රැදී සිට උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමින් මෙරට බැංකු ගිණුමක රුපියල් කෝටි 96කට ආසන්න මුදලක් තැන්පත් කළැයි 20 April 2018
හොරණ කම්හලේ වැඩ නවත්වයි පස් දෙනකුට මරු කැඳවූ හොරණ කර්මාන්ත ශාලාවේ පරීක්ෂණ වැඩ අවසන් වන තුරු අත්හිටුවීමට නියෝග කළ බව මධ්‍යම පරිසර අධිකාරිය කියයි. 20 April 2018
මුදල් වංචා කළ කත සොයන්න පොලීසිය මහජන සහය ඉල්ලයි පෞද්ගලික බැංකු සේවිකාවක් වශයෙන් පෙනී සිටිමින් එම බැංකුවේ ස්ථාවර තැන්පතුවලට වැඩි මුදලක් ලබා දෙන බව පවසා රුපියල් කෝටි 2 1/2 ට අධික මුදලක් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මහජන සහය පතයි. 20 April 2018
පාතාලේ සාමාජිකයන් දෙදෙනකු එස්ටීඑෆ් දැලේ තොටලග ප්‍රදේශයේ සිටි ප්‍රබල පාතාල සාමාජියකු මෙන්ම මහාපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වු පූකුඩුකන්නා නැමැත්තාගේ ගෝලයින් දෙදෙනෙකු හෙරොයින්, අත්බෝම්බ,කඩු සමඟ ෆර්ගියුසන් පාරේ දී අද (20) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 20 April 2018
සංචාරක කලාපවල නව සංචාරක පොලිස් ස්ථාන පිහිටුවීමට පියවර දිවයිනේ පුරා පිහිටි සංචාරක කලාප වල නව සංචාරක පොලිස් ස්ථාන පිහිටුවීම සඳහා රුපියල් ලක්ෂ 300ක මුල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇතැයි නීතිය හා සාමය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා අද (20) පැවසීය. 20 April 2018
දුම්රියත් තැපෑලත් රජයෙන් ගලවන්න යෝජනා දුම්රිය දෙපාර්තමේන්තුව හා තැපැල් දෙපාර්තමේන්තුව, පාලක මණ්ඩල මගින් පාලනය වන ආයතන බවට පත් කළ යුතු යැයි රාජ්‍ය ආයතනවල වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා වන අමාත්‍ය කමිටුවට සහයවීම සඳහා පත්කළ නිලධාරි කමිටුව යෝජනා කර ඇත. 20 April 2018
සයිටම් වෙඩි තැබීම නාඩගමක් - පොලිසිය කියයි සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක ලෙස කටයුතු කළ සමීර සේනාරත්න මහතා ගමන් ගත් වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය ඊයේ රිමාන්ඩ් කරන ලද නාගරික මන්ත්‍රීවරයා යොදවා කළ රංගනයක් බවට විමර්ශනවලදී අනාවරණය වෙමින් ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. 20 April 2018
රැකියා නැති උපාධිධාරීන් බඳවා ගන්න හරි වැඩපිළිවෙළක් ඉල්ලයි රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමට රජය කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් උපාධිධාරී සංගමයේ ප්‍රධාන ලේකම් මනුල පෙරේරා මහතා පැවසීය. 20 April 2018
අර්ජුන් මහේන්ද්‍රන්ට ජාත්‍යන්තර පොලීසියෙන් රතු නිවේදනයක් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට අද (20) ජාත්‍යන්තර පොලීසිය රතු නිවේදන නිකුත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි. 20 April 2018
මිරිස්ස සිද්ධියේ පරීක්ෂණ වලට වින්දිතයන් ගෙන්වන්න රජයෙන් වියදම් මිරිස්ස ප්‍රදේශයේ හෝටලයකදී විදේශිකයින් කිහිපදෙනෙකුට හිරිහැර සිදුවූයේ යැයි කියන සිද්ධියට අදාළ නීතිමය කටයුතු සඳහා සිද්ධියට මුහුණ පෑ විදේශිකයින් යළි මෙරටට ගෙන්වීමට සියළු වියදම් රජයෙන් ගෙවීමට සුදානම් බව සංචාරක කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අද (20) පැවසීය. 20 April 2018
හොරණ සපත්තු කම්හලේ කළමනාකරු රිමාන්ඩ් හොරණ බැල්ලපිටිය සපත්තු කර්මාන්තශාලාවේ භූගත අපවිත්‍ර ජල ටැංකියට වැටී පුද්ගලයන් පස් දෙනෙකු මියයාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි කළමනාකරු අප්‍රේල් 25 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට හොරණ වැඩබලන මහේස්ත්‍රාත් කාන්ති කන්නංගර මහත්මිය අද (20) නියෝග කළාය. 20 April 2018
ගෘහ සේවිකාවන් රට යවද්දී හාම්පුතුන්ගේ පවුලේ සෞඛ්‍යය ගැනත් විමසිලිමත් වෙයි මැදපෙරදිග රටවලට ගෘහ සේවිකාවන් යැවීමේ දී සේවා ස්ථානය හා හාම්පුතුන් පිළිබඳ ලබාගන්නා තොරතුරු වලදී ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ගේ ශාරිරික හා මානසික සෞඛ්‍යය පිළිබඳ තොරතුරු ද ලබා ගැනිමට ඉදිරියේ දී කටයුතු කරන බව විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවැසීය. මේ සම්බන්ධව විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සමඟ සාකච්ඡා කර වැඩ පිළිවෙලක් සකසන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය. 20 April 2018
මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය ඉදිකරන්න සැලසුම් අවසන් යුද සමයේ මියගිය කොටි සාමාජිකයින් ඇතුළු දෙමළ ජනතාව සිහිකිරීම සඳහා යාපනය විශ්ව විද්‍යාලය තුළ මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකයක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි බුද්ධි අංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. 20 April 2018
නව පාසල් වාරයට පෙර සියලු පාසල් හි ඩෙංගු මර්දන වැඩසටහන් නව පාසල් වාරය ආරම්භ වීමට පෙර දිවයිනේ සියලූ පාසල් වල ඩෙංගු මර්දන වැඩසටහන් ඇතුළු පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශය දිවයිනේ සියලූම පාසල් වලට දැනුම් දි තිබේ. 20 April 2018
අනියම් බිරියගේ වරලස කැපු කොස්තාපල් රිමාන්ඩ් තම අනියම් බිරිදට පහර දී ඇයගේ වරලස කපා දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයකුව අප්‍රේල් 24 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට හලාවත අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් රඛිත පී.අබේසිංහ මහතා ඊයේ (19) නියෝග කළේය. 20 April 2018
රාජ්‍ය වෙසක් දිනයට මුද්දරයක් රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් මුද්දර කාර්යාංශය විසින් නිර්මාණය කරන ලද මුද්දරයක් ලබන 29 වැනිදා(වෙසක් පෝදා) නිකුත් කෙරෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. 19 April 2018
එංගලන්ත වෛද්‍යවරයාට කරාපිටියේදී සැත්කම් කිරීමට අවසර වෛද්‍ය සභාවේ අනුමැතිය හිමිවිම නිසා එංගලන්ත ජාතික හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රිචඩ් පර්මින් මහතාට යලි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් කිරිමට අනුමැතිය ලබාදුන් බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පවසයි. 19 April 2018
මීටර් නීතිය පිළිපැදීමට සුදානම් නැතැයි ත්‍රීරෝද රථ සංගමය කියයි ත්‍රීරෝද රථ සඳහා හෙට (20) සිට ක්‍රියාත්මක මීටර් නීතිය දැඩි අසාධාරණ එකක් වන අතර එවැනි නීතියක් පිළිපැදීමට සුදානම් නැතැයි සමස්ත ලංකා ත්‍රීරෝද රථ ව්‍යවසායකයන්ගේ එකමුතු සංගමයේ සභාපති එම්.ජේ.දිසානායක මහතා පැවසීය. 19 April 2018
මිරිස්සේ සාදයට දේශපාලනඥයකුත් ඇවිත් වැලිගම මිරිස්ස ප්‍රදේශයේ දී නෙදර්ලන්ත තරුණියන් දෙදෙනෙකු අපයෝජනය කර බ්‍රිතාන්‍ය ජාතික තරුණයෙකුට පහරදීමේ සිද්ධිය සිදු වීමට පෙර පැවති සංචාරක හෝටලයේ සාදය සඳහා රජයේ ප්‍රබල දේශපාලනඥයකු සහභාගී වී තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි. 19 April 2018
ජනපතිට එරෙහිව ලන්ඩනයේ විරෝධතාවක් එල්ටීටීඊ හිතවාදීන් පිරිසක් පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන ලන්ඩනයේ ශාලාව ඉදිරිපිට එල්ටීටීඊ හිතවාදීන් පිරිසක් ජනාධිපතිවරයාට එරෙහිව විරෝධතාවක් පවත්වති. 19 April 2018
කියුබාවේ මුල් පුටුවට මිගුවෙල් දියාස් පත් කරන තීරණයක් රාවුල් කස්ත්‍රෝගෙන් පසු කියුබාවේ ජනපති ධුරය රාවුල්ගේ සමීපතම හිතවතා ලෙස කටයුතු කරන මිගුවෙල් දියාස් කැනෙල්ට පිරිනැමීමට කියුබානු පාර්ලිමේන්තුව අද තීරණය කළේයේ. 19 April 2018
සයිටම් විධායකගේ සිද්ධියට කඩුවෙල නාගරික මන්ත්‍රී රිමාන්ඩ් සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක සමීර සේනාරත්න මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලීසිය අත්අඩංගුවට ගත් කඩුවෙල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී ලක්මාල් විලත්ගමුව මහතා ලබන 24 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය. 19 April 2018
ස්විට්සර්ලන්තයේදී අනතුරකට ලකවූ 11ක් යළි දිවයිනට ස්විට්සර්ලන්තයේ අධීවේගී මාර්ගයකදී බස් රථයක් අනතුරකට ලක් වීමෙන් තුවාල ලැබූ ලාංකිකයින් 11දෙනෙකු යළි දිවයිනට පැමණීමට අද (19) එරටින් පිටත්ව ඇතැයි විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග කියා සිටී. 19 April 2018
කොළඹ ඉඩම් කාර්යාලයේ ලේඛන පුස් කාලා - වජිර අබේවර්ධන කොළඹ දිස්ත්‍රික්කයේ ඉතාමත් වටිනා ලේඛන තැන්පත් කර තිබෙන කොළඹ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ තත්ත්වය ඉතා කණගාටුදායක බවත්, මෙම කාර්යාලය හැකි ඉක්මණින් නවීකරණය කිරීමට කටයුතු කරන බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය. 19 April 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026